Skip to main content

ගොත් උපසංස්කෘතිය පිලිබදව හැදින්විමක්

ගොත් යනු උමතුව,මරණය,රාත්‍රියෙ අන්ධකාරය,යක්ශයින්, සුර දුතයන් ආදි දෙවල් වලින් සැදුණු මධ්‍යතන යුගයෙ ගොතික් සම්ප්‍රදය ඉදිරියට ගෙන ගිය අපුරු වු උප සංකෘතියක් ලෙස නම් කල හැකිය.නමුත් ගොත් උපසංකෘතිය  ඇති වි දශක තුනක් පමන පසුව වර්තමානයෙ ලොකයෙ ගොත් තරුණ කණ්ඩායම් පෙර මෙන් සුලභ නැත.එසෙ විමට  හෙතුව විලාසිතවක් ලෙස පමණක් ගොත් කරණයට ලක් වු පිරිස් තරුණ විය ඉක්මවු පසුව ගොත් විලාසිතාවෙන් ඉවත් විමයි.


රොක් සංගිතය  හා මත්ද්‍රව්‍ය,''හිපි'' සහ ඊට පසු ආ ''පන්ක්'' තරමට නොවුවද ගොත් දිවියට බැදි පවති.බාහිර පෙනුම සුවිශෙස වුයෙ අදුරු සහ මරණය නිරුපනය වෙන වර්ණ වලින් ඔහුන්ගෙ පෙනුම සකසා ගැනිමට භාවිත විමයි.කලු හො ඊට අනුයුක්ත වර්ණයෙන් සැරසි රිදි පැහැති ආයිත්තම් පලදින මොහුන් බොහොවිට මුහුණෙ විවිධ තැන් සිදුරු කර ලෝහමය ආභරණ එල්ලිම සිදු කරයි.සාමාන්‍ය ගොත් විලාසිතා ලෙස කලු හො සුදු පැහැ හිස කෙස්,කලු හො රතු පැහැ තොල් ,කලු හො රතු හො සුදු පැහැති ඇදුම් දැක්විය හැකිය.නමුත් එකි තත්වය සයිබර් ගොත් වැනි ගොත් ප්‍රභෙද වලට වලංගු නොවෙයි.මෙම විලාසිතා බොහොමයක් පන්ක්,වික්ටොරියන් ,එලිසබෙත් විලාසිතා වලින් ලබාගත් එවාය.සමහර ගොත් විලාසිතා  Emo සහ Heavy  Metal විලාසිතා සමග මිශ්‍රව ඇත.බ්‍රම් ස්ටොකර් ගෙ ඩ්‍රැකියුලා සි‍ටුවරයාගෙ පෙනුමට මෙම ගොත් වරුන්ගෙ ඇදුම හා පෙනුම බොහො සමානය.

හිපි සන්කෘතිය ක්‍රමයෙ වියැකිමත්  සමග යුරොපයෙ තරුණයන් බොහො පිරිස් වර්ණවත් විදුලි සැර වැදුනු හිසකෙස් වලින් හිස සරසාගත් ''පන්ක්' සන්කෘතිය මගින් වෙලාගත් අතර ඔහුන් කෙරෙහි සිවිල් ජන සමාජයෙ මතවාදය සුබ නොවිය. හාර්ඩ් රොක් සහ මෙටල් සංගිතයෙන් ඔහුන් මත්ව සිටියෙය.පන්ක් මෙන්ම ඉමො ආදි ගැටවර කල්ලි නොහික්මුනු ,අනාගතයක් නැති පිස්සන් ‍රැලක්  බව පොදු මතය විය.මෙ අතරවාරයෙදි එංගලන්තයෙ,ප්‍රංශයෙ ආදි රටවලින් ගුප්ත පෙනුමැති ගොත් සන්කෘතිය පැතිර ගියෙය.ඔහුන්ගෙ ඇදුම් පැලදුම් මෙන්ම සිතුවිලි බොහො දුරට සාමාන්‍ය ජනයා වඩා වෙනස් විය.මෙ නිසා සිවිල් ජනතාවට ඔහුන් පෙනුනෙ ,දැනුනෙ නපුරු සිහින වල චරිත මෙන්ය.එබැවින් බොහො විට ගොත් උප සන්කෘතිය සිවිල් සමාජයෙන් දුරස් විය.


මෙම ගොත් සාම්ප්‍රද්‍ය ඇරඹිමට පෙර බොහො කාලයට කලින් මධ්‍යන යුගයෙ  ප්‍රංශයෙ උතුරෙ හි ගොතික් නම් කලා සම්ප්‍රද්‍යක් ආරම්භ විය.පසුකාලිනව යුරොපයට පැතිර ගිය මෙය මුර්ති,කැටයම්,සිතුවම්,ගෘහ නිර්මාණ ආදියෙන් යුක්ත වු විශාල කලාවක් විය.යුරොපයෙ අහස දෙසට දික් වු ස්විශාල අදුරු මන්දිර,දෙවස්තාන එකි ගොතික් කලාවෙ ජිවමාන සාක්ශි වෙ.එවා ආගමික නැඹුරුවක් සහිත නිර්මාණ විය.ගොතික් සාහිත්‍ය දෙස බැලිමෙදි ඩ්‍රැකියුලා සහ මෙරි ශෙලියි ගෙ ෆැන්කස්ටයින් , ඔස්කාර් වයිල්ඩ්ගෙ Pictures of Dorian Gray විශාල අවධානයක් යොමු කරගත් ග්‍රන්ථවේ. මෙම කෘතිවල චරිතයන් බොහො දුරට වර්තමාන ගොත් උපසංස්කෘතිය චරිත වලට සමානවෙ.සාහිත්‍යට අමතරව ගොත් පදනම් කරගෙන බොහො සිනමා පටද නිර්මානය වි ඇත.මනසෙහි අදුරු කොටස් විශ්ලෙෂනය සදහා කලා මාධ්‍යක් වශයෙන් ගොත් ක්‍රමය උපයොගි කරගැනිමට ඇති හැකියාව ඉතා අපුරුය.


ගොත් සංකෘතියට ස්ථිර වු ආගමික මතවාදය නැත.සමහර ගොත් තරුනයන් කුරුසයද පැලද සිටියි.තවත් පිරිස් Eye of Ra /Eye of Horus නම් ඊජිප්තු ආගමික සංකෙතය ද භාවිත කරයි. නමුත් බොහොවිට මොහුන්ගෙ සුරතෙ කොත් 05න් යුක්ත තරුවක් දක්නට ඇත.එය විකා (Wicca)නම් ආගමික බැතිමතුන්ගෙ සංකෙතයකි.බොහො ගොත් පිරිස් බහු ආගමික සංකෙත භාවිතා කරන අතර සෙවනැලි පොතවිකා (Wicca )ඇදහිලි හා දැනුම අඩන්ගු පොත් භාවිත කරයි.මෙවැනි ඇදහිලි ,විශ්වාස ඔහුන් සමග බැදි පැවතිම නිසා පොදු ජනය දරනුයෙ වෙනස්ම වු මතයකි.එනම ගොත් යනු යක්ෂය/සාතන් සරණ ගිය පිරිසක් බවය.අදුර,විනාශය,මරණය ආදි තෙරුම් ඇති කලු පැහැයෙන් සැරසි සිටිමත්, නැතිනම් ගුප්ත හැසිරිම් සහ ආකල්ප නිසාත් යක්ෂයා/යක්දෙසින් ලෙස සමාන්‍ය ජනයා  මොහුන් දෙස බිය සහ සැක මුසුව බලයි.


  book of Shadows මෙහි ඇති                   සංකේතය,විකා සංකේතයවේ






Eye of Ra /Eye of Horus නම් ඊජිප්තු ආගමික සංකෙතය


ගොත් උපසංස්කෘතිය 1980 ගණන් වලදි එක්සත් රාජධානියෙන් ආරම්භ වි ලොව පුරා බොහො රටවල් වැලදගත් උපසංස්කෘතියක් ලෙස හැදින්විය හැකිය.පශ්චාත් පන්ක් උපසංස්කෘතියට පසුව එලඹුන මෙම ගොත් සංස්කෘතිය දිගු කාලයක් සහ විවිධාංගීකරණය වෙමින් ඉදිරියට ගිය උපසංස්කෘතිය ලෙස හැදින්විය හැකිය.1970-80 දශකයේ මුල් භාගය වනවිට ඇමරිකන් පන්ක්  උපසංස්කෘතිය බිදවැටුනි.1980 දි Bauhaus නම් සංගිත කණ්ඩායමේ Bela Lugossis Dead නම් ගිතයක් එලි දැක්විය.එය මුලින්ම විකාරරූපී ගිතයක් ලෙස බොහො පිරිස් හැදින්වු අතර නමුත් ටිකෙන් ටික තරුණ පිරිස් එම ගිතයෙ අමුතු පදරචනය සහ සංගිතය ඇලුම් කරන ලදි.එය ගොත් හි ආරම්භක අවස්තා ලෙස සැලකිය හැක.මෙකි ගිතයේ පද රචනය මෙසෙය.



White on white translucent black capes
Back on the rack
Bela Lugosi's dead
The bats have left the bell tower
The victims have been bled
Red velvet lines the black box

Bela Lugosi's dead
Bela Lugosi's dead
Undead undead undead
Undead undead undead

The virginal brides file past his tomb
Strewn with time's dead flowers
Bereft in deathly bloom
Alone in a darkened room

Bela Lugosi's dead
Bela Lugosi's dead
Bela Lugosi's dead
Undead undead undead
Undead undead undead
Undead

මෙම ගොත් උපසංස්කෘතිය උප කුල කොටස් රාශියක් පවතින බව මිට පෙර පැවසිය.එම උප කුල මෙසෙය.

Cyber goth
Victorian goth
Romantic goth
The Carnival Goth
The military Goth
The Cabaret Goth
The dark mori goth
The Tribal Goth
The Babaydoll Goth
Lolita Goth
The White Goth
The Pastel Goth
The Hippy Goth
The Medieval Goth
The Glam Goth
The Nu Goth
The Trad Goth
The J Goth
The Crop Goth
The Casual Gotj
The Rivethead Goth
The Haute Goth
The petky Goth

යනාදි ලෙස විවිධාංගීකරණය  වු ගොත් උප කොටස් ඇත.

Comments

Popular posts from this blog

ඉලෙක්ට්‍රා සංකීර්ණය

දුව සහ මව අතර මනෝලිංගික ගැටුම සඳහා යොදන මනෝවිශ්ලේෂණවාදී පදයක් ලෙස ඉලෙක්ට්‍රා සංකීර්ණය නම් කල හැකිය.එය බිඳී එන්නේ ග්‍රීක ජාතික  සොෆොක්ලීස්ගේ ඉලෙක්ට්‍රා නාට්‍යයයේ එන චරිතයක් වන ඉලෙක්ට්‍රා වෙතිනි. එම නාට්‍යට අනුව අගමෙම්නොන් රජු ට්‍රොජන්  යුද්ධය ජය ගෙන, සිය රටට ජයග්‍රාහීව පැමිණි විට ඔහුගේම භාර්යාව වන ක්‌ලයිටමෙනස්‌ට්‍රා අතින් මරණය පත් වෙයි. මෙයින් කෝපයට පත් වු ඉලෙක්ට්‍රා තම පියා වූ ඇගමෙම්නන්ව ඝාතනය කිරීම නිසා ඇයගේ මව වන ක්ලිටෙමෙස්ට්‍රා සහ සුළු පියා වන එජිස්තස්ට එරෙහිව යමින් තම සොහොයුරා වන ඔරෙස්ටීස් සමග මව ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කරයි. තමන්ගේ ස්ව ලිංගික අනන්‍යතාවයක් ගොඩනැගිමේදි දැරියකගේ තීරණාත්මක මනෝලිංගික අත්දැකීම වනුයේ ඉලෙක්ට්‍රා සංකීර්ණය යි.එනම් පියාගේ ස්වාමිත්වය සඳහා දුව හා මව අතර ඇති තරගය යි. එය ලිංගරූප අවධියේ දී (අවුරුදු 3–6), දරුවන් තම ශරීර පිළිබඳව, අනෙක් ළමයින්ගේ ශරීර පිළිබඳව, සහ දෙමව්පියන්ගේ ශරීර පිළිබඳව අවබෝධය ලබාගන්නා කාලයේ දී සිදුවේ. එහිදී ඔවුන් තම ශාරීරික කුතුහලය පිනවීමට නිරුවත් වෙමින් තම ජනනේන්ද්‍රියන් විපරම් කරයි; එයින් ගැහැණු හා පිරිමි අතර, "ගැහැණු ළමයා" සහ ...

විවාහය සහ විවාහය තුල ස්ත්‍රී දුෂණයක් විය හැකිද

විවාහය සහ විවාහය තුල ස්ත්‍රී දුෂණයක් විය හැකිද ? මිනිසාගෙ ලිංගික ජිවිත‍ය පාලනය කිරිම,එය විධිමත් කිරිම, ස්ථාපනය කිරිම උදෙසා මානව සමාජයේ විවාහය නම් සංකල්පය නිර්මාණය විය.සමාජ, සංස්කෘතික,ආගමික හා ආර්ථික පදනම් මත විවාහයන් සිදු වේ.විවාහය යන්න නිර්වචනය කිරිම පහසු කාර්යයක් නොවෙ. එයට හේතුව වන්නෙ එය ඉතා සංකිර්ණ මිනිස් සබඳතාවක් වන බැවින් එයට නිශ්චිත තනි නිර්වචනයක් සැපයිම ප්‍රායෝගිකව අපහසුය.නමුත් ලොකය පුරා විවිධ පුද්ගලයන් විවාහය යන්න නිර්වචනය කර ඇති අතර ඉන් කිහිපයක් මේසේ දැක්විය හැක. "එක් ස්ත්‍රියක් එක් පුරුෂයෙක් හො පුරුෂයන් එක් අයකුට වඩා වැඩි ගණනක් සමග ලිංගික සම්බන්ධතා ගොඩනැගිම තුලින් සමාජය පිලිගත් දරුවන් ලබාගැනිම විවාහය වේ. " -  කැතලින් ගොෆ් " පුරුෂයන් එක් අයකු හෝ වැඩි ගණනාවක් , ස්ත්‍රින් එක් අයකු හෝ වැඩි ගණනාවක් පවතින සමාජය අනුමත් කරන ආකාරයේ ලිංගික සම්බන්ධතා පවත්වා එයින් නෛතික හිමිකම්ක් සහිත දරුවන් බිහිකිරීම විවාහයයි" -  E.A. Westermarch/ History of Human marriage (1901) ඉහත් නිර්වචනයන් සැලකිමේදි විවාහය යන්න තුල මුලික කරුණක් ලෙස ලිංගික සම්බන්ධතාවය හදුනාගත හැකිය....