කදූලු කැට ගලා හැලෙයි
ජිවිතය කාලය නම්
මෘදු වූ රළු වූ
පෝලෝ තලය මත වේගයෙන් දුවයි
ඉද හිද හමනා සුලං
දෙනෙත් වසා දමයි
සුසුමන් දෙතොල් ස්පර්ශ කර
හැගුමන් චිත්‍රරූපණය කරවි
කදුලූ කැට ගලා හැලෙයි
දෙනෙත් පියන් විවර වී
ඈත අහසේ සැරිසරවි
ඒත් පුංචි සිත අපුරු දේ කියමින්
අපුරු දේ සිතමින්
මා හා සිනාසෙවි
කාලය හරහා දිව ගිය ජිවිතයට
ආපසු හැරි තනි වුන මතකයන් තුල
නැවත රැගුම් පාන්නෙ කෙලෙසදැයි
සිතමින්,ඒ බොලද හිත තාම හින දකිනවා
ඒ තුලම මැරි මැරි උපදිනවා
Comments
Post a Comment