Skip to main content

සංස්කෘතික හැසිරිම් සහ සමලිංගිකත්වය






සංස්කෘතික හැසිරිම් සහ සමලිංගිකත්වය

සමාජයක සමාජිකයන් වශයෙන් මිනිසා විසින් අගය කරන්නවු දැනුම ,විස්වාසය,කලාව,සදාචාරය,නීතිය, සිරිත් විරිත් හා අනෙකුත් සියලුම හැකියාවන්වල සංකීර්ණ සමස්තය සංස්කෘතියයි ( E.B.Tylor ,1961, ප්‍රාථමික සංස්කෘතිය) නැතහොත් සරලව සංස්කෘතිය යනු සමාජයේ සමාජිකයන් විසින් පවරනු ලබන බෙදා හදා ගනුලබන ඉගෙන ගත් හැසිරිම් රටාවයි ( රැල්ෆ් ලින්ටන්, 1940)

යම් සමාජයක සංස්කෘතිය යනු එම සමාජයේ වටිනාම අංගය වන අතර එකී සමාජයේ සමාජිකයන්ගේ හැසිරිම් පිලිබදව අධ්‍යනයේදි එකි සංස්කෘතික ලක්ෂණ අධ්‍යනය බෙහෙවින් වැදගත්ය. යම් සංස්කෘති‍යක එම සංස්කෘතික ලක්ශණ අනුව එකි සමාජයෙ පුද්ගලයන්ගේ හැසිරිම් රටාව, පෞරුෂත්වය තිරණය වේ.එනම් පුද්ගල පෞරුෂත්වය සමාජයෙන් සමාජයට වෙනස් වන අතර  (සමාජයෙන් සමාජයට සංස්කෘතිය වෙනස් වන බැවින්) පුද්ගලයා නියෝජනය කරන සංස්කෘතිය අනුව එකී පුද්ගලයාගෙ පෞරුෂත්වය ගොඩනැගෙයි.ප්‍රකට මානව විද්‍යාඥවරයෙක් වන මාග්‍රට් ම්ට් විසින් මෙකී කාරණාව පිලිපදව  නිව්ගිනියාවේ මුණ්ඩුගුමාර් හා ඇරපෙශ් ග්‍රෝතිකයන් හැසුරෙන් කරන ලද පරික්ශ්ණය හොදම නිදසුනක් ලෙසදැක්විය හැකිය.

එම පරික්ශ්ණයට අනුව එකම වනාන්තරයක් තුල සමාන භුගෝලීය පිහිටිමක් ඇති පරිසරයක සිටින නමුදු  වෙනස් සංස්කෘතින් සමානුයෝජනය විම මත එකිනෙකට වෙනස් පෞරුෂ ලක්ශණ පෙන්විමක් දක්නට ලැබුනි.මුණ්ඩුගුමාර් ග්‍රෝතිකයන් ඉතා කලහකාරී ,ආක්‍රමණශීලී ,ආකාරුණික පිරිසක් වු අතර ඇරපෙශ් ග්‍රෝතිකයන් සාමකාමි,කාරුණික පිරිසක් විය.මුණ්ඩුගුමාර් ග්‍රෝතිකයන් සිය දරුවන් හට කිරි ලබා දුන්නෙ තමන්ට හිතුණ,කැමති වේලාවකය.ඒ බැවින් එම ළදරුවන් බොහෝ විට කුසගින්නේන් පෙලෙන්නට විය.එම දරුවන් කුඩාකලම දෙමාපියන් ගෙ කෲර දඩුවම් වලට හිමිකම් කියු අතර ඔහුන් හට දෙමාපියන් ගේ හෝ වැඩිහිටියන් ගේ ආදරය,රැකවරණය ,අවදානයද හිමි නොවිය.ඔහුන් නිතරම දකින ලද්දෙ දෙමාපියන් ගේ කෝලාහලය. නමුත් ඇරපෙශ් ග්‍රෝතිකයන් ගේ තත්වය මීට හාත්පසින්ම වෙනස් විය.ඔහුන් තම දරුවන් හට බොහොසේ ආදරය කල අතර නිතර තම අවදානය ලමුන්හට යොමු කලේය. එහිප්‍රතිඵලය ලෙස ඇරපෙශ් ග්‍රෝතිකයන් ගෙ ලමුන් කාරුණික, සාමකාමි පිරිසක් බවටත් මුණ්ඩුගුමාර් ග්‍රෝතිකයන් ගේ දරුවන් ආක්‍රමණශීලී ආකාරුණික පිරිසක් බවටත් පත් විය.ඉතින් මෙම තත්ත්වය කෙසෙද අපරාධ වලට හෙතු කාරක වන්න් යන්න අමුතුවෙන් කිව යුතු නැත.

2012 දෙසැම්බර් 16 දා ඉන්දියාවේ නි‍ර්භයා (සත්‍ය නම හෙලි නොකර මාධ්‍ය විසින් දැමු නමක්) නම් වෛද්‍ය තරුණිය සමුහ දුශණයට ලක්ව මිලේච්ඡ වධහිංසා ට ලක්ව දකුණු ඉන්දියාවෙ දි මරා දැමුනු සිද්ධිය ඔබට අමතක නැතැයි සිතමි.එහිදි එම අපරාධය සිදුකරන ලද අපරාධ කරුවන් වනුයෙ බස් රථ රියදුරු හා ඔහුගේ සහොදරයා, දකුණු ඉන්දියාවෙ මුඩුක්කු පැල්පත් වාසින් දෙදෙනෙක්, රැකියාවක් සොයා දිල්ලිය ආ තරුණයෙක් සහ අවුරුදු 17 වයසැති බාලවයස් කරුවෙක් ය.දුගී සංස්කෘතිය හට ඔහුන් උරුම කම් කියු අතර නිර්භයා හා ඇයගේ පෙම්වතා ගේ ප්‍රේමය ඔහු දකින්නේ සංස්කෘතිය විනාස කරන අශිලාචාර හැසිරිමක් ලෙසය.ඉන් ඇති වු කතාව අවසානයේ නතර වුයේ මිලේච්ත්වයෙනි. ඉන්දියාවෙ සාම්ප්‍රදායික මතදාරින් සිය සංස්කෘතිය ආරක්ශා කිරිමේ නමෙන් මෙලෙස අපරාධ කිරිම ඉන්දියාවෙ අද ඊයෙක සිදු වුවක් නොවන අතර එය හෙටද නැවත සිදුවිය හැක.දැඩි කුලවාදයක් සහිත ඉන්දියාවෙ විරුද්ධ කුල අතර විවාහ,ප්‍රේම සම්බන්ධතා වලට පිලිතුරු ලෙස බොහො අපරාධ සිදුවි ඇත. කුල සංස්කෘතිය එපමණ බලපෑම් කිරිමට තරම් ඔහුන්ගේ ජිවිතයට සමිපය.

සමාජයක් පුද්ගලයා ගෙ හැසිරිම් රටාවට පැහැදිලිවම එම සමාජයේ සංස්කෘතිය බලපෑම් කරයි.එය යහපත් හො අයහපත් ලෙසට බලපෑම් කරන්නේද යන්න තීරණය කරන්නෙ එම සංස්කෘතියහි ලක්ශණ හා එම බලපෑමට යටත් වන පුද්ගලයා ගේ සිතුවිලිය.උදාහරණයක් වශයෙන් වර්තමානයේ අප රටේ ඇති සමලිංගික විරෝධය සැලකිමේදි එයට බොහෝ දුරට සංස්කෘතික ලක්ශණ බලපෑ ඇති බව නිරික්ෂණය කල හැක. අප රටේ සංස්කෘතිය තුල සමලිංගිකත්වය පිලිකුල් කරන අතර ඒ හරහා සමාජයේ පුද්ගලයා සිය තීරණ ගැනිමෙදි සමලිංගිකත්වය යන්න දකින්නෙ පිලිකුලක් ලෙසය.සමලිංගිකත්වය පිලිකුල් කරන සංස්කෘතියක් තුල එම සමාජයෙ සමාජිකයන් සමලිංගිකත්වය කෙරෙහි දක්වන ආකල්පයද ධනාත්මක යැයි අපිට කිව නොහැක. වර්තමානයේ සමලිංගිකයින් හට එල්ලවන කායික හා මානසික හිරිහැර එයට හොදම උදාහරණයකි.එවැනි  සංස්කෘතියක් තුල සමලිංගිකත්වය යනු බරපතළ අපරාධයක්,දේව අපහාසයක් විම සාමාන්‍ය දෙයකි.

සෑම විටම සංස්කෘතිය යන්න එකතැන පල්වන දෙයක් නොවන බවද අප වටහා ගත යුතුය. යම් ලෙසකින් සංස්කෘතිය එකතැන පල් වෙන්නෙ නම් එම සංස්කෘතියහි,එම සමාජයේ පැවත්ම පිලිබඳ ද ගැටලු පැණ නගි. සංස්කෘතිය යන්න සෑම විටම නව අදහස්,නීති හො බාහිර සංස්කෘතික ලක්ශණ නිසාවෙන් වෙනස් විම්වලට භාජනය වෙයි.යම් සංස්කෘතියක් තුල පවතින සෘණාත්මක අංගයන් හා මිත්‍යා දෘෂ්ටිකත්වය සහිත අංගයන් නිරතුරුවම අභියෝගයට ලක්විමක් දක්නට ලැබෙයි. උදාහරණයක් වශයෙන් බටහිර රටවල් සමලිංගිකත්වය කෙරෙහි වර්තමානයේ දක්වන්නෙ යහපත් ආකල්පයකි.නමුත් මීට පෙර 1950ට පෙර එම රටවල් වල සමලිංගිකත්වය හට හිමි වුයේ යහපත් ආකල්පයක් නොවන අතර හිමිවුයෙ සෘණාත්මක ආකල්ප වු අතර කොටින්ම සමලිංගිකත්වය පිලිකුල් දෙයක් බවට පත් විය. නමුත් පෙර කී පරිදි එකී සෘණාත්මක ආකල්ප අභියෝගයට ලක් විය. නමුත් එකි වෙනස්කම,එකි සංස්කෘතික විතැන් විම එක්වරම කිසිවිටකත් සිදුවනෙ නැත.ඒ සදහා කාලයක් ගතවේ.

1993 දි නෙබ්‍රස්කා ෆොල්ස් සිටි වෙත තරුණයෙක් අලුත් ආරම්භක් සදහා පැමින්නවා.ඔහු නමින් බ්‍රැන්ඩන් ටීන් ය.ඔහු 1993 දෙසැම්බර් 19 අත් අඩංගුවට පත් වන්න් වාහන සොරකම,ක්‍රෙඩිට් කාඩ් වංචාව නිසා ඔහුගේ උපන් ගම වන ලින්කන් හි උසාවි මග හැරිමේ චෝදනාව මතය. ඔහුගේ පෙම්වතිය වන ලානා ට්ස්වේල් ඔහුව බේරගැනිමට පැමිනෙන විට ඇයට දැනගන්න ලැබෙන්නෙ තම පෙම්වතා බ්‍රැන්ඩන් ටීන් යනු  Transgender කෙනෙක් බවත් සෑබෑ නම් ටීනා බ්‍රැන්ඩන් නම් තරුණිය බවත්‍ ය.පසුව මෙම ටීනා බ්‍රැන්ඩන් ( බ්‍රැන්ඩන් ටීන් ) නිදහස් වන නමුත් බ්‍රැන්ඩන් ටීන් ගෙ මිතුරන් වන ජෝන් හා ටිම් හට මෙකී ආරංචිය එසැනින් ලැබෙනවා.එනම් තමන්ගේ මිතුරා තරුණයෙක් නොව තරුණියක් බව.ඉන්පසුව  ඇය මෙතුවක් කල ඔහුන්ව රැවටිම පිලිබදවත් ,තමගේ හිටපු පෙම්වතිය ලානාව රැවටිම පිලිබදව උරණ වු ජෝන් ටිමි හා එකව ටීනා බ්‍රැන්ඩන් (බ්‍රැන්ඩන් ටීන් ) ව 1993 දෙසැම්බර්  19-31 අතර තුර වධහිංසා කරමින් ,දුෂණය කරමින් මරා දමනව.මෙම සංවේදී සිදුවිම Boys Don't Cry නම් චිත්‍රපටයක් ලෙස පසුව නිර්මාණය විය.ප්‍රශ්න නම් ඇයි එසේ එය සිදුවුණේ ? සමලිංගිකත්වය එරෙහිව ඇමරිකන් සංස්කෘතිය තුල තිබූ බලපෑම් එයට පිලිතුර නොවේද ?

ඇමරිකන් සංස්කෘතිය සමලිංගිකත්වය පිලිගත්තද එකී සංස්කෘතිය තුල සුලු වශයෙන් හෝ සමලිංගිකත්වය හට විරුද්ධ පිරිස් සිටින බව ඉන් නිරුපණය නොවන්නෙද?? මෙම සිදුවිම හා සමාන සිදුවිමක් පසුගිය මාසයේ පමණ ඔස්ට්‍රේලියාවේන්ද වාර්තාවිය. එනම් තම දියණියගෙ සමලිංගික ලක්ශණ නොරිසි වු පියා විසින් ඇයව සමලිංගිකත්වයෙන් මුදා ගනු පිණිස ඔහුගෙ මිතුරන් සමග එක්ව දුෂණය කිරිමයි. මේ කරුණු කාරනා වලින් නිරුපණය කරන්නෙ යම් සංස්කෘතියක පසුගාමි මතවාද ඉතා ඉක්මනින් හා පසුවෙන් ඉවත් කල නොහැකි බව නොවේද? තව එම පසුගාමි මතවාදින් තම මතවාද මුදුන් පත් කරගැනිමටප්‍රචණ්ඩත්වය මුදා හැටිමට පසු බට නොවන වග නොවේද ?

අප රටෙ සංස්කෘතිය හා සමලිංගිකත්වය අතර ඇති ගැටුමට විසදුම් සෙවිමේදි අප මෙම ප්‍රශ්නය නිවැරැදිව තේරුම් ගත යුතුය.තවද කඩිනමින් සමලිංගික අයිතිවාසිකම් පිලිගැනිමට අවශ්‍ය නීති සැකසිමට අප පෙලඹිය යුතුය. අප රටෙ සංස්කෘතිය සහ සමලිංගිකත්වය අතර ගැටුමට පිලිතුරු ලෙස සමලිංගිකත්වය පිලිගන්න තැනට සංස්කෘතිය වෙනස් කිරිම මිස සංස්කෘතිය විසින් සමලිංගිකත්වය පිලිගන්නා තුරු බලාසිටිම නම් විහිලුවකි.අවශ්‍ය වන්නෙ ඉදිරිපත් විම සහ නැගිසිටිමයි.

Rio Sagaarox


Comments

Popular posts from this blog

ගොත් උපසංස්කෘතිය පිලිබදව හැදින්විමක්

ගොත් යනු උමතුව,මරණය,රාත්‍රියෙ අන්ධකාරය,යක්ශයින්, සුර දුතයන් ආදි දෙවල් වලින් සැදුණු මධ්‍යතන යුගයෙ ගොතික් සම්ප්‍රදය ඉදිරියට ගෙන ගිය අපුරු වු උප සංකෘතියක් ලෙස නම් කල හැකිය.නමුත් ගොත් උපසංකෘතිය  ඇති වි දශක තුනක් පමන පසුව වර්තමානයෙ ලොකයෙ ගොත් තරුණ කණ්ඩායම් පෙර මෙන් සුලභ නැත.එසෙ විමට  හෙතුව විලාසිතවක් ලෙස පමණක් ගොත් කරණයට ලක් වු පිරිස් තරුණ විය ඉක්මවු පසුව ගොත් විලාසිතාවෙන් ඉවත් විමයි. රොක් සංගිතය  හා මත්ද්‍රව්‍ය,''හිපි'' සහ ඊට පසු ආ ''පන්ක්'' තරමට නොවුවද ගොත් දිවියට බැදි පවති.බාහිර පෙනුම සුවිශෙස වුයෙ අදුරු සහ මරණය නිරුපනය වෙන වර්ණ වලින් ඔහුන්ගෙ පෙනුම සකසා ගැනිමට භාවිත විමයි.කලු හො ඊට අනුයුක්ත වර්ණයෙන් සැරසි රිදි පැහැති ආයිත්තම් පලදින මොහුන් බොහොවිට මුහුණෙ විවිධ තැන් සිදුරු කර ලෝහමය ආභරණ එල්ලිම සිදු කරයි.සාමාන්‍ය ගොත් විලාසිතා ලෙස කලු හො සුදු පැහැ හිස කෙස්,කලු හො රතු පැහැ තොල් ,කලු හො රතු හො සුදු පැහැති ඇදුම් දැක්විය හැකිය.නමුත් එකි තත්වය සයිබර් ගොත් වැනි ගොත් ප්‍රභෙද වලට වලංගු නොවෙයි.මෙම විලාසිතා බොහොමයක් පන්ක්,වික්ටොරියන් ,එලිසබෙත් විලාසිතා වලින් ල

හිපි සංස්කෘතිය - 2

හිපි  සන්කෘතිය - 02 ඉතින් මෙ හිපි සන්කෘතියෙ දියුනුවට,ව්‍යප්තියට ඔහුන්ගෙ ලක්ශනත් බලපෑවා..ගොඩාක් තරුන තරුණියන්  මෙ හිපි සන්කෘතියට ඇදිලා එන්න එම සන්කෘතියට අයත් වු ප්‍රධාන  විකල්ප ජිවන රටාවක් ගොඩනගා ගැනිම හෙතු උනා. ඒය සුවිශෙෂි අංගයන්ගෙන් සම්න්විත වු අතර  සන්කෘතික විවිධත්වයක් ඒ තුලින් මතු විය.,ඇදුම්පැලදුම් ,සන්ගිතය මගින් එය ලොකයට කියා පෑමට ඔහුන් මාද්‍යක් කරගත්තෙය. ඒය වචනයෙන් නොව ක්‍රියාවෙන් ඔප්පු කරපෙනු වු දෙයක් විය . ස්වාභාව ධර්මයට වැඩි නැඹුරුවක් පෙනුවු මොහුන් බොහොවිට නිර්මාන්ශි ජිවිතය ගත කරන ලදි.ප්‍රතිචක්‍රියරණය කල හැකි ද්‍රව්‍ය (කඩදාසි,ජලය,සුර්ය තාපයා )මගින් බලශක්තිය නිපදවිමට උත්සාහ කල අතර නිවාස බොහොවිට තනා තිබුනෙ වාහන වල ඇතුලු කොටස් තුලය..ඒ තුල විවිධ වර්ණ වලින් ආලේප කරන ලදි.. කුඩා කුස්සියක්,නාන කාමරයක් හා නිදන කාමරයකින් මෙම නිවාස සමන්විත විය.තවද එම නිවාස තැනින් තැනට ගෙන යාමට හැකි වු අතරම ඔනෑම අයකුට ඇතුල් විමට සහ පිටවිම සදහ  නිදහසක් පැවතිය. ලින්ගික  භෙදයකින් තොරව ස්ත්‍රි සහ පුරුශ දේපාර්ශවයම විලාසිතවල නිරත විය.කොණ්ඩ සහ ඇදුම් විලාසිතා කලෙන් කාලෙට වෙන්ස්කම් සිදු වු නමුත් එම විලාසි