අහසේ වලාකුලු අතරින් සෙව්වෙමි ....
දිව්‍යලෝකයක්
මහ පොලවේ ගැඹුරුම තැනින් සෙව්වෙමි
අපායක්
ජිවිත කලේම හෙව්වා ,හමුනොවිය...
නමුත් අවසනයේ...ඔව්
අන්තිම අන්තිම මොහොතේ
මගේ ඇස් පියවෙන්න
මොහොතකට පෙර
මම දුටුවා දිව්‍යලෝකය....................
මම දුටුවා අපාය........................
දෙවියන් වහන්සේ හරි ...ශාස්තුවරුන් හරි ...
මම මරණය සිපගෙන ,විනිවිද ගොස්
දිව්‍යලෝකයට ,අපායට යාවි ආපසු .......මා ...
කියලා මට විශ්වසය ඇති වුනා ..
මොකද මම මෙච්චර කල් හෙව්වට
මට අමතක වුනා ..
හොයන්න මහ පොලව මත
ඔව් මම දැන් දන්නවා
අපායෙ දොරටුව,දිව්‍යලෝකයේ දොරටුව
තියෙන්නෙ ,
මහ පොලව ගැබුරෙ නෙවේයි ...එයට උඩින් කියලා
අහසේ වලාකුලු වලට පහලින් කියලා
ඇස් අරින්න විතරයි ඔනි...එක දකින්න,විදින්න..
Comments
Post a Comment