Skip to main content

Serial Killers / අනුක්‍රමික ඝාතකයින්,දාම ඝාතකයින්


සිරියල් කිලර්ස් එහෙමත් නැතිනම් අනුක්‍රමික ඝාතකයින්,දාම ඝාතකයින් යනු සාමන්‍යයෙන් පුද්ගලයන් තිදෙනෙකු හො ඊට වැඩි ප්‍රමාණයක් ඝාතනය කරනු ලැබු පුද්ගලයන්ය.මොහුන්ගෙ මෙම ඝාතන තුලින් මොහුන් අසාමාන්‍ය මානසික වින්දයක ලබයි. මෙම ඝාතන මාසයකට වඩා වැඩි කාලයක් පුරා සිදුවන අතර එක් ඝාතනයකින් පසුව සැලකිය යුතු කාලයකින් පසුව ඊලග ඝාතනය සිදුවෙ. මෙම ඝාතකයින් පිලිබද විවිධ නිර්වචන වෙ.. ඒ අතරින් FBI ආයතනය පවසන පරිදි මිනිමැරුම් 02ක් ඊට වැඩි ඝාතන මාලවක් දාම ඝාතනයක් වන අතර මෙම ඝාතන වෙන් වෙන් සිදුවිම් ලෙස සාමන්‍යයෙන් නිරුපණය වන නමුත් බොහොවිට සිටින්නෙ එක තනි වැරදි කාරයකු වන අතරම මෙම ඝාතන අතර බොහොවිට පොදු රටාවක් නිරුපණය වන බවයි. මාන්සික වින්දනය මෙම ඝාතකයන්ගෙ මිනිමැරුම් වලට සාමන්‍යෙන් හෙතුවන නමුත් බොහො විට මෙම ඝාතන වලට ගොදුරු වු පුද්ගලයන් සමග ලින්ගික සම්බන්දතා පැවත් විමක්ද දකනට ලැබෙ. තවද මම ඝාතකයින්ගෙ චේතනා ලෙස කොපය,ත්‍රසජනක අත්දැකිම් ලැබිමෙ ආසාව,මුල්‍යමය වාසි,තමන් කෙරෙහි අවධානය යොමු කරගැනිම ආදි විවිද හේතුන් ඇතුලත් විය හැකි බව FBI ආයතනය පවසයි.මෙම ඝාතන අපරාද බොහො විට සමාන ආකරයන්ගෙ සිදුවන අතර එනම් මෙම ඝාතන වල ගොදුරු වුවන්ගෙ පොදු ලක්ශන දකනට ලැබෙ,, ඒ සදහ ඝාතනය ලක්වු අයගෙ වයස් කාණ්ඩය,පෙනුම.පැහැය,ජාතිය,ස්ත්‍රි-පුරුෂභාවය වැනි ලක්ශන අතර සම්බන්දයක් දකනට ලැබෙ. තවද මෙම ඝාතන සමුහ මිනිමැරුම් වලින් වෙනස් වෙ.එනම් සමුහ මිනිමැරුම් යනු කිසියම් සිදුවිමක් මත බොහො පුද්ගලයන් ඝාතනය කිරිමය. එය කෙටි කාලයක් තුල ස්තාන දෙකක් හො ඊට වැඩි ස්තාන ප්‍රමානයක සිදුවෙ.නමුත් මම දාම ඝාතන සති,මාස ගණන් වැනි කාලපරිච්චෙදයක් තුල පැතිරියාමක් සිදුවන අතර එය දිගුකාලින් ක්‍රියාවලියකි.. තවද මෙකි ඝාතන සදහා කලින් කී පරිදි යම් කිසි පොදු ලක්ශණ ,පොදු  රාටවක්ද දක්නට ලැබෙ..


මෙම ඝාතකයන්ගේ පොදු ලක්ශන මෙසේය,
  • ඔහුන් කිසියම් මානසික රොගයකින් පෙලෙමින් සිටින් අතර එය ඔහුන්ගෙ මෙම මිනිමරු හැසිරිම්වල දායක විය හැක. නිදසුනක් ලෙස මානසික රොගබාධයකින් පෙලෙන රොගියකු ,ඔහුන් සිතන්නෙ ඔහුන් වෙනත් පුද්ගලයකු ලෙසය යැයි විස්වාස කිරිම,වෙනත් අයකු ඝාතන කිරිමට කෙරෙහි බලපායි.. තවද ඔහුන් තමන් කිසියම් දෙවිකෙනෙක් හො යක්ශයගෙ අණ ක්‍රියාත්ම කරවන්නෙක් ලෙස විස්වාස කිරිම.
  • ඇතැම් මෙම ඝාතකයින්ගෙ මානසික වසයෙන් බිදවැටිම්ද දක්නට ලැබෙයි.කිසියම් අතිත සිදුවිම මත දැඩි කම්පනයකින් පෙලිම.
  • ඇතැම් මෙම ඝාතකයනට පොදු වු මානසික හැසිරිම් ඇත. එනම් දුක හො වරදකාරියෙ හැගිම් නොමැති විම,පාලනය කිරිමෙ අවශ්‍යතාවය,කොල්ලකාරි හැසිරිම යනාදිය වෙ.
  • ඔහුන් බොහොවිට පවුලේ සමාජිකයන්ගේ ලින්ගික හින්සනයට,ශාරිරිරික හො ලින්ගික අපයොජනයට ලක් වු අය විම
  • බොහො විට මෙම පිරිස් ලමා හො තරුණ කාලයේදි හින්සාවට පත් වු හා හුදකල අය විය. නිදසුනක ලෙස හෙන්රි ලී ලුකාස් ලමා කාලයේදි සමච්චලයට ලක් වු අයකු වු අතර පසුකාලින්ව සම වයසේ මිතුරන් හ වෛර කිරිමට එය හේතු විය. තවද කෙනත් බ්‍රියන්ච් ලමා කාලයෙදි ආචාරශිලි අයෙක් විය.නමුත් ඔහු ලමා කාලයෙදි නිතරම කලිසමෙ මුත්‍ර කිරිම නිසා හින්සා පිඩා සිදුවු අතර තරුන වියේදි ඔහුගේ සම වයසේ මුතරන් විසින් නොසලකා හරින ලදි.
  • සමහර පුද්ගලයන් සුලු වන්චා,හොරකම්, හො ඊට සමාන වැරදි කල පුද්ගලයන්ය.
  • බොහො විට ඔහුන් රැකියාවක නිරතවන අතරම එම රැකියාවල ගැටුම් හා පිඩනය මත මෙකි ඝාතතන වලට යොමු විය.රැකියාවෙ වගකිම් වැඩිවිම,උසස්විම් නොමැතිවිම,ඒකකාරිත්වය,වැටුප් ප්‍රමානවත් නොවිම, ප්‍රධානින්ගෙ නිරත්තර දොශදර්ශනය ලක් විම වැනි වු හෙතුන් මෙයට හේතු විය හැක. FBI ආයතනය ප්‍රකාශ කරන පරිදි මෙම මිනිමරුවන් නිතරම සාමන්‍ය ජිවිතයක් ගත කරන අතර ස්තිර රැකියා සහ පවුල් පවතින් හො විටක අස්තාවර පවුල් පවතින් බවයි.
  • අධ්‍යන වලින් පෙන්නුම් කරන පරිදි දාම ඝාතකයින්ගෙ පොදුවෙ සාමන්‍ය හො මධ්‍යස්ත IQ අගයක් ඇත.මම ඝාතකයින් 202 කුගේ IQ නියැදියක මධ්‍යස්ත අගය 89කි. නමුත් මම නිර්ණයට ව්‍යතිරේඛයක්ද තිබෙ. නිදසුනක ලෙස හැරල්ඩ් ෂිප්මන් සාර්තක වෘතියවෙදියකි.ඔහු ප්‍රදේශිය ප්‍රජාවෙ කුලුණක් ලෙස සැලකේ.දරුවන්ගේ ඇදුම රොගය සදහා කල සේවය වෙනුවෙන් වෘත්තිය සම්මාන ලැබුවෙකි. තවද ඩෙනිස් නෙල්සන් සිවිල් සේවකයකු ලෙස සේවයකල හිටපු හමුදා නිලධාරියෙකි.අත්ඩන්ගුවට පත්වන විට කිසිදු අපරාධ වාර්තාවක් නොතිබුනු අයෙකි.වොටො ටැන්කි යනු අපරාධ වාර්තා පිලිබදව වාර්තාකාරයෙක් විය.ඔහු තමා විසින් කල ඝාතන පිලිබදව ලියු ලිපි මාලවක් මගින් හසු වුවෙකි. රසල් විලියම්ස් කාන්ත්වන් දෙදෙනෙක් ඝාතනය කිරිම,ලින්ගික දුෂනය සම්බන්දයෙන් අතඩන්ගුවට පත් වු අයකු වු අතර ඔහු රොයල් කැනේඩියානු ගුවන් හමුදාවෙ කර්නල් වරයෙකු ලෙස සාර්තක හා පිලිගත් වෘතියක නිරත වුවෙකි.
මෙම ඝාතකයින් ඉතා දරුණු විය හැක.. මක්නිසාද යත් ඔහුන් මම ඝාතන සිදුකරන්න මානසික වින්දයකට වන බැවිනි..නමුත් මෙම ඝාතකයින් නිර්මාණය කරන්නෙ අප සමාජයමය.. මෙම ඝාතකයින් යලි සමාජයට ගැලපෙන සෙ පුනරුත්තාපනය කල නොහැකි පිරිස් යැයි සාමන්‍යයෙන් සැලකනු ලබයි..

Comments

Popular posts from this blog

ගොත් උපසංස්කෘතිය පිලිබදව හැදින්විමක්

ගොත් යනු උමතුව,මරණය,රාත්‍රියෙ අන්ධකාරය,යක්ශයින්, සුර දුතයන් ආදි දෙවල් වලින් සැදුණු මධ්‍යතන යුගයෙ ගොතික් සම්ප්‍රදය ඉදිරියට ගෙන ගිය අපුරු වු උප සංකෘතියක් ලෙස නම් කල හැකිය.නමුත් ගොත් උපසංකෘතිය  ඇති වි දශක තුනක් පමන පසුව වර්තමානයෙ ලොකයෙ ගොත් තරුණ කණ්ඩායම් පෙර මෙන් සුලභ නැත.එසෙ විමට  හෙතුව විලාසිතවක් ලෙස පමණක් ගොත් කරණයට ලක් වු පිරිස් තරුණ විය ඉක්මවු පසුව ගොත් විලාසිතාවෙන් ඉවත් විමයි. රොක් සංගිතය  හා මත්ද්‍රව්‍ය,''හිපි'' සහ ඊට පසු ආ ''පන්ක්'' තරමට නොවුවද ගොත් දිවියට බැදි පවති.බාහිර පෙනුම සුවිශෙස වුයෙ අදුරු සහ මරණය නිරුපනය වෙන වර්ණ වලින් ඔහුන්ගෙ පෙනුම සකසා ගැනිමට භාවිත විමයි.කලු හො ඊට අනුයුක්ත වර්ණයෙන් සැරසි රිදි පැහැති ආයිත්තම් පලදින මොහුන් බොහොවිට මුහුණෙ විවිධ තැන් සිදුරු කර ලෝහමය ආභරණ එල්ලිම සිදු කරයි.සාමාන්‍ය ගොත් විලාසිතා ලෙස කලු හො සුදු පැහැ හිස කෙස්,කලු හො රතු පැහැ තොල් ,කලු හො රතු හො සුදු පැහැති ඇදුම් දැක්විය හැකිය.නමුත් එකි තත්වය සයිබර් ගොත් වැනි ගොත් ප්‍රභෙද වලට වලංගු නොවෙයි.මෙම විලාසිතා බොහොමයක් පන්ක්,වික්ටොරියන් ,එලිසබෙත් විලාසිතා වලින් ල

සංස්කෘතික හැසිරිම් සහ සමලිංගිකත්වය

සංස්කෘතික හැසිරිම් සහ සමලිංගිකත්වය සමාජයක සමාජිකයන් වශයෙන් මිනිසා විසින් අගය කරන්නවු දැනුම ,විස්වාසය,කලාව,සදාචාරය,නීතිය, සිරිත් විරිත් හා අනෙකුත් සියලුම හැකියාවන්වල සංකීර්ණ සමස්තය සංස්කෘතියයි ( E.B.Tylor ,1961, ප්‍රාථමික සංස්කෘතිය) නැතහොත් සරලව සංස්කෘතිය යනු සමාජයේ සමාජිකයන් විසින් පවරනු ලබන බෙදා හදා ගනුලබන ඉගෙන ගත් හැසිරිම් රටාවයි ( රැල්ෆ් ලින්ටන්, 1940) යම් සමාජයක සංස්කෘතිය යනු එම සමාජයේ වටිනාම අංගය වන අතර එකී සමාජයේ සමාජිකයන්ගේ හැසිරිම් පිලිබදව අධ්‍යනයේදි එකි සංස්කෘතික ලක්ෂණ අධ්‍යනය බෙහෙවින් වැදගත්ය. යම් සංස්කෘති‍යක එම සංස්කෘතික ලක්ශණ අනුව එකි සමාජයෙ පුද්ගලයන්ගේ හැසිරිම් රටාව, පෞරුෂත්වය තිරණය වේ.එනම් පුද්ගල පෞරුෂත්වය සමාජයෙන් සමාජයට වෙනස් වන අතර  (සමාජයෙන් සමාජයට සංස්කෘතිය වෙනස් වන බැවින්) පුද්ගලයා නියෝජනය කරන සංස්කෘතිය අනුව එකී පුද්ගලයාගෙ පෞරුෂත්වය ගොඩනැගෙයි.ප්‍රකට මානව විද්‍යාඥවරයෙක් වන මාග්‍රට් ම්ට් විසින් මෙකී කාරණාව පිලිපදව  නිව්ගිනියාවේ මුණ්ඩුගුමාර් හා ඇරපෙශ් ග්‍රෝතිකයන් හැසුරෙන් කරන ලද පරික්ශ්ණය හොදම නිදසුනක් ලෙසදැක්විය හැකිය. එම පරික්ශ්ණයට අනුව එකම වනාන්තරයක්

හිපි සංස්කෘතිය - 2

හිපි  සන්කෘතිය - 02 ඉතින් මෙ හිපි සන්කෘතියෙ දියුනුවට,ව්‍යප්තියට ඔහුන්ගෙ ලක්ශනත් බලපෑවා..ගොඩාක් තරුන තරුණියන්  මෙ හිපි සන්කෘතියට ඇදිලා එන්න එම සන්කෘතියට අයත් වු ප්‍රධාන  විකල්ප ජිවන රටාවක් ගොඩනගා ගැනිම හෙතු උනා. ඒය සුවිශෙෂි අංගයන්ගෙන් සම්න්විත වු අතර  සන්කෘතික විවිධත්වයක් ඒ තුලින් මතු විය.,ඇදුම්පැලදුම් ,සන්ගිතය මගින් එය ලොකයට කියා පෑමට ඔහුන් මාද්‍යක් කරගත්තෙය. ඒය වචනයෙන් නොව ක්‍රියාවෙන් ඔප්පු කරපෙනු වු දෙයක් විය . ස්වාභාව ධර්මයට වැඩි නැඹුරුවක් පෙනුවු මොහුන් බොහොවිට නිර්මාන්ශි ජිවිතය ගත කරන ලදි.ප්‍රතිචක්‍රියරණය කල හැකි ද්‍රව්‍ය (කඩදාසි,ජලය,සුර්ය තාපයා )මගින් බලශක්තිය නිපදවිමට උත්සාහ කල අතර නිවාස බොහොවිට තනා තිබුනෙ වාහන වල ඇතුලු කොටස් තුලය..ඒ තුල විවිධ වර්ණ වලින් ආලේප කරන ලදි.. කුඩා කුස්සියක්,නාන කාමරයක් හා නිදන කාමරයකින් මෙම නිවාස සමන්විත විය.තවද එම නිවාස තැනින් තැනට ගෙන යාමට හැකි වු අතරම ඔනෑම අයකුට ඇතුල් විමට සහ පිටවිම සදහ  නිදහසක් පැවතිය. ලින්ගික  භෙදයකින් තොරව ස්ත්‍රි සහ පුරුශ දේපාර්ශවයම විලාසිතවල නිරත විය.කොණ්ඩ සහ ඇදුම් විලාසිතා කලෙන් කාලෙට වෙන්ස්කම් සිදු වු නමුත් එම විලාසි