Skip to main content

ආදරණිය ගෝර්කි සහොදරයාට ,




අද වැනි දිනක  රුසියාවෙ වොල්ගා ගග අසල ඇති නිෂ්නි නොව්ගොරොද්  ප්‍රදේශය උපන් ඇලෙක්සි මැක්සිමොවිච් පෙෂ්කොව් හෙවත් මැක්සිම් ගෝර්කි වෙත,


ආදරණිය ගෝර්කි,

වොල්ගා ගග තාම නුබෙ ගැන කතා කියනවා
ඒත් එවා අහන් ඉන්න
උන් අද නෑ..ඔව් අද නෑ
අනිකාට ගරුකරන ,අනිකා ගැන හිතන
මිනිස් සමාජ වෙනුවෙන් නුබ
ගොඩාක් දේවල් නුබේ ලස්සන
අකුරෙන් ලිව්ව දේවල්...මැකිලා ගිහින්දෝ
සැකයි මට.
නුබ මතකයක් වේලා යන්න ගියා
උතෝපියාවත් බිද වැටුනා...
නුබ ලිව්ව...සිහින දැක්ක දේ වෙනුවෙන්
තම අපේ උන් කොටසක් සටන් කරන්නවා
ගෝර්කි සහොදරයා ,
නුබත් වන්දි පට්ටම ගන්න
පාලකයන් ගැන ලිව්ව නම්
අද උබ අමතක නෑ ලොකේ හැමොටම
පීඩිතයන් වෙනුවෙන්
උබ දැක්ක,පිලිගත්ත ,සත්‍ය නුබ ලිවා
ඒ සත්‍ය ඇස් පනා පිට අදත්
වෙන්නවා.. ගෝර්කි සහොදරයා
නුබේ පොත් ,නුබ ගැන
අපේ කාලේ උන් දන්නේ නෑ
නමුත් නුබ අමරණිය කරපු
අම්මාව අපි මැයි දිනයට  විකුණ විකුණ කන්නවා ...
මට මතක් වුනේ නුබ වරක් කිව්වා මෙහෙම

"...මිනිසා එකිනෙකාට ගරු කරන දවස එළඹෙයි..එදාට සෑම මිනිසෙකුම තරු මෙන් දිලිසෙන බව මම දනිමි..සිය නිදහස පෙරටු කොට,විවෘත හදවත් ඇතිව,කෝපයෙන් තොරව,පිරිසිදු හදවත් ඇතිව මිනිසුන් ගමන් කරනු ඇත.
  එදාට මිනිස් ජීවිතය මිනිසාට සේවය කරණු ඇත..ඔහුගේ ප්‍රතිමූර්තිය උසස් වනු ඇත..නිදහස් මිනිසාට සෑම ජයක්ම ලබාගත හැකිය.
එදාට මිනිසුන් නිදහසේ සත්‍ය ගරු කරමින් ජීවත් වනු ඇත..ලෝකය සිතින් බදාගෙන,එයට වඩාත් ගැඹුරු ලෙස ආදරය කරන අය ඉතාම හොඳ මිනිසුන් හැටියට ගණන් ගනු ඇත..ඉතාම හොඳ මිනිස්සු නිදහස්කාමීන් වනු ඇත..ඔවුහු ඉතාම සුන්දර අය වෙති..එවැනි ජීවිතයකට පා තබන අය ශ්‍රේෂ්ඨ වනු ඇත..."

නුබ වගේ මිනිසුන් අපි වගේ හිත්‍ තුල
සදා අමරණියයි..






Comments

Popular posts from this blog

ගොත් උපසංස්කෘතිය පිලිබදව හැදින්විමක්

ගොත් යනු උමතුව,මරණය,රාත්‍රියෙ අන්ධකාරය,යක්ශයින්, සුර දුතයන් ආදි දෙවල් වලින් සැදුණු මධ්‍යතන යුගයෙ ගොතික් සම්ප්‍රදය ඉදිරියට ගෙන ගිය අපුරු වු උප සංකෘතියක් ලෙස නම් කල හැකිය.නමුත් ගොත් උපසංකෘතිය  ඇති වි දශක තුනක් පමන පසුව වර්තමානයෙ ලොකයෙ ගොත් තරුණ කණ්ඩායම් පෙර මෙන් සුලභ නැත.එසෙ විමට  හෙතුව විලාසිතවක් ලෙස පමණක් ගොත් කරණයට ලක් වු පිරිස් තරුණ විය ඉක්මවු පසුව ගොත් විලාසිතාවෙන් ඉවත් විමයි. රොක් සංගිතය  හා මත්ද්‍රව්‍ය,''හිපි'' සහ ඊට පසු ආ ''පන්ක්'' තරමට නොවුවද ගොත් දිවියට බැදි පවති.බාහිර පෙනුම සුවිශෙස වුයෙ අදුරු සහ මරණය නිරුපනය වෙන වර්ණ වලින් ඔහුන්ගෙ පෙනුම සකසා ගැනිමට භාවිත විමයි.කලු හො ඊට අනුයුක්ත වර්ණයෙන් සැරසි රිදි පැහැති ආයිත්තම් පලදින මොහුන් බොහොවිට මුහුණෙ විවිධ තැන් සිදුරු කර ලෝහමය ආභරණ එල්ලිම සිදු කරයි.සාමාන්‍ය ගොත් විලාසිතා ලෙස කලු හො සුදු පැහැ හිස කෙස්,කලු හො රතු පැහැ තොල් ,කලු හො රතු හො සුදු පැහැති ඇදුම් දැක්විය හැකිය.නමුත් එකි තත්වය සයිබර් ගොත් වැනි ගොත් ප්‍රභෙද වලට වලංගු නොවෙයි.මෙම විලාසිතා බොහොමයක් පන්ක්,වික්ටොරියන් ,එලිසබෙත් විලාසිතා වලින් ල...

ඉලෙක්ට්‍රා සංකීර්ණය

දුව සහ මව අතර මනෝලිංගික ගැටුම සඳහා යොදන මනෝවිශ්ලේෂණවාදී පදයක් ලෙස ඉලෙක්ට්‍රා සංකීර්ණය නම් කල හැකිය.එය බිඳී එන්නේ ග්‍රීක ජාතික  සොෆොක්ලීස්ගේ ඉලෙක්ට්‍රා නාට්‍යයයේ එන චරිතයක් වන ඉලෙක්ට්‍රා වෙතිනි. එම නාට්‍යට අනුව අගමෙම්නොන් රජු ට්‍රොජන්  යුද්ධය ජය ගෙන, සිය රටට ජයග්‍රාහීව පැමිණි විට ඔහුගේම භාර්යාව වන ක්‌ලයිටමෙනස්‌ට්‍රා අතින් මරණය පත් වෙයි. මෙයින් කෝපයට පත් වු ඉලෙක්ට්‍රා තම පියා වූ ඇගමෙම්නන්ව ඝාතනය කිරීම නිසා ඇයගේ මව වන ක්ලිටෙමෙස්ට්‍රා සහ සුළු පියා වන එජිස්තස්ට එරෙහිව යමින් තම සොහොයුරා වන ඔරෙස්ටීස් සමග මව ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කරයි. තමන්ගේ ස්ව ලිංගික අනන්‍යතාවයක් ගොඩනැගිමේදි දැරියකගේ තීරණාත්මක මනෝලිංගික අත්දැකීම වනුයේ ඉලෙක්ට්‍රා සංකීර්ණය යි.එනම් පියාගේ ස්වාමිත්වය සඳහා දුව හා මව අතර ඇති තරගය යි. එය ලිංගරූප අවධියේ දී (අවුරුදු 3–6), දරුවන් තම ශරීර පිළිබඳව, අනෙක් ළමයින්ගේ ශරීර පිළිබඳව, සහ දෙමව්පියන්ගේ ශරීර පිළිබඳව අවබෝධය ලබාගන්නා කාලයේ දී සිදුවේ. එහිදී ඔවුන් තම ශාරීරික කුතුහලය පිනවීමට නිරුවත් වෙමින් තම ජනනේන්ද්‍රියන් විපරම් කරයි; එයින් ගැහැණු හා පිරිමි අතර, "ගැහැණු ළමයා" සහ ...

විවාහය සහ විවාහය තුල ස්ත්‍රී දුෂණයක් විය හැකිද

විවාහය සහ විවාහය තුල ස්ත්‍රී දුෂණයක් විය හැකිද ? මිනිසාගෙ ලිංගික ජිවිත‍ය පාලනය කිරිම,එය විධිමත් කිරිම, ස්ථාපනය කිරිම උදෙසා මානව සමාජයේ විවාහය නම් සංකල්පය නිර්මාණය විය.සමාජ, සංස්කෘතික,ආගමික හා ආර්ථික පදනම් මත විවාහයන් සිදු වේ.විවාහය යන්න නිර්වචනය කිරිම පහසු කාර්යයක් නොවෙ. එයට හේතුව වන්නෙ එය ඉතා සංකිර්ණ මිනිස් සබඳතාවක් වන බැවින් එයට නිශ්චිත තනි නිර්වචනයක් සැපයිම ප්‍රායෝගිකව අපහසුය.නමුත් ලොකය පුරා විවිධ පුද්ගලයන් විවාහය යන්න නිර්වචනය කර ඇති අතර ඉන් කිහිපයක් මේසේ දැක්විය හැක. "එක් ස්ත්‍රියක් එක් පුරුෂයෙක් හො පුරුෂයන් එක් අයකුට වඩා වැඩි ගණනක් සමග ලිංගික සම්බන්ධතා ගොඩනැගිම තුලින් සමාජය පිලිගත් දරුවන් ලබාගැනිම විවාහය වේ. " -  කැතලින් ගොෆ් " පුරුෂයන් එක් අයකු හෝ වැඩි ගණනාවක් , ස්ත්‍රින් එක් අයකු හෝ වැඩි ගණනාවක් පවතින සමාජය අනුමත් කරන ආකාරයේ ලිංගික සම්බන්ධතා පවත්වා එයින් නෛතික හිමිකම්ක් සහිත දරුවන් බිහිකිරීම විවාහයයි" -  E.A. Westermarch/ History of Human marriage (1901) ඉහත් නිර්වචනයන් සැලකිමේදි විවාහය යන්න තුල මුලික කරුණක් ලෙස ලිංගික සම්බන්ධතාවය හදුනාගත හැකිය....