Skip to main content

රිචඩ් ද සොයිසාගෙ නිර්මාණ


දැල්වෙන වෛරයේ රළ මත
මං පෙත් එක්වරම ඉලිප්පෙයි.
ගිනි පුපුරු විසුරුවමින්
දරුවා ගින්න තුළ සෙල්ලම් කරයි
සුනු විසුනු කරමින් පැරණි මිතුදම්
පියාඹන වීදුරු පතුරු.
කැබැලිති වූ බැඳීම්වල
ව්‍යාජ බව තහවුරු කෙරිණි.
ගිනි රශ්මිය හමුවේ.
මුරුගසං වැස්සට පසුව
මඩ දියෙහි කෙලි දෙළෙන් පසුවන වීදි දරුවෝ
ලෙයටත් වඩා උකු වෛරයේ ගංවතුරක්
එක්වරම ගලා බස්නා විට
කාකි නිල ඇඳුමේ, තුවක්කු බට සහ යකඩවල
සජ්ජායනය අනුයමින්
අහුමුළු වෙත ඇදී ගොදුරු අහුලති.
උණුසුම් නිකිණි රැයේ ඉහළින්
වණයක් මෙන් කකියන
ඉදිමී සැරව ගලනා තාරකාවන්ය.
ආදරය හුදු ඩාදියකි.
සෙවණැලි තුළ රමණය විසින්
උපදවන කාමාශාව වූ කලී
වියරු ලිංගික බලාත්කාරයක් පිලිබඳ
වසන ලද බෝතලයක කර අසල බුබුලුලන
වසන ලද පටුමගක කෙළවර පොදිකන
ආවේශයක් පමණි.
බෝතල් කර පුපුරා
එහි තියුණු කෙළවර දැයක දිවි සිදුරු කරයි.
මාරක වදන් තෙප‍ළිණ.
පැරණි සගයන්
නිහඬ බව තුළ ගීලී පත්ලටම පසු බසී.
මං සන්ධිවල නැවතුම්
වැසි වැටෙනු පෙර කුහුඹුවන් විලස
කෝපාවිෂ්ට පාදඩයන්ගෙන් ඉක්මණින්ම පිරී යනු ඇත.
භීතියේ වෙළුන සුසුමන් වැරවෑයමින්
ඝාතනය වෙත දක්කනු ලබයි.
කොන්ක්‍රීට් වේදිකා මත නැගුන
බූට් සපත්තු හඬ විසින්
දුම්රියේ ගිගුම් නද යටපත් කෙරිණි
බෙදා පාලනය කිරීම!
ජම්බුද්වීපයේ එල්ලා ඇති
ඉදුණු දෙළුමක් මෙන් රතු පැහැ ගැන්වුණ
ගඩා ගෙඩියක් මෙන් තිත්ත වූ
සිය ලෙයින්ම නැහැව ලේ ගලන හදවත
උතුර වෙත දෝලනය වෙයි.
ඇය දරා සිටිනා
වෛරයේ සියලු පලතුරු සසල වෙයි
අපගේ විවර වූ මුව තුලට
ඇදවැටෙනු වස් බලා සිටින.
නගරයේ පදික වේදිකාවන්හි අඳුරු මුහුණු
ශුද්ධ වූ අළුවල ගුප්ත බව යට වියැකී යයි.
කුමක් සිදු වීද උතුරේ හුණුගල් තට්ටුව යටින්
ගැඹුරට විහිදී පැතිරුණු මුල්වලට?
සුළඟක් හමා එයි වෙළඳහල් අතරින්.
දීප්තිය සසල වෙයි
ගිනිදැල් අසල නාස්පුඩු වලින් විහිදුන.
අගනුවර නිවෙස්වල
පූජනීය පිත්තල පහන්වල දැල්ල නීවී යයි.
71 බෙහෙවින් විනෝදබර විය
ඇඳිරි නීතිය පැනවුණ කල
අපි නිවෙස් තුළ සාදයෙන් ගතකළෙමු
58 නම් එතරම් යහපත් නොවීය.
නමුත් දැන්........?
දැන් සිදුවෙමින් ඇත්තේ කුමක්ද?
අඳුරු මාවත් සහ සුන්බුන් අතරින්
තවලම පෙරට ඇදෙන්නේද ,
හුදෙකලා වෙඩික්කරුවන්ගේ රයිෆල
කොකා ගැස්සෙන හඬ මුසු වු තුනී මිදුම තුළ
මුහුදු රාජාලීන්ගේ පියාසැරිය වරින්වර යම්තමින් දිස්වන
උණුසුමින් පිරි අහස් ගැබ යට
ගිනිගෙන දැවෙන හුදෙකලාවේ කතර වෙත,
සිය දද නංවමින්
පළිගැනීමේ මහා සංහාරය දියත්කරනු වස්
පස්වන අසරුවා යළි පැමිණ ඇත්ද?


උපුටා ගැනිම : බුන්දි තුලින්‍....

Comments

Popular posts from this blog

ගොත් උපසංස්කෘතිය පිලිබදව හැදින්විමක්

ගොත් යනු උමතුව,මරණය,රාත්‍රියෙ අන්ධකාරය,යක්ශයින්, සුර දුතයන් ආදි දෙවල් වලින් සැදුණු මධ්‍යතන යුගයෙ ගොතික් සම්ප්‍රදය ඉදිරියට ගෙන ගිය අපුරු වු උප සංකෘතියක් ලෙස නම් කල හැකිය.නමුත් ගොත් උපසංකෘතිය  ඇති වි දශක තුනක් පමන පසුව වර්තමානයෙ ලොකයෙ ගොත් තරුණ කණ්ඩායම් පෙර මෙන් සුලභ නැත.එසෙ විමට  හෙතුව විලාසිතවක් ලෙස පමණක් ගොත් කරණයට ලක් වු පිරිස් තරුණ විය ඉක්මවු පසුව ගොත් විලාසිතාවෙන් ඉවත් විමයි. රොක් සංගිතය  හා මත්ද්‍රව්‍ය,''හිපි'' සහ ඊට පසු ආ ''පන්ක්'' තරමට නොවුවද ගොත් දිවියට බැදි පවති.බාහිර පෙනුම සුවිශෙස වුයෙ අදුරු සහ මරණය නිරුපනය වෙන වර්ණ වලින් ඔහුන්ගෙ පෙනුම සකසා ගැනිමට භාවිත විමයි.කලු හො ඊට අනුයුක්ත වර්ණයෙන් සැරසි රිදි පැහැති ආයිත්තම් පලදින මොහුන් බොහොවිට මුහුණෙ විවිධ තැන් සිදුරු කර ලෝහමය ආභරණ එල්ලිම සිදු කරයි.සාමාන්‍ය ගොත් විලාසිතා ලෙස කලු හො සුදු පැහැ හිස කෙස්,කලු හො රතු පැහැ තොල් ,කලු හො රතු හො සුදු පැහැති ඇදුම් දැක්විය හැකිය.නමුත් එකි තත්වය සයිබර් ගොත් වැනි ගොත් ප්‍රභෙද වලට වලංගු නොවෙයි.මෙම විලාසිතා බොහොමයක් පන්ක්,වික්ටොරියන් ,එලිසබෙත් විලාසිතා වලින් ල...

ඉලෙක්ට්‍රා සංකීර්ණය

දුව සහ මව අතර මනෝලිංගික ගැටුම සඳහා යොදන මනෝවිශ්ලේෂණවාදී පදයක් ලෙස ඉලෙක්ට්‍රා සංකීර්ණය නම් කල හැකිය.එය බිඳී එන්නේ ග්‍රීක ජාතික  සොෆොක්ලීස්ගේ ඉලෙක්ට්‍රා නාට්‍යයයේ එන චරිතයක් වන ඉලෙක්ට්‍රා වෙතිනි. එම නාට්‍යට අනුව අගමෙම්නොන් රජු ට්‍රොජන්  යුද්ධය ජය ගෙන, සිය රටට ජයග්‍රාහීව පැමිණි විට ඔහුගේම භාර්යාව වන ක්‌ලයිටමෙනස්‌ට්‍රා අතින් මරණය පත් වෙයි. මෙයින් කෝපයට පත් වු ඉලෙක්ට්‍රා තම පියා වූ ඇගමෙම්නන්ව ඝාතනය කිරීම නිසා ඇයගේ මව වන ක්ලිටෙමෙස්ට්‍රා සහ සුළු පියා වන එජිස්තස්ට එරෙහිව යමින් තම සොහොයුරා වන ඔරෙස්ටීස් සමග මව ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කරයි. තමන්ගේ ස්ව ලිංගික අනන්‍යතාවයක් ගොඩනැගිමේදි දැරියකගේ තීරණාත්මක මනෝලිංගික අත්දැකීම වනුයේ ඉලෙක්ට්‍රා සංකීර්ණය යි.එනම් පියාගේ ස්වාමිත්වය සඳහා දුව හා මව අතර ඇති තරගය යි. එය ලිංගරූප අවධියේ දී (අවුරුදු 3–6), දරුවන් තම ශරීර පිළිබඳව, අනෙක් ළමයින්ගේ ශරීර පිළිබඳව, සහ දෙමව්පියන්ගේ ශරීර පිළිබඳව අවබෝධය ලබාගන්නා කාලයේ දී සිදුවේ. එහිදී ඔවුන් තම ශාරීරික කුතුහලය පිනවීමට නිරුවත් වෙමින් තම ජනනේන්ද්‍රියන් විපරම් කරයි; එයින් ගැහැණු හා පිරිමි අතර, "ගැහැණු ළමයා" සහ ...

විවාහය සහ විවාහය තුල ස්ත්‍රී දුෂණයක් විය හැකිද

විවාහය සහ විවාහය තුල ස්ත්‍රී දුෂණයක් විය හැකිද ? මිනිසාගෙ ලිංගික ජිවිත‍ය පාලනය කිරිම,එය විධිමත් කිරිම, ස්ථාපනය කිරිම උදෙසා මානව සමාජයේ විවාහය නම් සංකල්පය නිර්මාණය විය.සමාජ, සංස්කෘතික,ආගමික හා ආර්ථික පදනම් මත විවාහයන් සිදු වේ.විවාහය යන්න නිර්වචනය කිරිම පහසු කාර්යයක් නොවෙ. එයට හේතුව වන්නෙ එය ඉතා සංකිර්ණ මිනිස් සබඳතාවක් වන බැවින් එයට නිශ්චිත තනි නිර්වචනයක් සැපයිම ප්‍රායෝගිකව අපහසුය.නමුත් ලොකය පුරා විවිධ පුද්ගලයන් විවාහය යන්න නිර්වචනය කර ඇති අතර ඉන් කිහිපයක් මේසේ දැක්විය හැක. "එක් ස්ත්‍රියක් එක් පුරුෂයෙක් හො පුරුෂයන් එක් අයකුට වඩා වැඩි ගණනක් සමග ලිංගික සම්බන්ධතා ගොඩනැගිම තුලින් සමාජය පිලිගත් දරුවන් ලබාගැනිම විවාහය වේ. " -  කැතලින් ගොෆ් " පුරුෂයන් එක් අයකු හෝ වැඩි ගණනාවක් , ස්ත්‍රින් එක් අයකු හෝ වැඩි ගණනාවක් පවතින සමාජය අනුමත් කරන ආකාරයේ ලිංගික සම්බන්ධතා පවත්වා එයින් නෛතික හිමිකම්ක් සහිත දරුවන් බිහිකිරීම විවාහයයි" -  E.A. Westermarch/ History of Human marriage (1901) ඉහත් නිර්වචනයන් සැලකිමේදි විවාහය යන්න තුල මුලික කරුණක් ලෙස ලිංගික සම්බන්ධතාවය හදුනාගත හැකිය....