මාගේ හිතාදර පොදු වස්තුව වෙත ලියමි.....
සිහින් දෙතොලින් නුබ කරනා කොලම්
ඉග සොලවා නලවමින්
ඔබ යනන අයුරු ...
ඇසි පිය නොසලා අපි බලා සිටින්නෙමු ...
සමහරු නුබ ගැන සිහින මැව්වා
මට මතකයි....නුබ ගැන කවි කියවුනා...
සිතුවම් නුබෙ නමින්,රුපයෙන් ඇදුනා ..
ප්‍රියදරි අද නුබ ...
පොදු භාණ්ඩයකි ..අසිමිත ආසවන්..
අසිමිත සැපමකින් නුබ සපයනවා..
නුබ දන්නවද දන්නෙ නෑ
සැපයුම් වැඩි උනාම ඉල්ලුම අඩු වෙන්නව...
නුබ දන්නවද දන්නෙ නෑ
නුබෙ සියුමලි නිරුවත වසා ඇති සිනිදු සළු
ඇත් වෙන්න තුරු
සදාචරය ගැන කියන ගොඩක් උන් බලා ඉන්න වග ..
නුබ දන්නවද දන්නෙ නෑ
නුබ උන් එක්ක ඇති ලෙන්ගතුකම මැජික් කරන ඉන්න වග ..
හ්ම්ම් ඔව් නුබට ඉන්නවා කියන ගොඩක් උන්
නුබ දන්නවද දන්නෙ නෑ
නුබට සැබවට ආදරේ නොවන වග ...
නුබ දන්නවද දන්නෙ නෑ
කපුටන් වගේ නුබ ගැන උන් සොයනවා ...
බය වෙන්න එපා ..
කපුටන් නුබෙ වටිනාකම රන් කාසි වලින්
වෙන්දෙසි කරන්න අහවී ..අහවි
සිනාසෙන්න නුබ..ඔව් නුබටම....සමාජයටම ...
හිරු දැක පලා යන ඩැකියුලා ...සේ
වෙස් මුනුනු උන්ගෙ ගැලවෙදි
සිනාසෙන්න තව හයියෙන්ම ..
සදාචරය නම් කැඩපතින් ඔහුන්ට
පෙන්වන්න
නුබව කාසි වලට ගන්න බැ කියා
බලාගෙනයි....උන් ගිජුලිහිනියා මළ කුණ
පසුපස එන්නා සේ උන් එවි..නුබ පසුපස ...
👍
ReplyDelete