Skip to main content



ප්ලේටො ගේ ලෙන් උපමාව

ගුහාවක නැතහොත් ලෙනක් උපමා කරමින් සත්‍යය අවබොදය ගැන විස්තර කිරිමට ප්ලේටො යොදගත් එක් උපමාවක් ලෙස ලෙන් උපමාවා හැදින්විය හැක.
ඒ උපමාවට අනුව දිලිදු පිරිසක් ගුහාවක සිරගත කරනු ලැබුවන්ට සමාන වෙති.මේ සිරකරුවන් බිත්තියට මුහුනලා දම්වැල් වලින්,යදම් වලින් බැද ඇත.එම නිස ඔහුන්ට දැකින්නට ලැබෙන්නේ ගුහාවෙ එක් පැත්තක් පමනි.තමන් හො තමන් සමග සිටින අන් අයවද දැකිමට නොහැකිය.ඔහුන්ට පෙන්නෙන එකම දෙය වන්නෙ බිත්තිය වැටෙන්න සෙවනැල්ල පමනි.ඔහුන් පිටුපසින් ගින්නකි.ඔහුන් සහ බිත්තිය අතර කිසිවක් නොමැත.එම නිස පෙනෙන්නේ ගින්නෙ ආලොකය නිසා බිත්තියට වැටෙන ඔහුන්ගේම හා ඔහුන්ට පිටුපසින් ඇති දෑ වල සෙවනැල්ලක් පමනි.සෙවනැලි ඇත්ත/තථ්‍ය වු දෙයක් ලෙස ඔහුන් එම නිසා සලකයි.එවාට හෙතු වු වස්තුන් පිලිබද්ව ඔහුන්ට හැගිමක් නැත. එනම් සෙවනැලි ඇති වු ගින්න පිලිබදව ඔහුනට කිසිදු හැගිමක් නැත.


මෙම සිරකරුවන් අතරින් එක් සිරකරුවෙක් දම්වැල් වලින් මිදි ගුහාවෙන් එලියටපැමිනෙන අතර එහිදි ඔහු ඇත්ත දකියි.එසෙම තම මෙතෙක් කාලයක් රැවටි සිටි බව අවබොද කරගනි.


ඔහු අන් අය ගැන සිත අයෙක් නම්, ආරක්ශකයෙක් විමට සුදුසු අයෙක් නම්,එවැනි දාර්ශනිකයෙක් නම්, එවැන්නන් තම කලින් සිටි ගුහාවට නැවත ගොස් අන් සිරකරුවන්ට සත්‍ය පිලිබදව කියාදිම තම යුතුකම සේ සිතයි.එහෙත් එම සිරකරුවන්ට එය පැහැදිලි කිරිම පහසු නොවෙයි.එසෙම එම සිරකරුවන්ට ඔහුව පෙනෙන්නෙ සිටියාටත් වඩා මොඩයෙකු ලෙසය.එවිට ඔහු සිරකරුවන් සිරවි සිටින්නෙ යැයි පවසා ඔහුන් ගලවා ගන්නට උත්සාහ කලද  සෙවනැලි දකිමින් සහනයෙන් ගෙවු මුලාවට බාධා කලා යැයි සිරකරුවො කොප වනු ඇත. කොටින්ම ෆැන්ටසියෙන් මත් වු ඔහුන්ට එයින් මිදිමට අකමැතිවෙවි. එමනිස කොපාවිෂට වුවන් සත්‍ය  දැක ආ ඔහුව මරා දමන්නට ද ඉඩ කඩ ඇත.

Comments

Popular posts from this blog

ගොත් උපසංස්කෘතිය පිලිබදව හැදින්විමක්

ගොත් යනු උමතුව,මරණය,රාත්‍රියෙ අන්ධකාරය,යක්ශයින්, සුර දුතයන් ආදි දෙවල් වලින් සැදුණු මධ්‍යතන යුගයෙ ගොතික් සම්ප්‍රදය ඉදිරියට ගෙන ගිය අපුරු වු උප සංකෘතියක් ලෙස නම් කල හැකිය.නමුත් ගොත් උපසංකෘතිය  ඇති වි දශක තුනක් පමන පසුව වර්තමානයෙ ලොකයෙ ගොත් තරුණ කණ්ඩායම් පෙර මෙන් සුලභ නැත.එසෙ විමට  හෙතුව විලාසිතවක් ලෙස පමණක් ගොත් කරණයට ලක් වු පිරිස් තරුණ විය ඉක්මවු පසුව ගොත් විලාසිතාවෙන් ඉවත් විමයි. රොක් සංගිතය  හා මත්ද්‍රව්‍ය,''හිපි'' සහ ඊට පසු ආ ''පන්ක්'' තරමට නොවුවද ගොත් දිවියට බැදි පවති.බාහිර පෙනුම සුවිශෙස වුයෙ අදුරු සහ මරණය නිරුපනය වෙන වර්ණ වලින් ඔහුන්ගෙ පෙනුම සකසා ගැනිමට භාවිත විමයි.කලු හො ඊට අනුයුක්ත වර්ණයෙන් සැරසි රිදි පැහැති ආයිත්තම් පලදින මොහුන් බොහොවිට මුහුණෙ විවිධ තැන් සිදුරු කර ලෝහමය ආභරණ එල්ලිම සිදු කරයි.සාමාන්‍ය ගොත් විලාසිතා ලෙස කලු හො සුදු පැහැ හිස කෙස්,කලු හො රතු පැහැ තොල් ,කලු හො රතු හො සුදු පැහැති ඇදුම් දැක්විය හැකිය.නමුත් එකි තත්වය සයිබර් ගොත් වැනි ගොත් ප්‍රභෙද වලට වලංගු නොවෙයි.මෙම විලාසිතා බොහොමයක් පන්ක්,වික්ටොරියන් ,එලිසබෙත් විලාසිතා වලින් ල...

ඉලෙක්ට්‍රා සංකීර්ණය

දුව සහ මව අතර මනෝලිංගික ගැටුම සඳහා යොදන මනෝවිශ්ලේෂණවාදී පදයක් ලෙස ඉලෙක්ට්‍රා සංකීර්ණය නම් කල හැකිය.එය බිඳී එන්නේ ග්‍රීක ජාතික  සොෆොක්ලීස්ගේ ඉලෙක්ට්‍රා නාට්‍යයයේ එන චරිතයක් වන ඉලෙක්ට්‍රා වෙතිනි. එම නාට්‍යට අනුව අගමෙම්නොන් රජු ට්‍රොජන්  යුද්ධය ජය ගෙන, සිය රටට ජයග්‍රාහීව පැමිණි විට ඔහුගේම භාර්යාව වන ක්‌ලයිටමෙනස්‌ට්‍රා අතින් මරණය පත් වෙයි. මෙයින් කෝපයට පත් වු ඉලෙක්ට්‍රා තම පියා වූ ඇගමෙම්නන්ව ඝාතනය කිරීම නිසා ඇයගේ මව වන ක්ලිටෙමෙස්ට්‍රා සහ සුළු පියා වන එජිස්තස්ට එරෙහිව යමින් තම සොහොයුරා වන ඔරෙස්ටීස් සමග මව ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කරයි. තමන්ගේ ස්ව ලිංගික අනන්‍යතාවයක් ගොඩනැගිමේදි දැරියකගේ තීරණාත්මක මනෝලිංගික අත්දැකීම වනුයේ ඉලෙක්ට්‍රා සංකීර්ණය යි.එනම් පියාගේ ස්වාමිත්වය සඳහා දුව හා මව අතර ඇති තරගය යි. එය ලිංගරූප අවධියේ දී (අවුරුදු 3–6), දරුවන් තම ශරීර පිළිබඳව, අනෙක් ළමයින්ගේ ශරීර පිළිබඳව, සහ දෙමව්පියන්ගේ ශරීර පිළිබඳව අවබෝධය ලබාගන්නා කාලයේ දී සිදුවේ. එහිදී ඔවුන් තම ශාරීරික කුතුහලය පිනවීමට නිරුවත් වෙමින් තම ජනනේන්ද්‍රියන් විපරම් කරයි; එයින් ගැහැණු හා පිරිමි අතර, "ගැහැණු ළමයා" සහ ...

විවාහය සහ විවාහය තුල ස්ත්‍රී දුෂණයක් විය හැකිද

විවාහය සහ විවාහය තුල ස්ත්‍රී දුෂණයක් විය හැකිද ? මිනිසාගෙ ලිංගික ජිවිත‍ය පාලනය කිරිම,එය විධිමත් කිරිම, ස්ථාපනය කිරිම උදෙසා මානව සමාජයේ විවාහය නම් සංකල්පය නිර්මාණය විය.සමාජ, සංස්කෘතික,ආගමික හා ආර්ථික පදනම් මත විවාහයන් සිදු වේ.විවාහය යන්න නිර්වචනය කිරිම පහසු කාර්යයක් නොවෙ. එයට හේතුව වන්නෙ එය ඉතා සංකිර්ණ මිනිස් සබඳතාවක් වන බැවින් එයට නිශ්චිත තනි නිර්වචනයක් සැපයිම ප්‍රායෝගිකව අපහසුය.නමුත් ලොකය පුරා විවිධ පුද්ගලයන් විවාහය යන්න නිර්වචනය කර ඇති අතර ඉන් කිහිපයක් මේසේ දැක්විය හැක. "එක් ස්ත්‍රියක් එක් පුරුෂයෙක් හො පුරුෂයන් එක් අයකුට වඩා වැඩි ගණනක් සමග ලිංගික සම්බන්ධතා ගොඩනැගිම තුලින් සමාජය පිලිගත් දරුවන් ලබාගැනිම විවාහය වේ. " -  කැතලින් ගොෆ් " පුරුෂයන් එක් අයකු හෝ වැඩි ගණනාවක් , ස්ත්‍රින් එක් අයකු හෝ වැඩි ගණනාවක් පවතින සමාජය අනුමත් කරන ආකාරයේ ලිංගික සම්බන්ධතා පවත්වා එයින් නෛතික හිමිකම්ක් සහිත දරුවන් බිහිකිරීම විවාහයයි" -  E.A. Westermarch/ History of Human marriage (1901) ඉහත් නිර්වචනයන් සැලකිමේදි විවාහය යන්න තුල මුලික කරුණක් ලෙස ලිංගික සම්බන්ධතාවය හදුනාගත හැකිය....