Skip to main content

Posts

Showing posts from 2018

La llorona මිත්‍යා පුරාවෘත්තය

La Llorona  කියන්නෙ මෙක්සිකානු  මිත්‍යා පුරාවෘත්තයකි.මෙක්සිකානු භාශාවෙන් La Llorona යන්න වැලපෙන කාන්තාව ලෙස අරුත් දෙන්නකි.මෙ මිත්‍යා පුරාවෘත්තයට මේසෙය මෙක්සිකෝවේ ඉතා දුෂ්කර ගමක මාරියා නම් රූමත් තරුණියක් වාසය කලා.ඇයගේ රූමත් බව කොතරම්ද කිවහොත් ඇය දුටු ඔනිම අයකු ඇය කෙරෙහි ආදරයෙන් බැදෙන්නට විය.අවට කිසිම ගමක ඇය තරම් රූමත් ස්ත්‍රීයක් නොවිය.නමුත් ඇය දුප්පත් පවුලකින් පැවත එන අහිංසක කාන්තාවක් විය.කාලය කෙමෙන් ගෙවි යද්දි එක්තරා දවසක් ධනවත් වංශවත් පවුලක තරුණයෙක් මාරියා විසු ගමට පැමිනියේය. එහිදි ඔහු මාරියාව දැක ඇයගේ සුන්දරත්වය ට ඇලුම් කරන්නට විය. මාරියාගෙ සිතහි මෙම වංශවත් තරුණයා කෙරෙහි ආදරයක් ඇති විය.ඉතින් මේ නිසාම වංශවත් තරුණයා තව දුරටත් නොපැකිලිව මාරියා හට තමා සමග විවාව විමට යෝජනාවක් ඉදිරිපත් කලා.මාරියාද ඉතා ඉක්මනින් එම යෝජනාව පිලිගත් අතර ඔහුන් විවාහ විය. නමුත් මාරියාගේ දුප්පත් දෙමාපියන් මේ විවාහය ගැන සැකයෙන් පසුවිය. වංශවත් තරුණයා ගේ පවුලද මේ විවාහය බලාපොරොත්තු නොවු විවාහයක් බැවින් කලකිරිමෙන් පසුවිය. කේසෙ නමුත් මාරියා හා වංශවත් තරුණයා විවාහ වි මාරියාගෙ ගම අසල නිවහනක් තනාගෙන සතුටින් වාසය
(1981 මැයි 31 රෑ යාපනය පුස්තකාලය ඔවුහු ගිනි තැබුහ.) කුහත්වය,ඉරිසියාව වෛරයෙන් පිරුණු ඔහුන් ගිනි තැබු දහස් ගණන් පොත් වල පිලිස්සු දහස් ගණන් පිටු අතරේ විලාප දුන් කතාන්දර හිනාහෙමින් මියැදුන කතාන්දර නිසොල්මන්ව බලාසිටි කතාන්දර අවසානයේ ලේ සොයමින් දුවද්දී ගින්නෙ පුත්‍රවරුන් කිවේ කුමක්ද පොත්වල සුවදා නොදන්නො පොත්වලට වෛර කරන්නො පොත් සමග අපේ උන් පෙම් බැදිම නොරිසි වු නුගත් පාලකයින් සිනාසෙමින් ,  ගිනි තැබිය යුතු බව තහවුරු කරද්දි අපේම මෝඩයින් සාද දමද්දි කවර නම් රටක්ද මේ පොත් ගිනි තැබු නිර්මලයින් ඉන් පසු මනුසත්වය ගිනි තබමින් ඇවිද යද්දි හිනාවුන උන් වෙමු අපි හිනැහෙමින් සිටින්නෙමු අපි තව ගිනිගැනිම් නරඹමින් Rio Sagaarox

ගොත් උපසංස්කෘතිය පිලිබදව හැදින්විමක්

ගොත් යනු උමතුව,මරණය,රාත්‍රියෙ අන්ධකාරය,යක්ශයින්, සුර දුතයන් ආදි දෙවල් වලින් සැදුණු මධ්‍යතන යුගයෙ ගොතික් සම්ප්‍රදය ඉදිරියට ගෙන ගිය අපුරු වු උප සංකෘතියක් ලෙස නම් කල හැකිය.නමුත් ගොත් උපසංකෘතිය  ඇති වි දශක තුනක් පමන පසුව වර්තමානයෙ ලොකයෙ ගොත් තරුණ කණ්ඩායම් පෙර මෙන් සුලභ නැත.එසෙ විමට  හෙතුව විලාසිතවක් ලෙස පමණක් ගොත් කරණයට ලක් වු පිරිස් තරුණ විය ඉක්මවු පසුව ගොත් විලාසිතාවෙන් ඉවත් විමයි. රොක් සංගිතය  හා මත්ද්‍රව්‍ය,''හිපි'' සහ ඊට පසු ආ ''පන්ක්'' තරමට නොවුවද ගොත් දිවියට බැදි පවති.බාහිර පෙනුම සුවිශෙස වුයෙ අදුරු සහ මරණය නිරුපනය වෙන වර්ණ වලින් ඔහුන්ගෙ පෙනුම සකසා ගැනිමට භාවිත විමයි.කලු හො ඊට අනුයුක්ත වර්ණයෙන් සැරසි රිදි පැහැති ආයිත්තම් පලදින මොහුන් බොහොවිට මුහුණෙ විවිධ තැන් සිදුරු කර ලෝහමය ආභරණ එල්ලිම සිදු කරයි.සාමාන්‍ය ගොත් විලාසිතා ලෙස කලු හො සුදු පැහැ හිස කෙස්,කලු හො රතු පැහැ තොල් ,කලු හො රතු හො සුදු පැහැති ඇදුම් දැක්විය හැකිය.නමුත් එකි තත්වය සයිබර් ගොත් වැනි ගොත් ප්‍රභෙද වලට වලංගු නොවෙයි.මෙම විලාසිතා බොහොමයක් පන්ක්,වික්ටොරියන් ,එලිසබෙත් විලාසිතා වලින් ල

බාමියන් බුදු පිලිම විනාශ කිරිමට උදව් කරන්න වුන ඔහු කියන්න කතාව

2001 දී මොහොමඩ් ඔමාර් නම් තලේබාන් නායකයාගෙ අණ මත බාමියන් බුදු පිලිම විනාස කිරිමට සෙයිඩ් මිර්සා හොසෙයින්ට සිදු විය. වසර 15 පසු බිබිසි හමුවේ එම  අමිහිරි සිදු විම ඔහු මෙසෙ පවසා ඇත. " මම කවදාවත් හිතුවෙ නෑ ඔවුන්ට ඒක  විනාශ කරන්න ඕනිවෙයි  කියලා. බාමියන් බුදු පිලිම තුනක් තිබුනා.මෙහෙ මිනිසුන්ට එය ගොඩාක් වටිනවා ..සංචාරකයන් මෙහෙ එන්නෙ ඒක බලන්න. බාමියන් පිළිම අපේ අභිමානවත් සම්පතක්. මම සාමාන්‍ය ගොවියෙක් වෙලා හිටියෙ. මම ජිවත්වෙලා හිටියෙ මෙහෙ තියෙන්න ලෙන් වල.  බාමියන්ව  අල්ලගන්න ඔහුන් එන්නවා කියලා ආරංචියක් ආවා.ඔවුන් ඇවිත් මාව හිරකාරයෙක් කරගත්තා. ඔවුන්ට තවත්  සියයක් විතර හිරකාරයො හිටියා. ඔවුන් කරපු පලමු දේ බර අවි වලින් බුදුන් ඉදිරිපිට ප්‍රහාර එල්ල කිරීමයි. ඔවුන් උත්සාහ කරා යුධ ටැංකි සහ රොකට් වලින්. නමුත් ඔවුන්ට එය විනාශ  කරන්න බැරි වුනා. ඉන්පසුව ඔවුන් පුපුරණ ද්‍රව්‍ය අරගෙන ආවා. අපි පුපුරණ ද්‍රව්‍ය ඉවත්කරගෙන ,පිලිම වලට සවි කරන්න අරගෙන ගියා. අපිට පුලුවන් කමක් තිබුන් නෑ කියන්න අපි බුදුන් පුපුරවන්නෙ නෑ කියලා. එහෙම කලා නම් ඔවුන් අපිව මරා දානවා. තලේබාන් සටන්කාමීන් තුවක්කු එක්ක හිටගෙන ලෑස්ති වෙ

ආදරණිය ගෝර්කි සහොදරයාට ,

අද වැනි දිනක  රුසියාවෙ වොල්ගා ගග අසල ඇති නිෂ්නි නොව්ගොරොද්  ප්‍රදේශය උපන් ඇලෙක්සි මැක්සිමොවිච් පෙෂ්කොව් හෙවත් මැක්සිම් ගෝර්කි වෙත, ආදරණිය ගෝර්කි, වොල්ගා ගග තාම නුබෙ ගැන කතා කියනවා ඒත් එවා අහන් ඉන්න උන් අද නෑ..ඔව් අද නෑ අනිකාට ගරුකරන ,අනිකා ගැන හිතන මිනිස් සමාජ වෙනුවෙන් නුබ ගොඩාක් දේවල් නුබේ ලස්සන අකුරෙන් ලිව්ව දේවල්...මැකිලා ගිහින්දෝ සැකයි මට. නුබ මතකයක් වේලා යන්න ගියා උතෝපියාවත් බිද වැටුනා... නුබ ලිව්ව...සිහින දැක්ක දේ වෙනුවෙන් තම අපේ උන් කොටසක් සටන් කරන්නවා ගෝර්කි සහොදරයා , නුබත් වන්දි පට්ටම ගන්න පාලකයන් ගැන ලිව්ව නම් අද උබ අමතක නෑ ලොකේ හැමොටම පීඩිතයන් වෙනුවෙන් උබ දැක්ක,පිලිගත්ත ,සත්‍ය නුබ ලිවා ඒ සත්‍ය ඇස් පනා පිට අදත් වෙන්නවා.. ගෝර්කි සහොදරයා නුබේ පොත් ,නුබ ගැන අපේ කාලේ උන් දන්නේ නෑ නමුත් නුබ අමරණිය කරපු අම්මාව අපි මැයි දිනයට  විකුණ විකුණ කන්නවා ... මට මතක් වුනේ නුබ වරක් කිව්වා මෙහෙම "...මිනිසා එකිනෙකාට ගරු කරන දවස එළඹෙයි..එදාට සෑම මිනිසෙකුම තරු මෙන් දිලිසෙන බව මම දනිමි..සිය නිදහස පෙරටු කොට,විවෘත හදවත් ඇතිව,කෝපයෙන් තොරව,පිරිසිදු හදවත් ඇතිව
ප්ලේටො ගේ ලෙන් උපමාව ගුහාවක නැතහොත් ලෙනක් උපමා කරමින් සත්‍යය අවබොදය ගැන විස්තර කිරිමට ප්ලේටො යොදගත් එක් උපමාවක් ලෙස ලෙන් උපමාවා හැදින්විය හැක. ඒ උපමාවට අනුව දිලිදු පිරිසක් ගුහාවක සිරගත කරනු ලැබුවන්ට සමාන වෙති.මේ සිරකරුවන් බිත්තියට මුහුනලා දම්වැල් වලින්,යදම් වලින් බැද ඇත.එම නිස ඔහුන්ට දැකින්නට ලැබෙන්නේ ගුහාවෙ එක් පැත්තක් පමනි.තමන් හො තමන් සමග සිටින අන් අයවද දැකිමට නොහැකිය.ඔහුන්ට පෙන්නෙන එකම දෙය වන්නෙ බිත්තිය වැටෙන්න සෙවනැල්ල පමනි.ඔහුන් පිටුපසින් ගින්නකි.ඔහුන් සහ බිත්තිය අතර කිසිවක් නොමැත.එම නිස පෙනෙන්නේ ගින්නෙ ආලොකය නිසා බිත්තියට වැටෙන ඔහුන්ගේම හා ඔහුන්ට පිටුපසින් ඇති දෑ වල සෙවනැල්ලක් පමනි.සෙවනැලි ඇත්ත/තථ්‍ය වු දෙයක් ලෙස ඔහුන් එම නිසා සලකයි.එවාට හෙතු වු වස්තුන් පිලිබද්ව ඔහුන්ට හැගිමක් නැත. එනම් සෙවනැලි ඇති වු ගින්න පිලිබදව ඔහුනට කිසිදු හැගිමක් නැත. මෙම සිරකරුවන් අතරින් එක් සිරකරුවෙක් දම්වැල් වලින් මිදි ගුහාවෙන් එලියටපැමිනෙන අතර එහිදි ඔහු ඇත්ත දකියි.එසෙම තම මෙතෙක් කාලයක් රැවටි සිටි බව අවබොද කරගනි. ඔහු අන් අය ගැන සිත අයෙක් නම්, ආරක්ශකයෙක් විමට සුදුසු අයෙක් නම්,එවැනි දාර්ශනික

හුදකලා සිතුවිලි

කදූලු කැට ගලා හැලෙයි ජිවිතය කාලය නම් මෘදු වූ රළු වූ පෝලෝ තලය මත වේගයෙන් දුවයි ඉද හිද හමනා සුලං දෙනෙත් වසා දමයි සුසුමන් දෙතොල් ස්පර්ශ කර හැගුමන් චිත්‍රරූපණය කරවි කදුලූ කැට ගලා හැලෙයි දෙනෙත් පියන් විවර වී ඈත අහසේ සැරිසරවි ඒත් පුංචි සිත අපුරු දේ කියමින් අපුරු දේ සිතමින් මා හා සිනාසෙවි කාලය හරහා දිව ගිය ජිවිතයට ආපසු හැරි තනි වුන මතකයන් තුල නැවත රැගුම් පාන්නෙ කෙලෙසදැයි සිතමින්,ඒ බොලද හිත තාම හින දකිනවා ඒ තුලම මැරි මැරි උපදිනවා
දැකලා තියෙන්වද පුලුන් වාගේ වාලාකුලු, ඔව් ලස්සනට නිල් අහසේ හැම තැනම විසිරුනු සුදු පාට පුලුන් වාගේ  වලාකුලු කාලයක් මම ඒ සුදු පාට පුලුන් වාගේ  වලාකුලු අල්ලන හින දැක්කා .. හරිම ආසවෙන්.....හැමදාම ඉතින් මට වලාකුලු අල්ලන පුලුවන් උනා ගැව්න්න නොගැවෙන්න අල්ලන ඔන්න මෙන්න තිබ්බේ මම වැටුනා... මට ගොඩක් දුක හිතුනා...ඇස් රතුවෙන්න කන් කඩුලු වෙලෙන්න දුන්නා දැන් මම අඩන්නෙ නෑ... මගේ ඇතුලේ ඉන්න මගේ විරයා මන් හොයාගත්තා මමම... ඉතින් මම අයේ වලාකුලු අල්ලන්න එපාද මම අයේ වැටෙවි කියලා නිකන් ඉන්න්ද විරයා තම මට එක කියකන් ඉන්නවද

මම දුටුවා දිව්‍යලෝකය, මම දුටුවා අපාය,

අහසේ වලාකුලු අතරින් සෙව්වෙමි .... දිව්‍යලෝකයක් මහ පොලවේ ගැඹුරුම තැනින් සෙව්වෙමි අපායක් ජිවිත කලේම හෙව්වා ,හමුනොවිය... නමුත් අවසනයේ...ඔව් අන්තිම අන්තිම මොහොතේ මගේ ඇස් පියවෙන්න මොහොතකට පෙර මම දුටුවා දිව්‍යලෝකය.................... මම දුටුවා අපාය........................ දෙවියන් වහන්සේ හරි ...ශාස්තුවරුන් හරි ... මම මරණය සිපගෙන ,විනිවිද ගොස් දිව්‍යලෝකයට ,අපායට යාවි ආපසු .......මා ... කියලා මට විශ්වසය  ඇති වුනා .. මොකද මම මෙච්චර කල් හෙව්වට මට අමතක වුනා .. හොයන්න මහ පොලව මත ඔව් මම දැන් දන්නවා අපායෙ දොරටුව,දිව්‍යලෝකයේ දොරටුව තියෙන්නෙ , මහ පොලව ගැබුරෙ නෙවේයි ...එයට උඩින් කියලා අහසේ වලාකුලු වලට පහලින් කියලා ඇස් අරින්න විතරයි ඔනි...එක දකින්න,විදින්න..

මගේ හිතාදර පොදු වස්තුවට ලියමි,

මාගේ හිතාදර  පොදු වස්තුව වෙත ලියමි..... සිහින් දෙතොලින් නුබ කරනා කොලම් ඉග සොලවා නලවමින් ඔබ යනන අයුරු ... ඇසි පිය නොසලා අපි බලා සිටින්නෙමු ... සමහරු නුබ ගැන සිහින මැව්වා මට මතකයි....නුබ ගැන කවි කියවුනා... සිතුවම් නුබෙ නමින්,රුපයෙන් ඇදුනා .. ප්‍රියදරි අද නුබ ... පොදු භාණ්ඩයකි ..අසිමිත ආසවන්.. අසිමිත සැපමකින්  නුබ සපයනවා.. නුබ දන්නවද දන්නෙ නෑ සැපයුම් වැඩි උනාම ඉල්ලුම අඩු වෙන්නව... නුබ දන්නවද දන්නෙ නෑ නුබෙ සියුමලි නිරුවත වසා ඇති සිනිදු සළු ඇත් වෙන්න තුරු සදාචරය ගැන කියන ගොඩක් උන් බලා ඉන්න වග .. නුබ දන්නවද දන්නෙ නෑ නුබ උන් එක්ක ඇති ලෙන්ගතුකම මැජික් කරන ඉන්න වග .. හ්ම්ම් ඔව් නුබට  ඉන්නවා කියන ගොඩක් උන් නුබ දන්නවද දන්නෙ නෑ නුබට සැබවට ආදරේ නොවන වග ... නුබ දන්නවද දන්නෙ නෑ කපුටන් වගේ නුබ  ගැන උන් සොයනවා ... බය වෙන්න එපා .. කපුටන් නුබෙ වටිනාකම රන් කාසි වලින් වෙන්දෙසි කරන්න අහවී ..අහවි සිනාසෙන්න නුබ..ඔව් නුබටම....සමාජයටම ... හිරු දැක පලා යන ඩැකියුලා ...සේ වෙස් මුනුනු  උන්ගෙ ගැලවෙදි සිනාසෙන්න තව හයියෙන්ම .. සදාචරය නම් කැඩපතින් ඔහුන්ට පෙන්වන්න නුබව කාසි වලට ගන්න

ඇගේ පැතුම

දේවදුතයාගේ, සුභරං‍‍චි‍ය සමගින්......... ‍ඇයගෙ දෙවයෙ.... වේදනවන්  හා විදවිම දෑරිමට සිදුවන බව දෑන ‍දැනත්... ‍ඇගේ කුසින් බිහි වු ..... දෙවියන්ගේ පුත්‍රයා ‍ඇගේ සාදාධරණිය පුත්‍රයා .... නිවස අත‍හැර යන බව දැන ‍දැනත්..... ඔහු පසු පසින් යන මිනිසුන් ඔහුව ප්‍රතික්ශේප කරන අයුරු.................. ඔහුව පාවාදෙන ඔවුගේ මිතුරන්............ ‍ඇය කදූලු අතරින් නොව හදවතින්ම‍ දැක‍ දැකත් ‍ඇය කිවේ ඔබේ පෑතුම ඉටුවේවී....

මහල්ලා සහ ආදරය

අවසනයෙ මගෙ ආදරය ඇවිදින් මගෙ පාලු දවස් අවසානයි නැවත ජිවිතෙ සිහිනයකට ප්‍රිය කරයි ඔව් නැවතත් ඇරඹුමක් ඇවිදින් අහස නිල් පාටයි හැමදාම වාගෙ වලාකුලු බාර වෙලා රටා මවයි දෑස් ඉදිරිපිට මගේ හදවත් එය දකින්නවා රැයෙදි ඈ නිරතුරුව ඒ රටා තුලින් මැවෙන්නවා නතර වුණ සිහිනය ජිවිතෙ පුරා මා හා කතා කලත් හමුවුන සිනා නිතරම මා හට සිනාසුනත් අමතක කරන්න බැරි තරම් පාලුවක් දී සද අහ්සට අද තවත් නොඇවිදින් ඉතින් මා නැවතත් සද නොදකිමි නෙත් අන්දකාරයෙන් වැසි යන නිසා අවසානයේ වලාකුලු මැව් රටාවන් මැකි ගිය නිසා

සමනලයාට මෙන් දලඹුවාට ආදරය කිරිම

ඔබ සමනලයකු විමට ආස නම් සමනලයාට පෙර දලබුවාටද ආදරය කල යුතුය මක් නිසද යත්, සමනලයාගෙ ආරම්බය දලඹුවාය... කමකට නැති ආරියාදු කම්,දගකාරකම් ,නපුරුකම් නැති දලඹුවෙක් වැඩක් නෑ වාගේම, දගකාරකම් ,ආරියාදුකම්,නපුරුකම් පිරුනු,ඇති සමනලයකුත් වැඩක් නෑ මොකද සමනලයාගේ ආරම්බය දලඹුවා වුනාට, සම්නලයා ගොඩාක් වෙනස් නිසාත්, දලඹුවාගෙ අවාසනය සමනලයා නිසාත්ය...
කපටි සුලගෙන් .. දැල් වුන දැල්ලක් සතුටින් නටවි... ඉටි පන්දමක් අඩමින් දුක කියාවි.. නොතෙරේන්න.... හිමින් කදුලු සලාවි.. රකුසු වෙසින් අදුරත් ලන්වෙවි .... ඉටි පන්දම ඉකි බිද අවසනයි.. . වියකි ගිහින් ......................................... ඈගෙ සේයා  පමනක්  මෙසේ  උඩ  තනිකම් කරවි කපටි හුලග එක වරම මොඩ ගිනි දැල්ල ගිලගනිවි.. කිසිවක් නොතෙරේන කලියෙන් කපටි හුලගයි,රකුසු  අදුරයි ......... පස්සෙ උබල දෙන්නා මතක් කරල්ලා ........... හයියෙන් හිනා වුනලු............. මොඩකමටයි, සියුමැලි කමට,උබලාගෙ ..... හයියක් නැති කමයි ගැන හිතල මහා හයියෙන් හිනා වුනාලු ......................

ෆැසිස්ට්වාදි ආර්ථික විද්‍යාව

ෆැසිස්ට්වාදි  කිවාම අපිට මතක් වෙන්නෙ කවුද? ඇඩොල්ෆ් හිටලර් සහ බෙනිටො මුසොලනි අමතක වෙවි කියල හිතන අමාරුයි.. ඉතින් මෙ කියන්න යන්නෙ ඒ දෙන්නා ගැන නම් නෙවෙයි.. අහලා තියෙන්නවද ෆැසිස්ටවාදි අර්ත ක්‍රමය ගැන.. මෙ අන්න එකෙ ගැන පොඩිම පොඩි විස්තර ටිකක.. සරලව.. ෆැසිස්ටවාදි ආර්ථික විද්‍යාව කියල කියනෙ සරලව ෆැසිස්ට්වාදි රජයක් විසින් ක්‍රියාත්මක කරන ලද ආර්ථික ප්‍රතිපත්ති වලට..ඉතින් මෙ ෆැසිස්ට්වාදි කියන සන්කල්පය ලොකේට එන්නෙ 20 සියවසය ආරම්භයේදි.. යුරොපයෙ ඇතැම් ප්‍රදේශවල සහ සමහර අයට අනුව ලතින් ඇමරිකාවෙ පැවති දැඩි දේශාභිමානි හැසිරිම සහ ජාතිවදි,ආධිපත්‍ය හදුන්වන්න තමා මෙ ෆැසිස්ට්වාදය කියන සන්කලපය බිහි වෙන්නෙ.. ඉතින් මෙකි ෆැසිස්ට්වාදයට පිලිගත්ත වු නිශ්චිතම නිර්වචනය නෑ.. ඒ වගෙම ෆැසිස්ට්වාදය වර්තමානයෙ ප්‍රශන්සාත්මක පදයක් ලෙස දේශපාලන විද්වතුන් භාවිතා කරනෙ නෑ.. මම හිතනෙ මෙ ෆැසිස්ට්වාදයා කරපින්නගෙන හිටලර් කරපු විනාශය නිසා වෙන්න ඇති.. ඉතින් මෙකි ෆැසිස්ට්වාදි චින්තනයේ දි ආර්ථීක ගැටලු පිලිබදව කලාතුරකින් සලකනු ලබන්නෙ..ඒ කියනෙ ලොකුවට එව හිතන්නෙ නෑ.. ඊට අමතරව එමගින් ෆැසිස්ටවාදය ආර්ථීක විද්‍යාවෙ ඔනෑම අධ්‍යනයකට ස

හිපි සංස්කෘතිය - 2

හිපි  සන්කෘතිය - 02 ඉතින් මෙ හිපි සන්කෘතියෙ දියුනුවට,ව්‍යප්තියට ඔහුන්ගෙ ලක්ශනත් බලපෑවා..ගොඩාක් තරුන තරුණියන්  මෙ හිපි සන්කෘතියට ඇදිලා එන්න එම සන්කෘතියට අයත් වු ප්‍රධාන  විකල්ප ජිවන රටාවක් ගොඩනගා ගැනිම හෙතු උනා. ඒය සුවිශෙෂි අංගයන්ගෙන් සම්න්විත වු අතර  සන්කෘතික විවිධත්වයක් ඒ තුලින් මතු විය.,ඇදුම්පැලදුම් ,සන්ගිතය මගින් එය ලොකයට කියා පෑමට ඔහුන් මාද්‍යක් කරගත්තෙය. ඒය වචනයෙන් නොව ක්‍රියාවෙන් ඔප්පු කරපෙනු වු දෙයක් විය . ස්වාභාව ධර්මයට වැඩි නැඹුරුවක් පෙනුවු මොහුන් බොහොවිට නිර්මාන්ශි ජිවිතය ගත කරන ලදි.ප්‍රතිචක්‍රියරණය කල හැකි ද්‍රව්‍ය (කඩදාසි,ජලය,සුර්ය තාපයා )මගින් බලශක්තිය නිපදවිමට උත්සාහ කල අතර නිවාස බොහොවිට තනා තිබුනෙ වාහන වල ඇතුලු කොටස් තුලය..ඒ තුල විවිධ වර්ණ වලින් ආලේප කරන ලදි.. කුඩා කුස්සියක්,නාන කාමරයක් හා නිදන කාමරයකින් මෙම නිවාස සමන්විත විය.තවද එම නිවාස තැනින් තැනට ගෙන යාමට හැකි වු අතරම ඔනෑම අයකුට ඇතුල් විමට සහ පිටවිම සදහ  නිදහසක් පැවතිය. ලින්ගික  භෙදයකින් තොරව ස්ත්‍රි සහ පුරුශ දේපාර්ශවයම විලාසිතවල නිරත විය.කොණ්ඩ සහ ඇදුම් විලාසිතා කලෙන් කාලෙට වෙන්ස්කම් සිදු වු නමුත් එම විලාසි

හිපි සන්කෘතිය - 1කොටස

හිපි සන්කෘතිය - 1කොටස හිපියො ගැන අහල තියෙන්නවද? නැති වෙන්න බෑ ... ඉතින් මෙ කියන යන්න හිපියො ගැන.. හිපි සන්කෘතිය කියල වෙනම එකක තියෙන්න්ව.. තමන්ටම ආවෙණික වු සමාජ හර පද්ධතියක් නිර්මානය කොටගත් උප සන්කෘතියක් කියල මෙ හිපි සන්කෘතියනම් කරන්න පුලුවන්...නවසීල න්තය,ජපනය,මෙක්ස ිකොව,බ්‍රසිලය,ක ැනඩාව ආදි රටවල් සහ සමහර යුරොපා රටවල්වල මෙ හිපි සන්කෘතිය තිබ්බත් මුලිකව ඇමරිකාවෙ තම මෙක වැඩි පුරම ප්‍රසිද්ධ වගෙම වැඩි පුරම මෙ ක්‍රමය මත පදනම් වු කණඩායම් දකින්න ලැබෙන්නෙත් ඇමරිකාවෙ.. ඉතින් 1960 වගෙ තම මෙ හිපි සන්කෘතිය බිහි වෙන්නෙ.. ඒ වගෙ එය මුල් කාලයේ සමාජ -සන්කෘතික ව්‍යපාරයක් ලෙස සලකන්නවා. මෙ හිපි සන්කෘතියට බොහො තරුණ පිරිස් තම එකතු වුනෙ.. විශ්ෂෙශයෙන් අවුරුදු 15-25 අතර බොහො පිරිස් මෙයට එකතු වුනා. එකට හෙතුව වුනෙ මෙ හිපි සන්කෘතිය තුල පවතින නිදහස,ස්වාධිනතා වය, වගෙ හෙතුන් තමා .. එ වගෙම ඔහුන් ඇමරිකානු මධ්‍යම පාන්තික පවුල් හැරදා පැමිනි පිරිස් විමද ,විශේශ කාරනයක් වෙනවා .. ඇමරිකාවෙ අනිකුත් සමාජ-සන්කෘතික ව්‍යාපාරවල දැකින්නට බැරි අපුරුව ලක්ශන බොහොමයක් මෙ ක්‍රමයෙ දක්නට ලැබෙන්නවා..පවති න සමාජ හරයන් ව

Serial Killers / අනුක්‍රමික ඝාතකයින්,දාම ඝාතකයින්

සිරියල් කිලර්ස් එහෙමත් නැතිනම් අනුක්‍රමික ඝාතකයින්,දාම ඝාතකයින් යනු සාමන්‍යයෙන් පුද්ගලයන් තිදෙනෙකු හො ඊට වැඩි ප්‍රමාණයක් ඝාතනය කරනු ලැබු පුද්ගලයන්ය.මොහු න්ගෙ මෙම ඝාතන තුලින් මොහුන් අසාමාන්‍ය මානසික වින්දයක ලබයි. මෙම ඝාතන මාසයකට වඩා වැඩි කාලයක් පුරා සිදුවන අතර එක් ඝාතනයකින් පසුව සැලකිය යුතු කාලයකින් පසුව ඊලග ඝාතනය සිදුවෙ. මෙම ඝාතකයින් පිලිබද විවිධ නිර්වචන වෙ.. ඒ අතරින් FBI ආයතනය පවසන පරිදි මිනිමැරුම් 02ක් ඊට වැඩි ඝාතන මාලවක් දාම ඝාතනයක් වන අතර මෙම ඝාතන වෙන් වෙන් සිදුවිම් ලෙස සාමන්‍යයෙන් නිරුපණය වන නමුත් බොහොවිට සිටින්නෙ එක තනි වැරදි කාරයකු වන අතරම මෙම ඝාතන අතර බොහොවිට පොදු රටාවක් නිරුපණය වන බවයි. මාන්සික වින්දනය මෙම ඝාතකයන්ගෙ මිනිමැරුම් වලට සාමන්‍යෙන් හෙතුවන නමුත් බොහො විට මෙම ඝාතන වලට ගොදුරු වු පුද්ගලයන් සමග ලින්ගික සම්බන්දතා පැවත් විමක්ද දකනට ලැබෙ. තවද මම ඝාතකයින්ගෙ චේතනා ලෙස කොපය,ත්‍රසජනක අත්දැකිම් ලැබිමෙ ආසාව,මුල්‍යමය වාසි,තමන් කෙරෙහි අවධානය යොමු කරගැනිම ආදි විවිද හේතුන් ඇතුලත් විය හැකි බව FBI ආයතනය පවසයි.මෙම ඝාතන අපරාද බොහො විට සමාන ආකරයන්ගෙ සිදුවන අතර එනම් මෙ

අපිත් හිට්ලර් කෙනෙක් ඔනා කියාවිද?

එද ජර්මනියෙ හිට්ලර්ට බලයට එන්න පාර සකසා දුන්නෙ එද ජර්මනිය තුල පැවත් අස්තාවරත්වයයි.. හිට්ලර් යනු මහජන මතවදය තිබු අයකු නොවෙයි..එද හිට්ලර් බලයට ආවෙ එරට අස්තාවර දේශපාලනය සහ අස්තාවර ආණ්ඩුව නිසාය. එද ජර්මනිය තුල පැවතුනෙ එකිනෙකා මරාගන්න,එකිනෙකා ට කුමන්තණය කරගන්න,එකිනෙකාට මඩ ගසා ගන්නා ,එකිනෙකාට චොදනා කරගන්න ආණ්ඩුවකි.එදා මෙකි ජර්මන් මැති ඇමතිවරුන්ගෙ මෙම හැසිරිම ජර්මන් මහජනයාට පිලිකුල් විය.ඔවුන්ට අවශ්‍ය වුයේ ස්තාවර ආණ්ඩුවක් සහ ශක්තිමත් නායකත්වයකි.පලමු ලොක යුද්දය නිසා එදා ජර්මනියෙ ආර්තිකය දැඩි ප්‍රශන වලට මුහුන දුන්නෙය. හමුදාව සිමාකිරිම වැනි ජාත්‍යන්තර බලපෑම්ද එල්ලවිය. පලමු ලොක යුද්දය පරාජය විමෙන් පසුව ජර්මනියව යුද්දය ජයගත් රටවල් විසින් ගිවිසුමකට යටත් කරගන්න ලදි. ඒයට අනුව ජර්මනිය යුද්දයෙන් ඒ ඒ රටවලට කල හානියට වන්දි ගෙවිය යුතුවිය. මෙය ජර්මනියේ ආර්තික ප්‍රශන උග්‍ර කිරිමට හේතුවිය. තවද එම ගිවිසුමෙ ප්‍රාකරව හමුදා බලයද සිමා කිරිමට ජර්මනියට සිදුවිය. හිට්ල‍ර්ගෙ සටන් පාධය වුයේ ''ජර්මනිය යටත් නොවිය යුතු බවත්..ජර්මනිය සිය හමුදාව සිමා නොකර හමුදා බලය වැඩි කරමින් එය ආරක්ශා කල යුතු

ස්පර්ශය , නුඹේ වේදනාකාරී ස්පර්ශය ...

ස්පර්ශය නුඹ කෙතරම් , වේදනාකාරී ද මා හට නොතෙරේවි තවත් ඒ ආදරය නුඹ මා සිපගත් නිසාද? ඇසිල්ලක මායාවෙන් දැවිගිය, වේදනාවෙ අනාන්තය සිපගත් .. ස්පර්ශය , නුඹෙ දරදඬු බව විදිමින්....... හිනැහෙන්නද තවත් ඒ ආදරය නුඹ මා සිතගත් නිසාද? ස්පර්ශය , නුඹේ වේදනාකාරී ස්පර්ශය ... එහි අවසානය කුමක්ද ... ඇස් තටු පියවෙමින් මලානික මගෙ සිත මගෙන් අසන්නවා හිමිහිට මට ඇසුනා නොදනිමි ...මම පිලිතුරක් තවම.. ස්පර්ශය , නුඹේ වේදනාකාරී ස්පර්ශය , මායාවෙන් තෙත් වු දෙනෙත්... මග බලා හිදිමින්...තවත් ඒ පිලිතුර සොයන්නවා... සොමාරි ජිවිතයෙන්......

උබෙ ෆයිලුත් උන් ලග නැතිනම්, කතා කරපන් දෙයියො..

වැහැපන් දෙයියො රට කාපු හොරුන්ට හෙණ අරං වරෙන් දෙයියො,, දුප්පත්කම වාසි කරන් උන්ව රවට්ටලා මුරුංගා වගෙ හුරාකමින් පච කෙලින්,ලියන උන්ට හෙණ අරන් වරෙන් දැන්වත් දෙයියො උබ ඉන්න තැනකින් වරෙන්... උබත් පාගාව අරගත්තෙ නැතිනම් වරෙන් මයෙ දෙයියො.. උබෙ ෆයිලුත් උන් ලග නැතිනම් කතා කරපන් දෙයියො.. රට උන් විනාස කරන්නව බලන් උන්ටම කඩෙ යන වන්දිපට්ටයන්ටත් , හෙණ අරන් වරෙන්...වරෙන්, දැන් බුදියගත්තා ඇති මයෙ දෙයියො උබෙ සාදරණයවත් අපිට දියන් දෙයියො , හෙණයක් අරන් වරෝ... මුන් ඔකොකොම කුදලාගෙන පලයන් උබෙ දාස කමට මයෙ දෙයියො හෙණ අරන් වරෙං අපිට දැන්වත් පරිනාමය වෙන්න දියන් දෙයියො මුං අරන්

අපි ඉතිහාසයේ ඒ කතාව, අමතක කරන්න,මකන්න ...අපි වගේ උන් ඉඩ දෙන්නෙ නෑ

සහොදරයා , වික්ටර් හාරා දන්න උන් උඹව දන්නෙ නෑ, උන් දන්නෙ නෑ උබත් ඒවගෙ කෙනෙක් කියලා, ස්පයිඩර් මෑන්,සුපර් මෑන් විරයන් වුන ලෝකයේ උබ විරයෙක් කියලා ගොඩාක් උන් දන්නෙ නෑ, අපේ පංතියේ උන් අපේ උන්ටම කෙලිනකොට, ඉහල උසස් පංතියේ කියන උබ මිනිසුන් වෙනුවෙන් පෙනි ඉන්නකොට, අසාධාරණය වෙනුවෙන් යුක්තිය හෙව්ව නුබ, කොන්ද කෙලින් තියාගෙන ඇත්ත කිව්ව නුබ, නුබ වගේ උන් ,...... අපිට ඔනි සහොදරයා ..අපිට ඔනි.. අපේ උන් තමා පාඩම් ඉගෙනගන්න නෑ, අපේ උන් හැමදාම රැවටෙන්නවා.. පුලුවන් නම්, ආය වරෙන්,මෙ රට හදන්න, ආය වරෙන්, අසාධාරණයට එරහිව කතා කරමු බැරි නම් කමක් නෑ,සහොදරයා උබ කරපු දේවල් ඇති, මෙ රටෙ උන් බොරු ලේබලයක් අලවන්න හැමදාම රැවටී රැවටී ඉන්න කියලා පැත්තකට වෙලා ඉමු... රටේ මිනිසුන්ට ඔනි එක නම්......... ඔව් අපි එක වෙන්න ඉඩදෙමු.. නමුත් සහොදරයා , ඉතිහාසයේ නුබ ගැන,නුබ කරපුවා ගැන අමතක කරන්න,මකන්න අපි වගේ උන් ඉඩ දෙන්නෙ නෑ...ඔව් ඉඩදෙන්න නෑ..... පාලකයන් නුබව මැරුව හැටි.. අපි උන්ට නැවත නැවත මතක් කරන්නව.. යුක්තිය සොයා ගිය නුබට හමුවුනේ මරණය.. නුබටවත්,නුබෙ මරණයටවත් යුක්තිය හම්බුන්නෙ නැති හැටි, අපි ඉතිහාස

රිචඩ් ද සොයිසාගෙ නිර්මාණ

දැල්වෙන වෛරයේ රළ මත මං පෙත් එක්වරම ඉලිප්පෙයි. ගිනි පුපුරු විසුරුවමින් දරුවා ගින්න තුළ සෙල්ලම් කරයි සුනු විසුනු කරමින් පැරණි මිතුදම් පියාඹන වීදුරු පතුරු. කැබැලිති වූ බැඳීම්වල ව්‍යාජ බව තහවුරු කෙරිණි. ගිනි රශ්මිය හමුවේ. මුරුගසං වැස්සට පසුව මඩ දියෙහි කෙලි දෙළෙන් පසුවන වීදි දරුවෝ ලෙයටත් වඩා උකු වෛරයේ ගංවතුරක් එක්වරම ගලා බස්නා විට කාකි නිල ඇඳුමේ, තුවක්කු බට සහ යකඩවල සජ්ජායනය අනුයමින් අහුමුළු වෙත ඇදී ගොදුරු අහුලති. උණුසුම් නිකිණි රැයේ ඉහළින් වණයක් මෙන් කකියන ඉදිමී සැරව ගලනා තාරකාවන්ය. ආදරය හුදු ඩාදියකි. සෙවණැලි තුළ රමණය විසින් උපදවන කාමාශාව වූ කලී වියරු ලිංගික බලාත්කාරයක් පිලිබඳ වසන ලද බෝතලයක කර අසල බුබුලුලන වසන ලද පටුමගක කෙළවර පොදිකන ආවේශයක් පමණි. බෝතල් කර පුපුරා එහි තියුණු කෙළවර දැයක දිවි සිදුරු කරයි. මාරක වදන් තෙප‍ළිණ. පැරණි සගයන් නිහඬ බව තුළ ගීලී පත්ලටම පසු බසී. මං සන්ධිවල නැවතුම් වැසි වැටෙනු පෙර කුහුඹුවන් විලස කෝපාවිෂ්ට පාදඩයන්ගෙන් ඉක්මණින්ම පිරී යනු ඇත. භීතියේ වෙළුන සුසුමන් වැරවෑයමින් ඝාතනය වෙත දක්කනු ලබයි. කොන්ක්‍රීට් වේදිකා මත නැගුන බූට් සපත්ත

මේ සමාජයේ සේලයින් එක,ඒ යුද්ධයයි....

අපි හැමොම පටන්ගන්නේ ලස්සන සුර දුතයෙක් වාගෙයි.. නමුත් එක වෙලාවක් එන්නව.. එක වෙලාවක් හැදෙන්නවා.. අපිට තොරගන්න, රණ සුරයෙක් වෙන්නවාද, ගොදුරක් වෙන්නවාද කියලා පැත්තක් තොරගන්න... මෙක යුද්ධයක්... සහොදරයා මෙක යුද්ධයක්.. අපි..උබ...මම එකතුවෙලා .. හදපු යුද්ධය ක්.. අපි ඔක්කොම එකෙ හිරවෙලා ඉන්නේ.. සහොදරයා ... මේ සමාජයේ සේලයින් එක ... ඒ යුද්ධයයි.... එක ඉවර වුනාම මොනවාද වෙවිද

ෆැන්ටසියට පෙම් බැදි ඔහුන්

මිනිස්සු අන්ධ වුන සමයක රතුපාට ඇදගත්ත.. සුදු වෙස්මුන දාගත්ත කලු මිනිස්සු හත් දෙනෙක් ඔව් හත් දෙනෙක් කලු,කැත අස්පයො උඩ නැගල හිනාවෙවි හයියෙන් ගියා යන ගමන් උන් අවටම ෆැන්ටසියේ නිරුවත සිතල හුලගට පෙරොවලා බිම දිගේ ඇද්දගෙන ගියා ෆැන්ටසිය විලාප දෙන්නකොට හයියෙන් උන් ගියා බිමට ඉඹලා මෙ උබෙලගෙ බිම බලපන් කිරි සුවද කිය කියා අනිකාට කිව අන්ධ මිනිස්සු බය වුන ඒ කෑගහිල්ලට උන් බය වුන උන්ගෙ පරම හැගුම් පිබිදෙන්නවට උන්ගෙ බිමෙ කිරි සුවද හිමිට ලේ සුවද දෙන්න පටන්ගත්තා උන් උන් මරාගත්තා තවත් හයියෙන් රතුපාට ඇදගත්ත.. සුදු වෙස්මුන දාගත්ත කලු මිනිස්සු හත් දෙනා අස්පයො එලවගෙන් ගියා අන්ධ මිනිස්සු මරාගන්න ගමන් ඉර දෙකට,තුනට බෙදුනා නෑ ඊට වඩා බෙදුනා,බෙදා ගත්ත උන්,බෙදුවා උන් අහස රතු වෙද්දි ඇස් අන්ධ උන්ට පෙනිම ලැබුනා මොන අපායක්ද උබලා කරේ? අපෙ ෆැන්ටසිය ඇයි උබල මිලේච්ච විදියට මැරුවෙ කියල අන්ධයො ඇව්වා රතුපාට ඇදගත්ත.. සුදු වෙස්මුන දාගත්ත කලු මිනිස්සු හත් දෙනා වෙස් ගැලවුනා.. උබල මෙච්චර දෙයක් වෙලත් පෙන්නෙ නැද්ද? එකවරම ඇසුවා අසරුවො හත් දෙනා නෑ මොකුත් වෙලා නෑ.. හිතක් පපුවක් නෑති උබලා වගෙ අපි නෑ

ආදරණිය,සියලුම අන්තවාදීන් වෙත

ආදරණිය,සියලුම අන්තවාදීන් වෙත, සිංහල ,මුස්ලිම් ,දෙමල ,කතෝලික සියලුම අන්තවාදීන් වෙත ලියමි.අපි සියල්ලම එකම පවුලක්ය.. සිංහල ,මුස්ලිම් ,දෙමල ,කතෝලික අපි සියල්ලොම ශ්‍රිලාංකිකයාන්ය..අපි හැමොගෙම උපන් භුමිය මේ රටයි..අපි හැමොම අපේ උපන් භුමියට ආදරෙයි..ඒක පපුවට ගහලා,අපි අරුන් මුන් කියල කෑගහල,කුනුහර්ප කියල,අනිකාට ලේබල් අලවලා ... අපිට වර්ගකරන්න ,හොයගන්න ,මනින බෑ...රටක් ඉදිරියට යා හැක්කෙ සියලුම දෙනා එක් වීමෙන් පමනි..මරාගැනිමෙන් අපිට යහපතක් සිදුවන්නෙ නැත..ඒය අපගේ රටට ප්‍රශ්න ඇති කිරිමක් පමනකි..වර්ග සංහාරය කින් අපි ප්‍රශ්න විසදන්න උත්සාහ නොකලයුතුයි..එය ඔබටත්,මටත්,රටේ සියල්ලුම පුරවැසියන්ට ත් යහපතක් සිදු කරන්නෙ නැත. ආදරණිය අන්තවාදීනි ,අපිට අපේ රටේ පුරවැසියන් සියලුම දෙන එක පවුලක් වගේයි..එය විනාශ කරන්න එපා...පවුලක බැදිම,ශක්තිය නුබලාට බිද දමන්න බෑ හැමදාම..අපි අතරේ වැරැදි උන් ඉන්නවා..අපි උන්ට දඩුවම් කරමු..අපි හැමොම එකතුවෙල උන්ට දඩුවම් කරමු..නමුත් අපි ඒ එකෙකෙ දෙන්නෙක්ගෙ වැරැදි අල්ලගෙන  තවත් ජාතියක්,ආගමක්,වර්ගයකට දඩුවම් කිරිමට යාම නිවැරැදි ද? එකෙක්ගෙ වැරැදි වලට සමස්ත විපාක ලැබියයුතුද? නැත..අපි දැන්වත් වැ