Skip to main content

Posts

සංස්කෘතික හැසිරිම් සහ සමලිංගිකත්වය

Recent posts

විවාහය සහ විවාහය තුල ස්ත්‍රී දුෂණයක් විය හැකිද

විවාහය සහ විවාහය තුල ස්ත්‍රී දුෂණයක් විය හැකිද ? මිනිසාගෙ ලිංගික ජිවිත‍ය පාලනය කිරිම,එය විධිමත් කිරිම, ස්ථාපනය කිරිම උදෙසා මානව සමාජයේ විවාහය නම් සංකල්පය නිර්මාණය විය.සමාජ, සංස්කෘතික,ආගමික හා ආර්ථික පදනම් මත විවාහයන් සිදු වේ.විවාහය යන්න නිර්වචනය කිරිම පහසු කාර්යයක් නොවෙ. එයට හේතුව වන්නෙ එය ඉතා සංකිර්ණ මිනිස් සබඳතාවක් වන බැවින් එයට නිශ්චිත තනි නිර්වචනයක් සැපයිම ප්‍රායෝගිකව අපහසුය.නමුත් ලොකය පුරා විවිධ පුද්ගලයන් විවාහය යන්න නිර්වචනය කර ඇති අතර ඉන් කිහිපයක් මේසේ දැක්විය හැක. "එක් ස්ත්‍රියක් එක් පුරුෂයෙක් හො පුරුෂයන් එක් අයකුට වඩා වැඩි ගණනක් සමග ලිංගික සම්බන්ධතා ගොඩනැගිම තුලින් සමාජය පිලිගත් දරුවන් ලබාගැනිම විවාහය වේ. " -  කැතලින් ගොෆ් " පුරුෂයන් එක් අයකු හෝ වැඩි ගණනාවක් , ස්ත්‍රින් එක් අයකු හෝ වැඩි ගණනාවක් පවතින සමාජය අනුමත් කරන ආකාරයේ ලිංගික සම්බන්ධතා පවත්වා එයින් නෛතික හිමිකම්ක් සහිත දරුවන් බිහිකිරීම විවාහයයි" -  E.A. Westermarch/ History of Human marriage (1901) ඉහත් නිර්වචනයන් සැලකිමේදි විවාහය යන්න තුල මුලික කරුණක් ලෙස ලිංගික සම්බන්ධතාවය හදුනාගත හැකිය.

ඉලෙක්ට්‍රා සංකීර්ණය

දුව සහ මව අතර මනෝලිංගික ගැටුම සඳහා යොදන මනෝවිශ්ලේෂණවාදී පදයක් ලෙස ඉලෙක්ට්‍රා සංකීර්ණය නම් කල හැකිය.එය බිඳී එන්නේ ග්‍රීක ජාතික  සොෆොක්ලීස්ගේ ඉලෙක්ට්‍රා නාට්‍යයයේ එන චරිතයක් වන ඉලෙක්ට්‍රා වෙතිනි. එම නාට්‍යට අනුව අගමෙම්නොන් රජු ට්‍රොජන්  යුද්ධය ජය ගෙන, සිය රටට ජයග්‍රාහීව පැමිණි විට ඔහුගේම භාර්යාව වන ක්‌ලයිටමෙනස්‌ට්‍රා අතින් මරණය පත් වෙයි. මෙයින් කෝපයට පත් වු ඉලෙක්ට්‍රා තම පියා වූ ඇගමෙම්නන්ව ඝාතනය කිරීම නිසා ඇයගේ මව වන ක්ලිටෙමෙස්ට්‍රා සහ සුළු පියා වන එජිස්තස්ට එරෙහිව යමින් තම සොහොයුරා වන ඔරෙස්ටීස් සමග මව ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කරයි. තමන්ගේ ස්ව ලිංගික අනන්‍යතාවයක් ගොඩනැගිමේදි දැරියකගේ තීරණාත්මක මනෝලිංගික අත්දැකීම වනුයේ ඉලෙක්ට්‍රා සංකීර්ණය යි.එනම් පියාගේ ස්වාමිත්වය සඳහා දුව හා මව අතර ඇති තරගය යි. එය ලිංගරූප අවධියේ දී (අවුරුදු 3–6), දරුවන් තම ශරීර පිළිබඳව, අනෙක් ළමයින්ගේ ශරීර පිළිබඳව, සහ දෙමව්පියන්ගේ ශරීර පිළිබඳව අවබෝධය ලබාගන්නා කාලයේ දී සිදුවේ. එහිදී ඔවුන් තම ශාරීරික කුතුහලය පිනවීමට නිරුවත් වෙමින් තම ජනනේන්ද්‍රියන් විපරම් කරයි; එයින් ගැහැණු හා පිරිමි අතර, "ගැහැණු ළමයා" සහ &quo

La llorona මිත්‍යා පුරාවෘත්තය

La Llorona  කියන්නෙ මෙක්සිකානු  මිත්‍යා පුරාවෘත්තයකි.මෙක්සිකානු භාශාවෙන් La Llorona යන්න වැලපෙන කාන්තාව ලෙස අරුත් දෙන්නකි.මෙ මිත්‍යා පුරාවෘත්තයට මේසෙය මෙක්සිකෝවේ ඉතා දුෂ්කර ගමක මාරියා නම් රූමත් තරුණියක් වාසය කලා.ඇයගේ රූමත් බව කොතරම්ද කිවහොත් ඇය දුටු ඔනිම අයකු ඇය කෙරෙහි ආදරයෙන් බැදෙන්නට විය.අවට කිසිම ගමක ඇය තරම් රූමත් ස්ත්‍රීයක් නොවිය.නමුත් ඇය දුප්පත් පවුලකින් පැවත එන අහිංසක කාන්තාවක් විය.කාලය කෙමෙන් ගෙවි යද්දි එක්තරා දවසක් ධනවත් වංශවත් පවුලක තරුණයෙක් මාරියා විසු ගමට පැමිනියේය. එහිදි ඔහු මාරියාව දැක ඇයගේ සුන්දරත්වය ට ඇලුම් කරන්නට විය. මාරියාගෙ සිතහි මෙම වංශවත් තරුණයා කෙරෙහි ආදරයක් ඇති විය.ඉතින් මේ නිසාම වංශවත් තරුණයා තව දුරටත් නොපැකිලිව මාරියා හට තමා සමග විවාව විමට යෝජනාවක් ඉදිරිපත් කලා.මාරියාද ඉතා ඉක්මනින් එම යෝජනාව පිලිගත් අතර ඔහුන් විවාහ විය. නමුත් මාරියාගේ දුප්පත් දෙමාපියන් මේ විවාහය ගැන සැකයෙන් පසුවිය. වංශවත් තරුණයා ගේ පවුලද මේ විවාහය බලාපොරොත්තු නොවු විවාහයක් බැවින් කලකිරිමෙන් පසුවිය. කේසෙ නමුත් මාරියා හා වංශවත් තරුණයා විවාහ වි මාරියාගෙ ගම අසල නිවහනක් තනාගෙන සතුටින් වාසය
(1981 මැයි 31 රෑ යාපනය පුස්තකාලය ඔවුහු ගිනි තැබුහ.) කුහත්වය,ඉරිසියාව වෛරයෙන් පිරුණු ඔහුන් ගිනි තැබු දහස් ගණන් පොත් වල පිලිස්සු දහස් ගණන් පිටු අතරේ විලාප දුන් කතාන්දර හිනාහෙමින් මියැදුන කතාන්දර නිසොල්මන්ව බලාසිටි කතාන්දර අවසානයේ ලේ සොයමින් දුවද්දී ගින්නෙ පුත්‍රවරුන් කිවේ කුමක්ද පොත්වල සුවදා නොදන්නො පොත්වලට වෛර කරන්නො පොත් සමග අපේ උන් පෙම් බැදිම නොරිසි වු නුගත් පාලකයින් සිනාසෙමින් ,  ගිනි තැබිය යුතු බව තහවුරු කරද්දි අපේම මෝඩයින් සාද දමද්දි කවර නම් රටක්ද මේ පොත් ගිනි තැබු නිර්මලයින් ඉන් පසු මනුසත්වය ගිනි තබමින් ඇවිද යද්දි හිනාවුන උන් වෙමු අපි හිනැහෙමින් සිටින්නෙමු අපි තව ගිනිගැනිම් නරඹමින් Rio Sagaarox

ගොත් උපසංස්කෘතිය පිලිබදව හැදින්විමක්

ගොත් යනු උමතුව,මරණය,රාත්‍රියෙ අන්ධකාරය,යක්ශයින්, සුර දුතයන් ආදි දෙවල් වලින් සැදුණු මධ්‍යතන යුගයෙ ගොතික් සම්ප්‍රදය ඉදිරියට ගෙන ගිය අපුරු වු උප සංකෘතියක් ලෙස නම් කල හැකිය.නමුත් ගොත් උපසංකෘතිය  ඇති වි දශක තුනක් පමන පසුව වර්තමානයෙ ලොකයෙ ගොත් තරුණ කණ්ඩායම් පෙර මෙන් සුලභ නැත.එසෙ විමට  හෙතුව විලාසිතවක් ලෙස පමණක් ගොත් කරණයට ලක් වු පිරිස් තරුණ විය ඉක්මවු පසුව ගොත් විලාසිතාවෙන් ඉවත් විමයි. රොක් සංගිතය  හා මත්ද්‍රව්‍ය,''හිපි'' සහ ඊට පසු ආ ''පන්ක්'' තරමට නොවුවද ගොත් දිවියට බැදි පවති.බාහිර පෙනුම සුවිශෙස වුයෙ අදුරු සහ මරණය නිරුපනය වෙන වර්ණ වලින් ඔහුන්ගෙ පෙනුම සකසා ගැනිමට භාවිත විමයි.කලු හො ඊට අනුයුක්ත වර්ණයෙන් සැරසි රිදි පැහැති ආයිත්තම් පලදින මොහුන් බොහොවිට මුහුණෙ විවිධ තැන් සිදුරු කර ලෝහමය ආභරණ එල්ලිම සිදු කරයි.සාමාන්‍ය ගොත් විලාසිතා ලෙස කලු හො සුදු පැහැ හිස කෙස්,කලු හො රතු පැහැ තොල් ,කලු හො රතු හො සුදු පැහැති ඇදුම් දැක්විය හැකිය.නමුත් එකි තත්වය සයිබර් ගොත් වැනි ගොත් ප්‍රභෙද වලට වලංගු නොවෙයි.මෙම විලාසිතා බොහොමයක් පන්ක්,වික්ටොරියන් ,එලිසබෙත් විලාසිතා වලින් ල

බාමියන් බුදු පිලිම විනාශ කිරිමට උදව් කරන්න වුන ඔහු කියන්න කතාව

2001 දී මොහොමඩ් ඔමාර් නම් තලේබාන් නායකයාගෙ අණ මත බාමියන් බුදු පිලිම විනාස කිරිමට සෙයිඩ් මිර්සා හොසෙයින්ට සිදු විය. වසර 15 පසු බිබිසි හමුවේ එම  අමිහිරි සිදු විම ඔහු මෙසෙ පවසා ඇත. " මම කවදාවත් හිතුවෙ නෑ ඔවුන්ට ඒක  විනාශ කරන්න ඕනිවෙයි  කියලා. බාමියන් බුදු පිලිම තුනක් තිබුනා.මෙහෙ මිනිසුන්ට එය ගොඩාක් වටිනවා ..සංචාරකයන් මෙහෙ එන්නෙ ඒක බලන්න. බාමියන් පිළිම අපේ අභිමානවත් සම්පතක්. මම සාමාන්‍ය ගොවියෙක් වෙලා හිටියෙ. මම ජිවත්වෙලා හිටියෙ මෙහෙ තියෙන්න ලෙන් වල.  බාමියන්ව  අල්ලගන්න ඔහුන් එන්නවා කියලා ආරංචියක් ආවා.ඔවුන් ඇවිත් මාව හිරකාරයෙක් කරගත්තා. ඔවුන්ට තවත්  සියයක් විතර හිරකාරයො හිටියා. ඔවුන් කරපු පලමු දේ බර අවි වලින් බුදුන් ඉදිරිපිට ප්‍රහාර එල්ල කිරීමයි. ඔවුන් උත්සාහ කරා යුධ ටැංකි සහ රොකට් වලින්. නමුත් ඔවුන්ට එය විනාශ  කරන්න බැරි වුනා. ඉන්පසුව ඔවුන් පුපුරණ ද්‍රව්‍ය අරගෙන ආවා. අපි පුපුරණ ද්‍රව්‍ය ඉවත්කරගෙන ,පිලිම වලට සවි කරන්න අරගෙන ගියා. අපිට පුලුවන් කමක් තිබුන් නෑ කියන්න අපි බුදුන් පුපුරවන්නෙ නෑ කියලා. එහෙම කලා නම් ඔවුන් අපිව මරා දානවා. තලේබාන් සටන්කාමීන් තුවක්කු එක්ක හිටගෙන ලෑස්ති වෙ