අද වැනි දිනක රුසියාවෙ වොල්ගා ගග අසල ඇති නිෂ්නි නොව්ගොරොද් ප්‍රදේශය උපන් ඇලෙක්සි මැක්සිමොවිච් පෙෂ්කොව් හෙවත් මැක්සිම් ගෝර්කි වෙත, ආදරණිය ගෝර්කි, වොල්ගා ගග තාම නුබෙ ගැන කතා කියනවා ඒත් එවා අහන් ඉන්න උන් අද නෑ..ඔව් අද නෑ අනිකාට ගරුකරන ,අනිකා ගැන හිතන මිනිස් සමාජ වෙනුවෙන් නුබ ගොඩාක් දේවල් නුබේ ලස්සන අකුරෙන් ලිව්ව දේවල්...මැකිලා ගිහින්දෝ සැකයි මට. නුබ මතකයක් වේලා යන්න ගියා උතෝපියාවත් බිද වැටුනා... නුබ ලිව්ව...සිහින දැක්ක දේ වෙනුවෙන් තම අපේ උන් කොටසක් සටන් කරන්නවා ගෝර්කි සහොදරයා , නුබත් වන්දි පට්ටම ගන්න පාලකයන් ගැන ලිව්ව නම් අද උබ අමතක නෑ ලොකේ හැමොටම පීඩිතයන් වෙනුවෙන් උබ දැක්ක,පිලිගත්ත ,සත්‍ය නුබ ලිවා ඒ සත්‍ය ඇස් පනා පිට අදත් වෙන්නවා.. ගෝර්කි සහොදරයා නුබේ පොත් ,නුබ ගැන අපේ කාලේ උන් දන්නේ නෑ නමුත් නුබ අමරණිය කරපු අම්මාව අපි මැයි දිනයට විකුණ විකුණ කන්නවා ... මට මතක් වුනේ නුබ වරක් කිව්වා මෙහෙම "...මිනිසා එකිනෙකාට ගරු කරන දවස එළඹෙයි..එදාට සෑම මිනිසෙකුම තරු මෙන් දිලිසෙන බව මම දනිමි..සිය නිදහස පෙරටු කොට,විවෘත හදවත් ඇතිව,කෝපයෙන් තොරව,පිරිසිදු හදවත් ඇතිව