Skip to main content

විවාහය සහ විවාහය තුල ස්ත්‍රී දුෂණයක් විය හැකිද



විවාහය සහ විවාහය තුල ස්ත්‍රී දුෂණයක් විය හැකිද ?

මිනිසාගෙ ලිංගික ජිවිත‍ය පාලනය කිරිම,එය විධිමත් කිරිම, ස්ථාපනය කිරිම උදෙසා මානව සමාජයේ විවාහය නම් සංකල්පය නිර්මාණය විය.සමාජ, සංස්කෘතික,ආගමික හා ආර්ථික පදනම් මත විවාහයන් සිදු වේ.විවාහය යන්න නිර්වචනය කිරිම පහසු කාර්යයක් නොවෙ. එයට හේතුව වන්නෙ එය ඉතා සංකිර්ණ මිනිස් සබඳතාවක් වන බැවින් එයට නිශ්චිත තනි නිර්වචනයක් සැපයිම ප්‍රායෝගිකව අපහසුය.නමුත් ලොකය පුරා විවිධ පුද්ගලයන් විවාහය යන්න නිර්වචනය කර ඇති අතර ඉන් කිහිපයක් මේසේ දැක්විය හැක.

"එක් ස්ත්‍රියක් එක් පුරුෂයෙක් හො පුරුෂයන් එක් අයකුට වඩා වැඩි ගණනක් සමග ලිංගික සම්බන්ධතා ගොඩනැගිම තුලින් සමාජය පිලිගත් දරුවන් ලබාගැනිම විවාහය වේ. " -  කැතලින් ගොෆ්

" පුරුෂයන් එක් අයකු හෝ වැඩි ගණනාවක් , ස්ත්‍රින් එක් අයකු හෝ වැඩි ගණනාවක් පවතින සමාජය අනුමත් කරන ආකාරයේ ලිංගික සම්බන්ධතා පවත්වා එයින් නෛතික හිමිකම්ක් සහිත දරුවන් බිහිකිරීම විවාහයයි" -  E.A. Westermarch/ History of Human marriage (1901)

ඉහත් නිර්වචනයන් සැලකිමේදි විවාහය යන්න තුල මුලික කරුණක් ලෙස ලිංගික සම්බන්ධතාවය හදුනාගත හැකිය.නෛතිකව පිලිගන්න ලිංගික සම්බන්ධතාවයක් විවාහය තුලින් නිරුපණය වෙයි.නමුත් මෙකි විවාහය තුල ද ස්ත්‍රී දුෂණය සිදුවිය හැකි බව ඔබ පිලිගන්නෙද?

සැමියා හා බිරිද අතර ඇතිවන ලිංගික සංසර්ගය විවාහය තුලදී සාමාන්‍ය දෙයකි.නමුත් සැමියාගෙන් නිත්‍යානුකූලව , අධිකරණමය තීන්දුවක් මත වෙන්ව සිටිම සදහා අවසරය ඇති ස්ත්‍රීයක් සමග ඇයගෙ කැමැත්තකින් තොරව,ඇයගේ කැමැත්තට එරෙහිව සිදුකරන ලිංගික සංසර්ගය ස්ත්‍රී දුෂණය වරදෙහිලා සලකයි. ඒ අනුව අදාල  ස්ත්‍රිය තමන්ගේ බිරිඳ වුවද ඇයගෙන් නීත්‍යානුකූලව වෙන්ව ඇති විටකදි ඇයගෙ කැමැත්තකින් තොරව ලිංගික සංසර්ගය වෛවාහක් ස්ත්‍රී දුෂණය ලෙස හදුන්වයි.

එසේම විවාහ යුවලක් අතර සිදුවන ලිංගික සංසර්ගය  ස්ත්‍රී දුෂණයක් යැයි නොසලකන නමුත් එකී ලිංගික සංසර්ගය සදහා පුරුෂයා විසින් ස්ත්‍රීයට එරෙහිව ප්‍රචණ්ඩත්වය යොදාගෙන තිබුණේ නම් එය ස්ත්‍රීයට එරහිව ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය දියත් කිරිම පිලිපදව පුරුෂයාට එරහිව අපරාධ වරදක් ස්ථාපනයවේ.පුරුෂාධිපත්‍යයේ තවත් වේශයක් ලෙස ලිංගික අඩත්තේට්ටම හැදින්විය හැක.එය නීතිය තුල හැඳින්වෙනුයේ වෛවාහක ලිංගික අඩත්තේට්ටම හෙවත් Marital Rape නමිනි.ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයේ සහ ලිංගික අපයෝජනයන්ගේ කොටසක් ලෙස ද මෙම වෛවාහක ලිංගික අඩත්තේට්ටම හැදිවිය හැක.මෙකි වෛවාහක ලිංගික අඩත්තේට්ටම් යන  අපරාධය සරලවම මෙලෙස හැදින්විය හැක.එනම් සැමියා විසින් සිය බිරිඳගේ කැමැත්තෙන් තොරව ඇය මත බලහත්කාරයෙන් සිදු කරනු ලබන ලිංගික ක්‍රියා යනුවෙනි.මේම වෛවාහක ලිංගික අඩත්තේට්ටම් සදහා සමාජයේ මෙන්ම නීතිය තුලද ඇත්තෙ යම් සෘණාත්මක ආකල්පයකි.මුල්කාලීනව නීති විශාරදයන් මෙම වෛවාහක ලිංගික අඩත්තේට්ටම් යන වරද අපරාධ වරද ගණයේලා සැලකිමට මැලිවිය.ඔහුන්ගේ තර්කයය වුයේ කුටුම්භයක් තුල සිදුවන ක්‍රියාකාරකම් සදහා බලපෑම් කිරිමට නීතියට නොහැක යන්නයි.නමුත් පසුකාලීනව නැගි ආ මානව හිමිකම්,කාන්තා අයිතිවාසිකම් සදහා හඩ නැගු ස්ත්‍රීවාදී ව්‍යාපාර  නිසාවෙන් වෛවාහක ලිංගික අඩත්තේට්ටම් කිරිම මනුෂ්‍ය ශරීරයට එරහිව හා ආත්ම ගරුත්වයට එරහි අපරාධ ලෙස සැලකිමට බොහො රටවල් පෙලඹිය. සමාජය පිලිපදව අවදානය යොමු කිරිමෙදි සමාජයේ මතය වුයේ කුටුම්භයක් අතර සිදුවන ක්‍රියාකාරකම් ප්‍රසිද්ධියේ කථා නොකල යුතු බවයි. නමුත් මෙකි වෛවාහක ලිංගික අඩත්තේට්ටම් යන්න  ඔහුන්ගේ කැමැත්තකින් තොරව සිදුවන ක්‍රියාවක් වන අතර එකි වරද අනෙකුත් ලිංගික අඩත්තේට්ටම් හා සමානවන බව අප අමතක නොකලයුතුය.

මෙකි ලිංගික අඩත්තේට්ටම් කිරිමේ වරදේ දඩුවම් පිලිපදව දණ්ඩ නිතිසංග්‍රහයේ හි 364 වෙනි වගන්තියෙ දක්වා ඇති අතර එකී වගන්තිය ප්‍රකාරව යම් අයෙකු ලිංගික අඩත්තේට්ටම් සිදුකළ බවට සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කල යුතුවන අතර එසේ ඔප්පු කල හොත් මෙකි වරද වෙනුවෙන් වසර 7කට නොඅඩු එමෙන්ම වසර 20කට නොවැඩි බරපතළ වැඩ සහිත සිරදඬුවමක් සහ දඩ මුදලකි ගෙවිමට සිදුවේ.

ශ්‍රි ලංකාව වැනි ආසියානු රටක මෙම වෛවාහක ලිංගික අඩත්තේට්ටම් වලට විරුද්ධ කාන්තාවන් සිය හඩ අවදි කිරිම ඉතා පහල මට්ටමක් පවති. මක්නිසාද කිවහොත් මෙකි වරද වෙනුවෙන් නීතිය ඉදිරියට යන කාන්තාවන් හට නීතිය සුරකින්නන්ගෙන් හා යුක්තිය පසිඳලන්නන්ගෙන් ගැරහුම්වලට ලක් වන්න සිදු විමයි.ඔබ සිතා බැලුව හොත් ඔබටම වැටහේවි ලිංගික අඩත්තේට්ටම් හෝ ස්ත්‍රී දුෂණය ලක්වුවෙකු අපගේ නීති පද්ධතිය තුල නැවත නැවත කෙලෙසන්නෙ කෙසේද යන්න..අන් අතට කාන්තාවන් හට සිය අයිතිවාසිකම් පිලිපදව ඇති දැනුම මදකමද මෙයට හේතුවිය හැකි.(සමස්ථයක් වශයෙන් අප රටෙ බහුතරයක් ජනතාව තමන්ගේ අයිතිවාසිකම් ගැන ඇත්තේද මද අවබෝධයකි )තම අයිතීන් පිලිපදව නොබියව හඩ නැගිමට අප රට තුල කාන්තාවන් හට සහයෝගය ලැබිය යුතු අතර ඒ සදහා කාන්තා ව්‍යාපාර, නීති සුරකින්න,යුක්තිය පසිඳලන්න හා පිරිමින්ද මුලික විය යුතුය. විවාහය යන්න වහල් ගිවිසුමක් නොවන වගත්,බිරිද යනු තමන්ගේ දේපලක් නොවන වගත්, ඇයද මනුෂ්‍යයෙකු බවත්,ඇය ලිංගික මෙවලමක් නොවන බවත් අප සමාජයේ බොහො පිරිස් තවමත් අවාසනාවකට තේරුම් නොගෙන ඇත.

සටහන :  Rio Sagaarox

( යෙනුක බණ්ඩාර සහ Hansi Fårö  ඇතුලු පිරිසගේ ඉල්ලිම මත ලියු ලිපියක කොටසකි.)

Comments

Popular posts from this blog

ගොත් උපසංස්කෘතිය පිලිබදව හැදින්විමක්

ගොත් යනු උමතුව,මරණය,රාත්‍රියෙ අන්ධකාරය,යක්ශයින්, සුර දුතයන් ආදි දෙවල් වලින් සැදුණු මධ්‍යතන යුගයෙ ගොතික් සම්ප්‍රදය ඉදිරියට ගෙන ගිය අපුරු වු උප සංකෘතියක් ලෙස නම් කල හැකිය.නමුත් ගොත් උපසංකෘතිය  ඇති වි දශක තුනක් පමන පසුව වර්තමානයෙ ලොකයෙ ගොත් තරුණ කණ්ඩායම් පෙර මෙන් සුලභ නැත.එසෙ විමට  හෙතුව විලාසිතවක් ලෙස පමණක් ගොත් කරණයට ලක් වු පිරිස් තරුණ විය ඉක්මවු පසුව ගොත් විලාසිතාවෙන් ඉවත් විමයි. රොක් සංගිතය  හා මත්ද්‍රව්‍ය,''හිපි'' සහ ඊට පසු ආ ''පන්ක්'' තරමට නොවුවද ගොත් දිවියට බැදි පවති.බාහිර පෙනුම සුවිශෙස වුයෙ අදුරු සහ මරණය නිරුපනය වෙන වර්ණ වලින් ඔහුන්ගෙ පෙනුම සකසා ගැනිමට භාවිත විමයි.කලු හො ඊට අනුයුක්ත වර්ණයෙන් සැරසි රිදි පැහැති ආයිත්තම් පලදින මොහුන් බොහොවිට මුහුණෙ විවිධ තැන් සිදුරු කර ලෝහමය ආභරණ එල්ලිම සිදු කරයි.සාමාන්‍ය ගොත් විලාසිතා ලෙස කලු හො සුදු පැහැ හිස කෙස්,කලු හො රතු පැහැ තොල් ,කලු හො රතු හො සුදු පැහැති ඇදුම් දැක්විය හැකිය.නමුත් එකි තත්වය සයිබර් ගොත් වැනි ගොත් ප්‍රභෙද වලට වලංගු නොවෙයි.මෙම විලාසිතා බොහොමයක් පන්ක්,වික්ටොරියන් ,එලිසබෙත් විලාසිතා වලින් ල

සංස්කෘතික හැසිරිම් සහ සමලිංගිකත්වය

සංස්කෘතික හැසිරිම් සහ සමලිංගිකත්වය සමාජයක සමාජිකයන් වශයෙන් මිනිසා විසින් අගය කරන්නවු දැනුම ,විස්වාසය,කලාව,සදාචාරය,නීතිය, සිරිත් විරිත් හා අනෙකුත් සියලුම හැකියාවන්වල සංකීර්ණ සමස්තය සංස්කෘතියයි ( E.B.Tylor ,1961, ප්‍රාථමික සංස්කෘතිය) නැතහොත් සරලව සංස්කෘතිය යනු සමාජයේ සමාජිකයන් විසින් පවරනු ලබන බෙදා හදා ගනුලබන ඉගෙන ගත් හැසිරිම් රටාවයි ( රැල්ෆ් ලින්ටන්, 1940) යම් සමාජයක සංස්කෘතිය යනු එම සමාජයේ වටිනාම අංගය වන අතර එකී සමාජයේ සමාජිකයන්ගේ හැසිරිම් පිලිබදව අධ්‍යනයේදි එකි සංස්කෘතික ලක්ෂණ අධ්‍යනය බෙහෙවින් වැදගත්ය. යම් සංස්කෘති‍යක එම සංස්කෘතික ලක්ශණ අනුව එකි සමාජයෙ පුද්ගලයන්ගේ හැසිරිම් රටාව, පෞරුෂත්වය තිරණය වේ.එනම් පුද්ගල පෞරුෂත්වය සමාජයෙන් සමාජයට වෙනස් වන අතර  (සමාජයෙන් සමාජයට සංස්කෘතිය වෙනස් වන බැවින්) පුද්ගලයා නියෝජනය කරන සංස්කෘතිය අනුව එකී පුද්ගලයාගෙ පෞරුෂත්වය ගොඩනැගෙයි.ප්‍රකට මානව විද්‍යාඥවරයෙක් වන මාග්‍රට් ම්ට් විසින් මෙකී කාරණාව පිලිපදව  නිව්ගිනියාවේ මුණ්ඩුගුමාර් හා ඇරපෙශ් ග්‍රෝතිකයන් හැසුරෙන් කරන ලද පරික්ශ්ණය හොදම නිදසුනක් ලෙසදැක්විය හැකිය. එම පරික්ශ්ණයට අනුව එකම වනාන්තරයක්

හිපි සංස්කෘතිය - 2

හිපි  සන්කෘතිය - 02 ඉතින් මෙ හිපි සන්කෘතියෙ දියුනුවට,ව්‍යප්තියට ඔහුන්ගෙ ලක්ශනත් බලපෑවා..ගොඩාක් තරුන තරුණියන්  මෙ හිපි සන්කෘතියට ඇදිලා එන්න එම සන්කෘතියට අයත් වු ප්‍රධාන  විකල්ප ජිවන රටාවක් ගොඩනගා ගැනිම හෙතු උනා. ඒය සුවිශෙෂි අංගයන්ගෙන් සම්න්විත වු අතර  සන්කෘතික විවිධත්වයක් ඒ තුලින් මතු විය.,ඇදුම්පැලදුම් ,සන්ගිතය මගින් එය ලොකයට කියා පෑමට ඔහුන් මාද්‍යක් කරගත්තෙය. ඒය වචනයෙන් නොව ක්‍රියාවෙන් ඔප්පු කරපෙනු වු දෙයක් විය . ස්වාභාව ධර්මයට වැඩි නැඹුරුවක් පෙනුවු මොහුන් බොහොවිට නිර්මාන්ශි ජිවිතය ගත කරන ලදි.ප්‍රතිචක්‍රියරණය කල හැකි ද්‍රව්‍ය (කඩදාසි,ජලය,සුර්ය තාපයා )මගින් බලශක්තිය නිපදවිමට උත්සාහ කල අතර නිවාස බොහොවිට තනා තිබුනෙ වාහන වල ඇතුලු කොටස් තුලය..ඒ තුල විවිධ වර්ණ වලින් ආලේප කරන ලදි.. කුඩා කුස්සියක්,නාන කාමරයක් හා නිදන කාමරයකින් මෙම නිවාස සමන්විත විය.තවද එම නිවාස තැනින් තැනට ගෙන යාමට හැකි වු අතරම ඔනෑම අයකුට ඇතුල් විමට සහ පිටවිම සදහ  නිදහසක් පැවතිය. ලින්ගික  භෙදයකින් තොරව ස්ත්‍රි සහ පුරුශ දේපාර්ශවයම විලාසිතවල නිරත විය.කොණ්ඩ සහ ඇදුම් විලාසිතා කලෙන් කාලෙට වෙන්ස්කම් සිදු වු නමුත් එම විලාසි