Skip to main content

හිපි සංස්කෘතිය - 2



හිපි  සන්කෘතිය - 02

ඉතින් මෙ හිපි සන්කෘතියෙ දියුනුවට,ව්‍යප්තියට ඔහුන්ගෙ ලක්ශනත් බලපෑවා..ගොඩාක් තරුන තරුණියන්  මෙ හිපි සන්කෘතියට ඇදිලා එන්න එම සන්කෘතියට අයත් වු ප්‍රධාන  විකල්ප ජිවන රටාවක් ගොඩනගා ගැනිම හෙතු උනා. ඒය සුවිශෙෂි අංගයන්ගෙන් සම්න්විත වු අතර  සන්කෘතික විවිධත්වයක් ඒ තුලින් මතු විය.,ඇදුම්පැලදුම් ,සන්ගිතය මගින් එය ලොකයට කියා පෑමට ඔහුන් මාද්‍යක් කරගත්තෙය. ඒය වචනයෙන් නොව ක්‍රියාවෙන් ඔප්පු කරපෙනු වු දෙයක් විය .

ස්වාභාව ධර්මයට වැඩි නැඹුරුවක් පෙනුවු මොහුන් බොහොවිට නිර්මාන්ශි ජිවිතය ගත කරන ලදි.ප්‍රතිචක්‍රියරණය කල හැකි ද්‍රව්‍ය (කඩදාසි,ජලය,සුර්ය තාපයා )මගින් බලශක්තිය නිපදවිමට උත්සාහ කල අතර නිවාස බොහොවිට තනා තිබුනෙ වාහන වල ඇතුලු කොටස් තුලය..ඒ තුල විවිධ වර්ණ වලින් ආලේප කරන ලදි.. කුඩා කුස්සියක්,නාන කාමරයක් හා නිදන කාමරයකින් මෙම නිවාස සමන්විත විය.තවද එම නිවාස තැනින් තැනට ගෙන යාමට හැකි වු අතරම ඔනෑම අයකුට ඇතුල් විමට සහ පිටවිම සදහ  නිදහසක් පැවතිය.

ලින්ගික  භෙදයකින් තොරව ස්ත්‍රි සහ පුරුශ දේපාර්ශවයම විලාසිතවල නිරත විය.කොණ්ඩ සහ ඇදුම් විලාසිතා කලෙන් කාලෙට වෙන්ස්කම් සිදු වු නමුත් එම විලාසිත ස්වාභාවධර්මයට වඩා නැඹුරු විය.තවද එවා ඉතා වර්ණවත් වු අතර ගොත්‍රික විලාසිතා ආභරන භාවිත විය.මොහුන් විවිධ සන්කෙත භාවිතා කරන ලදි. මලක් ,වෘත්තයක් ,ගන්ජා කොලය ඉන් බහුලව යොදාගත් සන්කෙත විය. කව්බොයි විලාසිතවද මොහුන් අතර ජන්ප්‍රිය විලාසිතාවක් විය.විවිධ ලක්ශ තුලින් අන්න්‍යතාවයක් ගොඩ නගා ගැනිමට මොහුන් උත්සුක විය. කොල,රතු,කහ මුලික වර්ණ ලෙස භාවිතා කරන ලදි.කොල පැහැයෙන් හරිතබවද,රතු පැහැයෙන් ප්‍රබල බවද සන්කෙත්වත් කරන ලදි.විශේෂ අවස්තාවලදි නිරුවත හො අඩ නිරුවතින් (ගස්වල කොල ශරිරාවරණය කරගනිමින්)සහභාගි විය .මෙ තුලින් නිදහස අර්තවත් කරනලදි. ගැහැනු සහ පිරිමි බෙදයක් නොමැතිව පච්ච කෙටිමද මොහුන් සිදු කර ලදි.ශරිරභරන මොහුන් විසින් නිපදව ගන්න ලද දෑ විය.

*ඇදුම්/කොණ්ඩා විලාසිතා (පිරිමි )
T-Shirt,Pached jens,Bell botton, බොහොවිට භාවිත විය.හිසකෙස් සහ රැවුල දිගටම වැවිම  සහ විවිධ වර්නවලින් යුක්ත විය.ඇදුම් මතුපිට ලෙදර්වෙස්ට් එකක් පැලදිම සිදුකරන ලදි.පාවහන් සහිතව (Leather Sandala or Boots) හො පාවහන් බොහොවිට රහිත විය. විවිධ සන්කෙත භාවිත කලෙය.සාමය,ලින්ගිකත්වය,ආදරය,මත්ද්‍ර‍ය ඒවා තුලින් අර්ත්වත් විය.අව් කණ්ණාඩි පැලදිම මොහුන් තුලද ජනප්‍රිය විලාසිතාවක් විය.

*ඇදුම්/කොණ්ඩා විලාසිතා (කාන්තා )
Mini or Micro Skit and blouse ,T -shirt,Vest,Jens, බොහො විට භාවිතා වු ඇදුම් විලාසිතා විය.හිසකෙස් වැවිම දිගටම සිදු  කල අතර හිස  වටා පටියක්ද පලදන ලදි.දෙපයෙ අලන්කාරය සදහ විවිධ ආභරණ පැලදිමද සිතු කරන ලදි

හිපි සන්කෘතික ජිවිතයෙ ඉතාම වැදගතම දේවල් 02ක් විය. ඉන් එකකි මත්ද්‍රව්‍ය භාවිතය.මොහුන් සැමවිටමකම ,සැම මොහොතකම  මත්ද්‍රව්‍ය භාවිතයට පෙලඹුන අතර මර්ජුවානා ,LSD,Psilocybin,Mescaline ඉන් ප්‍රධාන විය.මර්ජුවාන නොමිලේ බෙදාදුන් අතර එය විලාසිතාවක් ලෙසද භාවිතා කරන ලදි. මොහුන් මත්ද්‍රව්‍ය කිසියම් ආගමික සන්කේතයක් සේ  භාවිතා කිරිමට උත්සාහ කල අතර ඒ සදහ ඇමරිකානු ගොත්‍රික සන්කල්ප යොදා ගැනිමට උත්සාහ ගත්හ.මත්ද්‍රව්‍ය භාවිතය තුලින් තමන්ට දෙවියන් සමග සම්බන්ද විමට හැකි යන්න මොහුන් විශ්වසයක් ගොඩනැගු අතර ඒ තුලින් ඔහුනට අවශ්‍ය වුයෙ යම් කිසි වෙනසක් සමාජය තුල පැතිරිමටය.අන්න්‍යතාවක් ලෙස මොහුන් අතර මත්ද්‍රව්‍ය භාවිතා කිරිම ඉතා ඉහල ගිය අතර එම හෙතුව නිසාම 1969 දි කැලිෆොනියා රජයට මත්ද්‍රව්‍ය තහනම් කිරිමටද සිදු විය.

හිපි සන්කෘතික ජිවිතයෙ ඉතාම වැදගතම දේවල් 02ක් පවතින බව කලින් කිව.. ඉන් එකක් මත්ද්‍රයයි..අනික වුයෙ සන්ගිතයයි. මෙම සන්ගිතය තුල වැදගත් ලක්ශනය වුයෙ තරුණ හැගුම්,ආකල්ප,පුද්ගලික් මතවාද සන්ගිතය තුලින් ඉදිරිපත් කිරිමට යොමුවිමය. තවද හිපි සන්කෘති කියාපෑමටද සන්ගිතය භාවිතා විය.අධි චිත්තවෙගි සන්ගිතය, Acid rock,World Beat නිර්මාන යොදගැනිම සිදු වු අතර තමන් තුලින් නිර්මානය වු සන්ගිත මොහු සතු විය.එනම් ඔහුන් තමන්ගෙම කතා වස්තු විෂය කරගනිමින් සන්ගිතය හරහා කියාපෑමට සෑම අයකුටම තමන්ගෙම කතාවක් සතු විය. මෙලෙස තම අදහස,සන්කෘතිය ලොවට කියා පෑ  අය අතර  Jimi Hendix(rock),Janis Josplin(Traditional Eastern Music) ,Bob Dylon(Grateful Dead and Flock Music), ඉදිරියෙන්ම විය, තවද Bob Dylon ගේ  Rolling Stone ගිතයෙන් ඔහු සිය නිවස සහ පවුලෙ අය අත්හැර හිපි සන්කෘතියට පැමිනි ආකරය විස්තර කරයි. Jimi Hendix ගේ Purple Haze ගිතය තුල මර්ජුවන ගැනද LSD (Lusy in the sky with Diamonds) අත්දැකිම් විසතර කරයි

හිපි සන්කෘතිය වර්ගවාදයට ,ජාතිවාදයට  ඉතා විරුද්ධ  වු අතර එයට විරුද්දව සමාජයෙ මතවාදයක් ගොඩ නගන්නට විය.කලු ජාතිකයන් හට සිදු වු අසාධරණකම් පෙන්ව දෙමින් ඊට එරහිව සිය හඩ අවදි කරන ලදි.. ඇමරිකා-වියට්නාම යුද්දයට එරහිව මොහුන් විශාල විරොධතාවය පල කරන ලදි.ඇමරිකන් හමුදා  යලි සිය රට ගෙන්නවිමට මොහුන් විරොදතා පැවැත් විය. මෙයට බුද්ධිමත් පිරිස් සහ ශිෂ්‍යන් සහභාගි විය.තවද දේශපාලනිකව මානව හිමිකම් කඩ කරනවනම් ලොව කොයි රටක් වුවද ඒ සම්බන්දව කතා කල යුතුයි යැයි පෙන්වා දුන්නෙය.මෙනිසා මොහුන් වෙත ජාත්‍යන්තරයෙ  අවදානය ද යොමු විය. ඇමරිකා සමාජය තුල පවතින වන්චා ,දුශන සහ බලකාමයට විරුද්දව මොහුන් සිය මතවාද සමාජගත කරන ලදි

ආගමික විවිධත්වය ප්‍රිය කල මොහුන් ජේසුස්,බුදුන්,ගාන්ධි යානදි ආගමික සහ ආගමික නොවන නායකයන්ගෙ දර්ශන වල ඇති මතවද තම ද‍ර්ශනය ලෙස යොදගන්න ලදි.යැදිම්,කන්නලව් කිරිම,පල්ලි වෙතයාම හිපි සන්කෘතිය තුල නොවිය.පුරුෂයින් සහ ස්ත්‍රින් එක සමාන ලෙස සැලකු අතර සමානව සියලු කාර්යන් සිදු කරන ලදි.මෙ තුල අසිමිත ලින්ගික නිදහසක් (ද්වි සහ සම ලින්ගික) සතු විය.විවාහයට ප්‍රබල විරොදත එල්ල වු අතර විවාහය යනු ස්ත්‍රින් වහල්භාවයට පත් කරන ක්‍රම වෙදයක් ලෙස පෙන්වා දෙන ලදි.විටක විවාහය යනු සන්සර්ගය සහ සන්තෘෂ්ටිය පිලිබද අදහසක් බැවින් දෙදෙනා කැමති නම් එකට සිටිමටද ,එසේ නොමැතිනම් වෙන් වි ය හැකි විය.එක් ස්ත්‍රියකට හො පුරුශයකුට සිමා නොවි කිහිප දෙනෙකු ඇසුරු කිරිමෙ නිදහස තිබුන නමුත් කල් යත්ම එය සමාජ ප්‍රශන වලට හෙතු විය.

තාරුණ්‍ය,වගකිම් විරහිතබව,විනොදය හිපි සන්කෘතිය වෙලාගත අතර නමුත් එය 1980න් පසු යුගයන් වලදි සන්කෘතික බිද වැටිමකට ලක් විය. කේසෙ නමුත් හිපි බලපෑම පසුකාලින තාරුණය කෙරෙහි බලපෑ අතර ජාත්‍යන්තර විලාසිතා කෙෂ්‍රේත්‍රය දෙස බැලිමෙදි එය මනා ව පෙනි යන කරුනකි.පසු කාලින්ව හිපි සන්කෘතිය Big Brother,Big Man  යනාදි ලෙසද හදුන්වන ලදි.

Comments

Popular posts from this blog

ගොත් උපසංස්කෘතිය පිලිබදව හැදින්විමක්

ගොත් යනු උමතුව,මරණය,රාත්‍රියෙ අන්ධකාරය,යක්ශයින්, සුර දුතයන් ආදි දෙවල් වලින් සැදුණු මධ්‍යතන යුගයෙ ගොතික් සම්ප්‍රදය ඉදිරියට ගෙන ගිය අපුරු වු උප සංකෘතියක් ලෙස නම් කල හැකිය.නමුත් ගොත් උපසංකෘතිය  ඇති වි දශක තුනක් පමන පසුව වර්තමානයෙ ලොකයෙ ගොත් තරුණ කණ්ඩායම් පෙර මෙන් සුලභ නැත.එසෙ විමට  හෙතුව විලාසිතවක් ලෙස පමණක් ගොත් කරණයට ලක් වු පිරිස් තරුණ විය ඉක්මවු පසුව ගොත් විලාසිතාවෙන් ඉවත් විමයි. රොක් සංගිතය  හා මත්ද්‍රව්‍ය,''හිපි'' සහ ඊට පසු ආ ''පන්ක්'' තරමට නොවුවද ගොත් දිවියට බැදි පවති.බාහිර පෙනුම සුවිශෙස වුයෙ අදුරු සහ මරණය නිරුපනය වෙන වර්ණ වලින් ඔහුන්ගෙ පෙනුම සකසා ගැනිමට භාවිත විමයි.කලු හො ඊට අනුයුක්ත වර්ණයෙන් සැරසි රිදි පැහැති ආයිත්තම් පලදින මොහුන් බොහොවිට මුහුණෙ විවිධ තැන් සිදුරු කර ලෝහමය ආභරණ එල්ලිම සිදු කරයි.සාමාන්‍ය ගොත් විලාසිතා ලෙස කලු හො සුදු පැහැ හිස කෙස්,කලු හො රතු පැහැ තොල් ,කලු හො රතු හො සුදු පැහැති ඇදුම් දැක්විය හැකිය.නමුත් එකි තත්වය සයිබර් ගොත් වැනි ගොත් ප්‍රභෙද වලට වලංගු නොවෙයි.මෙම විලාසිතා බොහොමයක් පන්ක්,වික්ටොරියන් ,එලිසබෙත් විලාසිතා වලින් ල...

ඉලෙක්ට්‍රා සංකීර්ණය

දුව සහ මව අතර මනෝලිංගික ගැටුම සඳහා යොදන මනෝවිශ්ලේෂණවාදී පදයක් ලෙස ඉලෙක්ට්‍රා සංකීර්ණය නම් කල හැකිය.එය බිඳී එන්නේ ග්‍රීක ජාතික  සොෆොක්ලීස්ගේ ඉලෙක්ට්‍රා නාට්‍යයයේ එන චරිතයක් වන ඉලෙක්ට්‍රා වෙතිනි. එම නාට්‍යට අනුව අගමෙම්නොන් රජු ට්‍රොජන්  යුද්ධය ජය ගෙන, සිය රටට ජයග්‍රාහීව පැමිණි විට ඔහුගේම භාර්යාව වන ක්‌ලයිටමෙනස්‌ට්‍රා අතින් මරණය පත් වෙයි. මෙයින් කෝපයට පත් වු ඉලෙක්ට්‍රා තම පියා වූ ඇගමෙම්නන්ව ඝාතනය කිරීම නිසා ඇයගේ මව වන ක්ලිටෙමෙස්ට්‍රා සහ සුළු පියා වන එජිස්තස්ට එරෙහිව යමින් තම සොහොයුරා වන ඔරෙස්ටීස් සමග මව ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කරයි. තමන්ගේ ස්ව ලිංගික අනන්‍යතාවයක් ගොඩනැගිමේදි දැරියකගේ තීරණාත්මක මනෝලිංගික අත්දැකීම වනුයේ ඉලෙක්ට්‍රා සංකීර්ණය යි.එනම් පියාගේ ස්වාමිත්වය සඳහා දුව හා මව අතර ඇති තරගය යි. එය ලිංගරූප අවධියේ දී (අවුරුදු 3–6), දරුවන් තම ශරීර පිළිබඳව, අනෙක් ළමයින්ගේ ශරීර පිළිබඳව, සහ දෙමව්පියන්ගේ ශරීර පිළිබඳව අවබෝධය ලබාගන්නා කාලයේ දී සිදුවේ. එහිදී ඔවුන් තම ශාරීරික කුතුහලය පිනවීමට නිරුවත් වෙමින් තම ජනනේන්ද්‍රියන් විපරම් කරයි; එයින් ගැහැණු හා පිරිමි අතර, "ගැහැණු ළමයා" සහ ...

විවාහය සහ විවාහය තුල ස්ත්‍රී දුෂණයක් විය හැකිද

විවාහය සහ විවාහය තුල ස්ත්‍රී දුෂණයක් විය හැකිද ? මිනිසාගෙ ලිංගික ජිවිත‍ය පාලනය කිරිම,එය විධිමත් කිරිම, ස්ථාපනය කිරිම උදෙසා මානව සමාජයේ විවාහය නම් සංකල්පය නිර්මාණය විය.සමාජ, සංස්කෘතික,ආගමික හා ආර්ථික පදනම් මත විවාහයන් සිදු වේ.විවාහය යන්න නිර්වචනය කිරිම පහසු කාර්යයක් නොවෙ. එයට හේතුව වන්නෙ එය ඉතා සංකිර්ණ මිනිස් සබඳතාවක් වන බැවින් එයට නිශ්චිත තනි නිර්වචනයක් සැපයිම ප්‍රායෝගිකව අපහසුය.නමුත් ලොකය පුරා විවිධ පුද්ගලයන් විවාහය යන්න නිර්වචනය කර ඇති අතර ඉන් කිහිපයක් මේසේ දැක්විය හැක. "එක් ස්ත්‍රියක් එක් පුරුෂයෙක් හො පුරුෂයන් එක් අයකුට වඩා වැඩි ගණනක් සමග ලිංගික සම්බන්ධතා ගොඩනැගිම තුලින් සමාජය පිලිගත් දරුවන් ලබාගැනිම විවාහය වේ. " -  කැතලින් ගොෆ් " පුරුෂයන් එක් අයකු හෝ වැඩි ගණනාවක් , ස්ත්‍රින් එක් අයකු හෝ වැඩි ගණනාවක් පවතින සමාජය අනුමත් කරන ආකාරයේ ලිංගික සම්බන්ධතා පවත්වා එයින් නෛතික හිමිකම්ක් සහිත දරුවන් බිහිකිරීම විවාහයයි" -  E.A. Westermarch/ History of Human marriage (1901) ඉහත් නිර්වචනයන් සැලකිමේදි විවාහය යන්න තුල මුලික කරුණක් ලෙස ලිංගික සම්බන්ධතාවය හදුනාගත හැකිය....