Skip to main content

බාමියන් බුදු පිලිම විනාශ කිරිමට උදව් කරන්න වුන ඔහු කියන්න කතාව


2001 දී මොහොමඩ් ඔමාර් නම් තලේබාන් නායකයාගෙ අණ මත බාමියන් බුදු පිලිම විනාස කිරිමට සෙයිඩ් මිර්සා හොසෙයින්ට සිදු විය. වසර 15 පසු බිබිසි හමුවේ එම  අමිහිරි සිදු විම ඔහු මෙසෙ පවසා ඇත.

" මම කවදාවත් හිතුවෙ නෑ ඔවුන්ට ඒක  විනාශ කරන්න ඕනිවෙයි  කියලා. බාමියන් බුදු පිලිම තුනක් තිබුනා.මෙහෙ මිනිසුන්ට එය ගොඩාක් වටිනවා ..සංචාරකයන් මෙහෙ එන්නෙ ඒක බලන්න. බාමියන් පිළිම අපේ අභිමානවත් සම්පතක්. මම සාමාන්‍ය ගොවියෙක් වෙලා හිටියෙ. මම ජිවත්වෙලා හිටියෙ මෙහෙ තියෙන්න ලෙන් වල.  බාමියන්ව  අල්ලගන්න ඔහුන් එන්නවා කියලා ආරංචියක් ආවා.ඔවුන් ඇවිත් මාව හිරකාරයෙක් කරගත්තා. ඔවුන්ට තවත්  සියයක් විතර හිරකාරයො හිටියා.
ඔවුන් කරපු පලමු දේ බර අවි වලින් බුදුන් ඉදිරිපිට ප්‍රහාර එල්ල කිරීමයි. ඔවුන් උත්සාහ කරා යුධ ටැංකි සහ රොකට් වලින්. නමුත් ඔවුන්ට එය විනාශ  කරන්න බැරි වුනා. ඉන්පසුව ඔවුන් පුපුරණ ද්‍රව්‍ය අරගෙන ආවා.
අපි පුපුරණ ද්‍රව්‍ය ඉවත්කරගෙන ,පිලිම වලට සවි කරන්න අරගෙන ගියා. අපිට පුලුවන් කමක් තිබුන් නෑ කියන්න අපි බුදුන් පුපුරවන්නෙ නෑ කියලා. එහෙම කලා නම් ඔවුන් අපිව මරා දානවා. තලේබාන් සටන්කාමීන් තුවක්කු එක්ක හිටගෙන ලෑස්ති වෙලා හිටියේ අපි වැරද්දක් කලොත් අපිට වෙඩි තියන්න...මම පුපුරණ ද්‍රව්‍ය ටොන් එකක්,දෙකක් එහාට රැගෙන ගියා,ඔවුන් බුද්ධාව පුපුරන කොට මම පැත්තක කුඩා පල්ලියක් ඇතුලේ  හිටියේ ලොකු  පිලිමෙට මුහුණලා. පල්ලිය මේ ආකරයෙන් කම්පා වුනා( අත් වලින් එහා මෙහා කරමින් ඔහු පෙන්විය) . අපිව දුවිලි සහ සුන්බුන් වලින් ආවරණය වුනා.
තලේබාන් වරුන් නටමින්,ප්‍රීති ඝෝෂා කරා..ඔවුන් කිවා අපි විනාශ  කරා තවත් රූපයක් ඒබ්‍රහම් ගේ වගේ කියලා.බුදුන් විනාශ කරලා අවුරුදු 15  වෙන්නවා.මට ලොකු දුකක් දැනෙනවා..ඒ විනාසය දකින කොට. ඒක ලොකූ  මානසික වදයක් .එය මෙහෙ මිනිසුන්ගේ ආදයම් ලබාදෙන මාර්ගයක් වුනා.මට  ගොඩාක් කණගාටුවක් දැනෙනවා."

මෙම  සිදුවිම් පසුව 2013 ඇෆ්ගනිස්තානයේ එම අමිහිරි මතකය සිහි කරමින් පැවති අනුස්මරණ අවස්තාවෙ බාමියන් පිලිම ගැන සිහිකරමින් ඔහුන් ගැයු ගීත මෙසෙය.

Hazaragi song buddhas ceremony -2013
https://youtu.be/EA_WVUrwiOM

Bisharat Bashik -  Bamiyan
https://youtu.be/y_vNo6ZzCSE

"මේ ප්‍රදේශය දියුණු කිරීමට නම් විනාශ කර දමන ලද බුදු පිළිම යළිත් ඉදිකළ යුතුයි. එවිට පාරවල්ද, හෝටල්ද, ආපන ශාලාද, ගුවන් තොටුපළවල් ද මෙහි ඉදිවනු ඇත." මොහොමඩ් අක්‌බාරි නමැති නීතිඥවරයා කියා සිටියි. එසේ කළොත් බාමියන් ප්‍රදේශය යළිත් සංචාරකයන්ගෙන් පිරී යනු ඇතැයිද අක්‌බාරි සඳහන් කරයි. විනාශ කර දමන ලද මෙම බුදු පිළිම යළි යථා තත්ත්වයට පත් කිරීමට ලෙහෙසියෙන්ම පුළුවන් බව ජර්මනියේ මුනිඩ් විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයන් කීප දෙනකු කියා සිටිති. ඒ සඳහා උදව් කිරීමට තමන් සූදානමෙන් සිටින බවද ඔව්හු සඳහන් කරති.මෙම බාමියන් පිලිම විනාශ කිරිම පිලිබදව ලෝක ඉස්ලාම් රටවල සමුළුව දි විශේස සභා වාරයක් කැදව තම විරෝධය  සවුදිය ,ඩුබායි ,පාකිස්තානය ආදි රටවල් ප්‍රකාශ කර ඇත.තවද ඉන්දියාව මෙම දැවැන්ත පිලිම නටබුන් ප්‍රවෙශමෙන් ගලවා කෙසේ හෝ එම දැවැන්ත පිලිම ඉන්දියානු භුමිය තුලට ප්‍රවාහන කිරිමට  සහ වියදම් දැරිමට ඉදිරිපත් විය.ජපානය ද එම විකල්පය සහ විනාශය වැලැක්වීම සදහා  අවශ්‍ය මුදල් ඔනෑම ප්‍රමාණයක් ලබාදිමටද,තලේබාන් වරුන්ට එම පිලිම නෙත ගැටිම අකැප නම් එවා ආවරණය කිරිමටද ඉදිරිපත් විය.පවතින අස්තාවරභාවය සහ අවදානම මතින් අද මෙකි කටයුතු අඩපණ ඇති නමුත් යුනිස්කෝ සහ ඇෆ්ගනිස්තාන රජය ,සහ රාජ්‍ය නොවන සංවිධාන එකතු වි යලි බාමියන් පිලිම ගොඩ නැගිමට කටයුත් කරමින් පවති.

Comments

Popular posts from this blog

ගොත් උපසංස්කෘතිය පිලිබදව හැදින්විමක්

ගොත් යනු උමතුව,මරණය,රාත්‍රියෙ අන්ධකාරය,යක්ශයින්, සුර දුතයන් ආදි දෙවල් වලින් සැදුණු මධ්‍යතන යුගයෙ ගොතික් සම්ප්‍රදය ඉදිරියට ගෙන ගිය අපුරු වු උප සංකෘතියක් ලෙස නම් කල හැකිය.නමුත් ගොත් උපසංකෘතිය  ඇති වි දශක තුනක් පමන පසුව වර්තමානයෙ ලොකයෙ ගොත් තරුණ කණ්ඩායම් පෙර මෙන් සුලභ නැත.එසෙ විමට  හෙතුව විලාසිතවක් ලෙස පමණක් ගොත් කරණයට ලක් වු පිරිස් තරුණ විය ඉක්මවු පසුව ගොත් විලාසිතාවෙන් ඉවත් විමයි. රොක් සංගිතය  හා මත්ද්‍රව්‍ය,''හිපි'' සහ ඊට පසු ආ ''පන්ක්'' තරමට නොවුවද ගොත් දිවියට බැදි පවති.බාහිර පෙනුම සුවිශෙස වුයෙ අදුරු සහ මරණය නිරුපනය වෙන වර්ණ වලින් ඔහුන්ගෙ පෙනුම සකසා ගැනිමට භාවිත විමයි.කලු හො ඊට අනුයුක්ත වර්ණයෙන් සැරසි රිදි පැහැති ආයිත්තම් පලදින මොහුන් බොහොවිට මුහුණෙ විවිධ තැන් සිදුරු කර ලෝහමය ආභරණ එල්ලිම සිදු කරයි.සාමාන්‍ය ගොත් විලාසිතා ලෙස කලු හො සුදු පැහැ හිස කෙස්,කලු හො රතු පැහැ තොල් ,කලු හො රතු හො සුදු පැහැති ඇදුම් දැක්විය හැකිය.නමුත් එකි තත්වය සයිබර් ගොත් වැනි ගොත් ප්‍රභෙද වලට වලංගු නොවෙයි.මෙම විලාසිතා බොහොමයක් පන්ක්,වික්ටොරියන් ,එලිසබෙත් විලාසිතා වලින් ල...

ඉලෙක්ට්‍රා සංකීර්ණය

දුව සහ මව අතර මනෝලිංගික ගැටුම සඳහා යොදන මනෝවිශ්ලේෂණවාදී පදයක් ලෙස ඉලෙක්ට්‍රා සංකීර්ණය නම් කල හැකිය.එය බිඳී එන්නේ ග්‍රීක ජාතික  සොෆොක්ලීස්ගේ ඉලෙක්ට්‍රා නාට්‍යයයේ එන චරිතයක් වන ඉලෙක්ට්‍රා වෙතිනි. එම නාට්‍යට අනුව අගමෙම්නොන් රජු ට්‍රොජන්  යුද්ධය ජය ගෙන, සිය රටට ජයග්‍රාහීව පැමිණි විට ඔහුගේම භාර්යාව වන ක්‌ලයිටමෙනස්‌ට්‍රා අතින් මරණය පත් වෙයි. මෙයින් කෝපයට පත් වු ඉලෙක්ට්‍රා තම පියා වූ ඇගමෙම්නන්ව ඝාතනය කිරීම නිසා ඇයගේ මව වන ක්ලිටෙමෙස්ට්‍රා සහ සුළු පියා වන එජිස්තස්ට එරෙහිව යමින් තම සොහොයුරා වන ඔරෙස්ටීස් සමග මව ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කරයි. තමන්ගේ ස්ව ලිංගික අනන්‍යතාවයක් ගොඩනැගිමේදි දැරියකගේ තීරණාත්මක මනෝලිංගික අත්දැකීම වනුයේ ඉලෙක්ට්‍රා සංකීර්ණය යි.එනම් පියාගේ ස්වාමිත්වය සඳහා දුව හා මව අතර ඇති තරගය යි. එය ලිංගරූප අවධියේ දී (අවුරුදු 3–6), දරුවන් තම ශරීර පිළිබඳව, අනෙක් ළමයින්ගේ ශරීර පිළිබඳව, සහ දෙමව්පියන්ගේ ශරීර පිළිබඳව අවබෝධය ලබාගන්නා කාලයේ දී සිදුවේ. එහිදී ඔවුන් තම ශාරීරික කුතුහලය පිනවීමට නිරුවත් වෙමින් තම ජනනේන්ද්‍රියන් විපරම් කරයි; එයින් ගැහැණු හා පිරිමි අතර, "ගැහැණු ළමයා" සහ ...

විවාහය සහ විවාහය තුල ස්ත්‍රී දුෂණයක් විය හැකිද

විවාහය සහ විවාහය තුල ස්ත්‍රී දුෂණයක් විය හැකිද ? මිනිසාගෙ ලිංගික ජිවිත‍ය පාලනය කිරිම,එය විධිමත් කිරිම, ස්ථාපනය කිරිම උදෙසා මානව සමාජයේ විවාහය නම් සංකල්පය නිර්මාණය විය.සමාජ, සංස්කෘතික,ආගමික හා ආර්ථික පදනම් මත විවාහයන් සිදු වේ.විවාහය යන්න නිර්වචනය කිරිම පහසු කාර්යයක් නොවෙ. එයට හේතුව වන්නෙ එය ඉතා සංකිර්ණ මිනිස් සබඳතාවක් වන බැවින් එයට නිශ්චිත තනි නිර්වචනයක් සැපයිම ප්‍රායෝගිකව අපහසුය.නමුත් ලොකය පුරා විවිධ පුද්ගලයන් විවාහය යන්න නිර්වචනය කර ඇති අතර ඉන් කිහිපයක් මේසේ දැක්විය හැක. "එක් ස්ත්‍රියක් එක් පුරුෂයෙක් හො පුරුෂයන් එක් අයකුට වඩා වැඩි ගණනක් සමග ලිංගික සම්බන්ධතා ගොඩනැගිම තුලින් සමාජය පිලිගත් දරුවන් ලබාගැනිම විවාහය වේ. " -  කැතලින් ගොෆ් " පුරුෂයන් එක් අයකු හෝ වැඩි ගණනාවක් , ස්ත්‍රින් එක් අයකු හෝ වැඩි ගණනාවක් පවතින සමාජය අනුමත් කරන ආකාරයේ ලිංගික සම්බන්ධතා පවත්වා එයින් නෛතික හිමිකම්ක් සහිත දරුවන් බිහිකිරීම විවාහයයි" -  E.A. Westermarch/ History of Human marriage (1901) ඉහත් නිර්වචනයන් සැලකිමේදි විවාහය යන්න තුල මුලික කරුණක් ලෙස ලිංගික සම්බන්ධතාවය හදුනාගත හැකිය....