Skip to main content

Posts

Showing posts from January, 2020

සංස්කෘතික හැසිරිම් සහ සමලිංගිකත්වය

සංස්කෘතික හැසිරිම් සහ සමලිංගිකත්වය සමාජයක සමාජිකයන් වශයෙන් මිනිසා විසින් අගය කරන්නවු දැනුම ,විස්වාසය,කලාව,සදාචාරය,නීතිය, සිරිත් විරිත් හා අනෙකුත් සියලුම හැකියාවන්වල සංකීර්ණ සමස්තය සංස්කෘතියයි ( E.B.Tylor ,1961, ප්‍රාථමික සංස්කෘතිය) නැතහොත් සරලව සංස්කෘතිය යනු සමාජයේ සමාජිකයන් විසින් පවරනු ලබන බෙදා හදා ගනුලබන ඉගෙන ගත් හැසිරිම් රටාවයි ( රැල්ෆ් ලින්ටන්, 1940) යම් සමාජයක සංස්කෘතිය යනු එම සමාජයේ වටිනාම අංගය වන අතර එකී සමාජයේ සමාජිකයන්ගේ හැසිරිම් පිලිබදව අධ්‍යනයේදි එකි සංස්කෘතික ලක්ෂණ අධ්‍යනය බෙහෙවින් වැදගත්ය. යම් සංස්කෘති‍යක එම සංස්කෘතික ලක්ශණ අනුව එකි සමාජයෙ පුද්ගලයන්ගේ හැසිරිම් රටාව, පෞරුෂත්වය තිරණය වේ.එනම් පුද්ගල පෞරුෂත්වය සමාජයෙන් සමාජයට වෙනස් වන අතර  (සමාජයෙන් සමාජයට සංස්කෘතිය වෙනස් වන බැවින්) පුද්ගලයා නියෝජනය කරන සංස්කෘතිය අනුව එකී පුද්ගලයාගෙ පෞරුෂත්වය ගොඩනැගෙයි.ප්‍රකට මානව විද්‍යාඥවරයෙක් වන මාග්‍රට් ම්ට් විසින් මෙකී කාරණාව පිලිපදව  නිව්ගිනියාවේ මුණ්ඩුගුමාර් හා ඇරපෙශ් ග්‍රෝතිකයන් හැසුරෙන් කරන ලද පරික්ශ්ණය හොදම නිදසුනක් ලෙසදැක්විය හැකිය. එම පරික්ශ්ණයට අනුව එකම වනාන්තරයක්

විවාහය සහ විවාහය තුල ස්ත්‍රී දුෂණයක් විය හැකිද

විවාහය සහ විවාහය තුල ස්ත්‍රී දුෂණයක් විය හැකිද ? මිනිසාගෙ ලිංගික ජිවිත‍ය පාලනය කිරිම,එය විධිමත් කිරිම, ස්ථාපනය කිරිම උදෙසා මානව සමාජයේ විවාහය නම් සංකල්පය නිර්මාණය විය.සමාජ, සංස්කෘතික,ආගමික හා ආර්ථික පදනම් මත විවාහයන් සිදු වේ.විවාහය යන්න නිර්වචනය කිරිම පහසු කාර්යයක් නොවෙ. එයට හේතුව වන්නෙ එය ඉතා සංකිර්ණ මිනිස් සබඳතාවක් වන බැවින් එයට නිශ්චිත තනි නිර්වචනයක් සැපයිම ප්‍රායෝගිකව අපහසුය.නමුත් ලොකය පුරා විවිධ පුද්ගලයන් විවාහය යන්න නිර්වචනය කර ඇති අතර ඉන් කිහිපයක් මේසේ දැක්විය හැක. "එක් ස්ත්‍රියක් එක් පුරුෂයෙක් හො පුරුෂයන් එක් අයකුට වඩා වැඩි ගණනක් සමග ලිංගික සම්බන්ධතා ගොඩනැගිම තුලින් සමාජය පිලිගත් දරුවන් ලබාගැනිම විවාහය වේ. " -  කැතලින් ගොෆ් " පුරුෂයන් එක් අයකු හෝ වැඩි ගණනාවක් , ස්ත්‍රින් එක් අයකු හෝ වැඩි ගණනාවක් පවතින සමාජය අනුමත් කරන ආකාරයේ ලිංගික සම්බන්ධතා පවත්වා එයින් නෛතික හිමිකම්ක් සහිත දරුවන් බිහිකිරීම විවාහයයි" -  E.A. Westermarch/ History of Human marriage (1901) ඉහත් නිර්වචනයන් සැලකිමේදි විවාහය යන්න තුල මුලික කරුණක් ලෙස ලිංගික සම්බන්ධතාවය හදුනාගත හැකිය.