ස්පර්ශය
නුඹ කෙතරම් ,
වේදනාකාරී ද
මා හට නොතෙරේවි තවත්
ඒ ආදරය
නුඹ මා සිපගත් නිසාද?
ඇසිල්ලක මායාවෙන් දැවිගිය,
වේදනාවෙ අනාන්තය සිපගත් ..
ස්පර්ශය ,
නුඹෙ දරදඬු බව විදිමින්.......
හිනැහෙන්නද තවත්
ඒ ආදරය
නුඹ මා සිතගත් නිසාද?
ස්පර්ශය ,
නුඹේ වේදනාකාරී ස්පර්ශය ...
එහි අවසානය කුමක්ද ...
ඇස් තටු පියවෙමින් මලානික
මගෙ සිත මගෙන් අසන්නවා හිමිහිට
මට ඇසුනා
නොදනිමි ...මම පිලිතුරක් තවම..
ස්පර්ශය ,
නුඹේ වේදනාකාරී ස්පර්ශය ,
මායාවෙන් තෙත් වු දෙනෙත්...
මග බලා හිදිමින්...තවත්
ඒ පිලිතුර සොයන්නවා...
සොමාරි ජිවිතයෙන්......
Comments
Post a Comment