මිනිස්සු අන්ධ වුන සමයක
රතුපාට ඇදගත්ත.. සුදු වෙස්මුන දාගත්ත
කලු මිනිස්සු හත් දෙනෙක් ඔව් හත් දෙනෙක්
කලු,කැත අස්පයො උඩ නැගල
හිනාවෙවි හයියෙන් ගියා
යන ගමන් උන්
අවටම ෆැන්ටසියේ නිරුවත
සිතල හුලගට පෙරොවලා
බිම දිගේ ඇද්දගෙන ගියා
ෆැන්ටසිය විලාප දෙන්නකොට
හයියෙන් උන් ගියා
බිමට ඉඹලා මෙ උබෙලගෙ බිම
බලපන් කිරි සුවද කිය කියා
අනිකාට කිව අන්ධ මිනිස්සු
බය වුන ඒ කෑගහිල්ලට
උන් බය වුන උන්ගෙ පරම හැගුම් පිබිදෙන්නවට
උන්ගෙ බිමෙ කිරි සුවද
හිමිට ලේ සුවද දෙන්න පටන්ගත්තා
උන් උන් මරාගත්තා
තවත් හයියෙන් රතුපාට ඇදගත්ත.. සුදු වෙස්මුන දාගත්ත
කලු මිනිස්සු හත් දෙනා අස්පයො එලවගෙන් ගියා
අන්ධ මිනිස්සු මරාගන්න ගමන්
ඉර දෙකට,තුනට බෙදුනා
නෑ ඊට වඩා බෙදුනා,බෙදා ගත්ත උන්,බෙදුවා උන්
අහස රතු වෙද්දි
ඇස් අන්ධ උන්ට පෙනිම ලැබුනා
මොන අපායක්ද උබලා කරේ?
අපෙ ෆැන්ටසිය ඇයි උබල
මිලේච්ච විදියට මැරුවෙ කියල අන්ධයො ඇව්වා
රතුපාට ඇදගත්ත.. සුදු වෙස්මුන දාගත්ත
කලු මිනිස්සු හත් දෙනා
වෙස් ගැලවුනා..
උබල මෙච්චර දෙයක් වෙලත් පෙන්නෙ නැද්ද?
එකවරම ඇසුවා අසරුවො හත් දෙනා
නෑ මොකුත් වෙලා නෑ.. හිතක් පපුවක් නෑති
උබලා වගෙ අපි නෑ
කියලා ලේ සුවදද
දිගෙ අලුත් ෆැන්ටසිය හොයාගෙන අන්ධ මිනිස්සු ගියා
රතුපාට ඇදගත්ත.. සුදු වෙස්මුන දාගත්ත
කලු මිනිස්සු හත් දෙනා
කෑලි වල බෙදන ඉරේ කෑලි එකතු කරන්නව තම
Comments
Post a Comment