Skip to main content

බාමියන් බුදු පිලිම විනාශ කිරිමට උදව් කරන්න වුන ඔහු කියන්න කතාව


2001 දී මොහොමඩ් ඔමාර් නම් තලේබාන් නායකයාගෙ අණ මත බාමියන් බුදු පිලිම විනාස කිරිමට සෙයිඩ් මිර්සා හොසෙයින්ට සිදු විය. වසර 15 පසු බිබිසි හමුවේ එම  අමිහිරි සිදු විම ඔහු මෙසෙ පවසා ඇත.

" මම කවදාවත් හිතුවෙ නෑ ඔවුන්ට ඒක  විනාශ කරන්න ඕනිවෙයි  කියලා. බාමියන් බුදු පිලිම තුනක් තිබුනා.මෙහෙ මිනිසුන්ට එය ගොඩාක් වටිනවා ..සංචාරකයන් මෙහෙ එන්නෙ ඒක බලන්න. බාමියන් පිළිම අපේ අභිමානවත් සම්පතක්. මම සාමාන්‍ය ගොවියෙක් වෙලා හිටියෙ. මම ජිවත්වෙලා හිටියෙ මෙහෙ තියෙන්න ලෙන් වල.  බාමියන්ව  අල්ලගන්න ඔහුන් එන්නවා කියලා ආරංචියක් ආවා.ඔවුන් ඇවිත් මාව හිරකාරයෙක් කරගත්තා. ඔවුන්ට තවත්  සියයක් විතර හිරකාරයො හිටියා.
ඔවුන් කරපු පලමු දේ බර අවි වලින් බුදුන් ඉදිරිපිට ප්‍රහාර එල්ල කිරීමයි. ඔවුන් උත්සාහ කරා යුධ ටැංකි සහ රොකට් වලින්. නමුත් ඔවුන්ට එය විනාශ  කරන්න බැරි වුනා. ඉන්පසුව ඔවුන් පුපුරණ ද්‍රව්‍ය අරගෙන ආවා.
අපි පුපුරණ ද්‍රව්‍ය ඉවත්කරගෙන ,පිලිම වලට සවි කරන්න අරගෙන ගියා. අපිට පුලුවන් කමක් තිබුන් නෑ කියන්න අපි බුදුන් පුපුරවන්නෙ නෑ කියලා. එහෙම කලා නම් ඔවුන් අපිව මරා දානවා. තලේබාන් සටන්කාමීන් තුවක්කු එක්ක හිටගෙන ලෑස්ති වෙලා හිටියේ අපි වැරද්දක් කලොත් අපිට වෙඩි තියන්න...මම පුපුරණ ද්‍රව්‍ය ටොන් එකක්,දෙකක් එහාට රැගෙන ගියා,ඔවුන් බුද්ධාව පුපුරන කොට මම පැත්තක කුඩා පල්ලියක් ඇතුලේ  හිටියේ ලොකු  පිලිමෙට මුහුණලා. පල්ලිය මේ ආකරයෙන් කම්පා වුනා( අත් වලින් එහා මෙහා කරමින් ඔහු පෙන්විය) . අපිව දුවිලි සහ සුන්බුන් වලින් ආවරණය වුනා.
තලේබාන් වරුන් නටමින්,ප්‍රීති ඝෝෂා කරා..ඔවුන් කිවා අපි විනාශ  කරා තවත් රූපයක් ඒබ්‍රහම් ගේ වගේ කියලා.බුදුන් විනාශ කරලා අවුරුදු 15  වෙන්නවා.මට ලොකු දුකක් දැනෙනවා..ඒ විනාසය දකින කොට. ඒක ලොකූ  මානසික වදයක් .එය මෙහෙ මිනිසුන්ගේ ආදයම් ලබාදෙන මාර්ගයක් වුනා.මට  ගොඩාක් කණගාටුවක් දැනෙනවා."

මෙම  සිදුවිම් පසුව 2013 ඇෆ්ගනිස්තානයේ එම අමිහිරි මතකය සිහි කරමින් පැවති අනුස්මරණ අවස්තාවෙ බාමියන් පිලිම ගැන සිහිකරමින් ඔහුන් ගැයු ගීත මෙසෙය.

Hazaragi song buddhas ceremony -2013
https://youtu.be/EA_WVUrwiOM

Bisharat Bashik -  Bamiyan
https://youtu.be/y_vNo6ZzCSE

"මේ ප්‍රදේශය දියුණු කිරීමට නම් විනාශ කර දමන ලද බුදු පිළිම යළිත් ඉදිකළ යුතුයි. එවිට පාරවල්ද, හෝටල්ද, ආපන ශාලාද, ගුවන් තොටුපළවල් ද මෙහි ඉදිවනු ඇත." මොහොමඩ් අක්‌බාරි නමැති නීතිඥවරයා කියා සිටියි. එසේ කළොත් බාමියන් ප්‍රදේශය යළිත් සංචාරකයන්ගෙන් පිරී යනු ඇතැයිද අක්‌බාරි සඳහන් කරයි. විනාශ කර දමන ලද මෙම බුදු පිළිම යළි යථා තත්ත්වයට පත් කිරීමට ලෙහෙසියෙන්ම පුළුවන් බව ජර්මනියේ මුනිඩ් විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයන් කීප දෙනකු කියා සිටිති. ඒ සඳහා උදව් කිරීමට තමන් සූදානමෙන් සිටින බවද ඔව්හු සඳහන් කරති.මෙම බාමියන් පිලිම විනාශ කිරිම පිලිබදව ලෝක ඉස්ලාම් රටවල සමුළුව දි විශේස සභා වාරයක් කැදව තම විරෝධය  සවුදිය ,ඩුබායි ,පාකිස්තානය ආදි රටවල් ප්‍රකාශ කර ඇත.තවද ඉන්දියාව මෙම දැවැන්ත පිලිම නටබුන් ප්‍රවෙශමෙන් ගලවා කෙසේ හෝ එම දැවැන්ත පිලිම ඉන්දියානු භුමිය තුලට ප්‍රවාහන කිරිමට  සහ වියදම් දැරිමට ඉදිරිපත් විය.ජපානය ද එම විකල්පය සහ විනාශය වැලැක්වීම සදහා  අවශ්‍ය මුදල් ඔනෑම ප්‍රමාණයක් ලබාදිමටද,තලේබාන් වරුන්ට එම පිලිම නෙත ගැටිම අකැප නම් එවා ආවරණය කිරිමටද ඉදිරිපත් විය.පවතින අස්තාවරභාවය සහ අවදානම මතින් අද මෙකි කටයුතු අඩපණ ඇති නමුත් යුනිස්කෝ සහ ඇෆ්ගනිස්තාන රජය ,සහ රාජ්‍ය නොවන සංවිධාන එකතු වි යලි බාමියන් පිලිම ගොඩ නැගිමට කටයුත් කරමින් පවති.

Comments

Popular posts from this blog

ගොත් උපසංස්කෘතිය පිලිබදව හැදින්විමක්

ගොත් යනු උමතුව,මරණය,රාත්‍රියෙ අන්ධකාරය,යක්ශයින්, සුර දුතයන් ආදි දෙවල් වලින් සැදුණු මධ්‍යතන යුගයෙ ගොතික් සම්ප්‍රදය ඉදිරියට ගෙන ගිය අපුරු වු උප සංකෘතියක් ලෙස නම් කල හැකිය.නමුත් ගොත් උපසංකෘතිය  ඇති වි දශක තුනක් පමන පසුව වර්තමානයෙ ලොකයෙ ගොත් තරුණ කණ්ඩායම් පෙර මෙන් සුලභ නැත.එසෙ විමට  හෙතුව විලාසිතවක් ලෙස පමණක් ගොත් කරණයට ලක් වු පිරිස් තරුණ විය ඉක්මවු පසුව ගොත් විලාසිතාවෙන් ඉවත් විමයි. රොක් සංගිතය  හා මත්ද්‍රව්‍ය,''හිපි'' සහ ඊට පසු ආ ''පන්ක්'' තරමට නොවුවද ගොත් දිවියට බැදි පවති.බාහිර පෙනුම සුවිශෙස වුයෙ අදුරු සහ මරණය නිරුපනය වෙන වර්ණ වලින් ඔහුන්ගෙ පෙනුම සකසා ගැනිමට භාවිත විමයි.කලු හො ඊට අනුයුක්ත වර්ණයෙන් සැරසි රිදි පැහැති ආයිත්තම් පලදින මොහුන් බොහොවිට මුහුණෙ විවිධ තැන් සිදුරු කර ලෝහමය ආභරණ එල්ලිම සිදු කරයි.සාමාන්‍ය ගොත් විලාසිතා ලෙස කලු හො සුදු පැහැ හිස කෙස්,කලු හො රතු පැහැ තොල් ,කලු හො රතු හො සුදු පැහැති ඇදුම් දැක්විය හැකිය.නමුත් එකි තත්වය සයිබර් ගොත් වැනි ගොත් ප්‍රභෙද වලට වලංගු නොවෙයි.මෙම විලාසිතා බොහොමයක් පන්ක්,වික්ටොරියන් ,එලිසබෙත් විලාසිතා වලින් ල

සංස්කෘතික හැසිරිම් සහ සමලිංගිකත්වය

සංස්කෘතික හැසිරිම් සහ සමලිංගිකත්වය සමාජයක සමාජිකයන් වශයෙන් මිනිසා විසින් අගය කරන්නවු දැනුම ,විස්වාසය,කලාව,සදාචාරය,නීතිය, සිරිත් විරිත් හා අනෙකුත් සියලුම හැකියාවන්වල සංකීර්ණ සමස්තය සංස්කෘතියයි ( E.B.Tylor ,1961, ප්‍රාථමික සංස්කෘතිය) නැතහොත් සරලව සංස්කෘතිය යනු සමාජයේ සමාජිකයන් විසින් පවරනු ලබන බෙදා හදා ගනුලබන ඉගෙන ගත් හැසිරිම් රටාවයි ( රැල්ෆ් ලින්ටන්, 1940) යම් සමාජයක සංස්කෘතිය යනු එම සමාජයේ වටිනාම අංගය වන අතර එකී සමාජයේ සමාජිකයන්ගේ හැසිරිම් පිලිබදව අධ්‍යනයේදි එකි සංස්කෘතික ලක්ෂණ අධ්‍යනය බෙහෙවින් වැදගත්ය. යම් සංස්කෘති‍යක එම සංස්කෘතික ලක්ශණ අනුව එකි සමාජයෙ පුද්ගලයන්ගේ හැසිරිම් රටාව, පෞරුෂත්වය තිරණය වේ.එනම් පුද්ගල පෞරුෂත්වය සමාජයෙන් සමාජයට වෙනස් වන අතර  (සමාජයෙන් සමාජයට සංස්කෘතිය වෙනස් වන බැවින්) පුද්ගලයා නියෝජනය කරන සංස්කෘතිය අනුව එකී පුද්ගලයාගෙ පෞරුෂත්වය ගොඩනැගෙයි.ප්‍රකට මානව විද්‍යාඥවරයෙක් වන මාග්‍රට් ම්ට් විසින් මෙකී කාරණාව පිලිපදව  නිව්ගිනියාවේ මුණ්ඩුගුමාර් හා ඇරපෙශ් ග්‍රෝතිකයන් හැසුරෙන් කරන ලද පරික්ශ්ණය හොදම නිදසුනක් ලෙසදැක්විය හැකිය. එම පරික්ශ්ණයට අනුව එකම වනාන්තරයක්

හිපි සංස්කෘතිය - 2

හිපි  සන්කෘතිය - 02 ඉතින් මෙ හිපි සන්කෘතියෙ දියුනුවට,ව්‍යප්තියට ඔහුන්ගෙ ලක්ශනත් බලපෑවා..ගොඩාක් තරුන තරුණියන්  මෙ හිපි සන්කෘතියට ඇදිලා එන්න එම සන්කෘතියට අයත් වු ප්‍රධාන  විකල්ප ජිවන රටාවක් ගොඩනගා ගැනිම හෙතු උනා. ඒය සුවිශෙෂි අංගයන්ගෙන් සම්න්විත වු අතර  සන්කෘතික විවිධත්වයක් ඒ තුලින් මතු විය.,ඇදුම්පැලදුම් ,සන්ගිතය මගින් එය ලොකයට කියා පෑමට ඔහුන් මාද්‍යක් කරගත්තෙය. ඒය වචනයෙන් නොව ක්‍රියාවෙන් ඔප්පු කරපෙනු වු දෙයක් විය . ස්වාභාව ධර්මයට වැඩි නැඹුරුවක් පෙනුවු මොහුන් බොහොවිට නිර්මාන්ශි ජිවිතය ගත කරන ලදි.ප්‍රතිචක්‍රියරණය කල හැකි ද්‍රව්‍ය (කඩදාසි,ජලය,සුර්ය තාපයා )මගින් බලශක්තිය නිපදවිමට උත්සාහ කල අතර නිවාස බොහොවිට තනා තිබුනෙ වාහන වල ඇතුලු කොටස් තුලය..ඒ තුල විවිධ වර්ණ වලින් ආලේප කරන ලදි.. කුඩා කුස්සියක්,නාන කාමරයක් හා නිදන කාමරයකින් මෙම නිවාස සමන්විත විය.තවද එම නිවාස තැනින් තැනට ගෙන යාමට හැකි වු අතරම ඔනෑම අයකුට ඇතුල් විමට සහ පිටවිම සදහ  නිදහසක් පැවතිය. ලින්ගික  භෙදයකින් තොරව ස්ත්‍රි සහ පුරුශ දේපාර්ශවයම විලාසිතවල නිරත විය.කොණ්ඩ සහ ඇදුම් විලාසිතා කලෙන් කාලෙට වෙන්ස්කම් සිදු වු නමුත් එම විලාසි