Skip to main content

ෆැසිස්ට්වාදි ආර්ථික විද්‍යාව




ෆැසිස්ට්වාදි  කිවාම අපිට මතක් වෙන්නෙ කවුද? ඇඩොල්ෆ් හිටලර් සහ බෙනිටො මුසොලනි අමතක වෙවි කියල හිතන අමාරුයි.. ඉතින් මෙ කියන්න යන්නෙ ඒ දෙන්නා ගැන නම් නෙවෙයි..

අහලා තියෙන්නවද ෆැසිස්ටවාදි අර්ත ක්‍රමය ගැන.. මෙ අන්න එකෙ ගැන පොඩිම පොඩි විස්තර ටිකක.. සරලව..

ෆැසිස්ටවාදි ආර්ථික විද්‍යාව කියල කියනෙ සරලව ෆැසිස්ට්වාදි රජයක් විසින් ක්‍රියාත්මක කරන ලද ආර්ථික ප්‍රතිපත්ති වලට..ඉතින් මෙ ෆැසිස්ට්වාදි කියන සන්කල්පය ලොකේට එන්නෙ 20 සියවසය ආරම්භයේදි.. යුරොපයෙ ඇතැම් ප්‍රදේශවල සහ සමහර අයට අනුව ලතින් ඇමරිකාවෙ පැවති දැඩි දේශාභිමානි හැසිරිම සහ ජාතිවදි,ආධිපත්‍ය හදුන්වන්න තමා මෙ ෆැසිස්ට්වාදය කියන සන්කලපය බිහි වෙන්නෙ..

ඉතින් මෙකි ෆැසිස්ට්වාදයට පිලිගත්ත වු නිශ්චිතම නිර්වචනය නෑ.. ඒ වගෙම ෆැසිස්ට්වාදය වර්තමානයෙ ප්‍රශන්සාත්මක පදයක් ලෙස දේශපාලන විද්වතුන් භාවිතා කරනෙ නෑ.. මම හිතනෙ මෙ ෆැසිස්ට්වාදයා කරපින්නගෙන හිටලර් කරපු විනාශය නිසා වෙන්න ඇති.. ඉතින් මෙකි ෆැසිස්ට්වාදි චින්තනයේ දි ආර්ථීක ගැටලු පිලිබදව කලාතුරකින් සලකනු ලබන්නෙ..ඒ කියනෙ ලොකුවට එව හිතන්නෙ නෑ.. ඊට අමතරව එමගින් ෆැසිස්ටවාදය ආර්ථීක විද්‍යාවෙ ඔනෑම අධ්‍යනයකට සාපෙක්ශව බධා කරන්නව..

කොහොම වුනත් වෙනත් අර්ත ක්‍රමවලින් වෙන් කරගත ,හදුනාගත හැකි එහෙමත් නැතිනම් ෆැසිස්ට්වාදි ජාතින් වෙන් කරන ලක්ශන සහිත ෆැසිස්ටවාදි ආර්ථීකයක් පවතින බවට ඇතම් විද්වතුන් තර්ක කරන්න අතර තවත් පිරිසක් කියන්නෙ සමහර සමානකම් පැවතුනත් ෆැසිස්ටවාදය ආර්ථීක සන්විධානයක් සතු වු විශේස ලක්ශන,ආකර නොමැති බවයි.. නමුත් තවත් කිහිප දෙනෙකු, නූතන සුභසාධන තත්වයන් තුල, පුළුල්වන එක්සත් ජනපදයේ බලය පදනම් වූ බහු ජාතික ධනවාදය තුල, රජය හා පෞද්ගලික ව්‍යවසාය අතර නව සමායතන සම්බන්ධතාවය තුල, හා සමාජ ප්‍රජාතන්ත්රවාදී ආර්ථීක ප්රතිපත්ති තුල, පැසිස්ට්වාදී ආර්ථීක ප්‍රතිපත්තිවල ප්‍රතිරාවයන් පවතිනව යැයි තර්ක කරන්නව.

ඉතින් පැසිස්ට්වාදී ආර්ථීක යක පොදු ලක්ශන මොනවද?

පලමු ෆැසිස්ට්වාදින් සන්චලනය වෙන්නෙ පලමු ලොක යුද්ධය අවසාන කාල වකවානුවෙ..

මෙකි ෆැසිස්ට්වාදින් ජාතික පුනරුප්පත්තියක් පොරොන්දු වු අතර (හරියට හිටලර් තම දේශානා වලින් තම ජාතිය ගැන කිව්වෙ කතා දන්නවනෙ.. ) ,සමාජය හා සන්කෘතිය පරිහානිය ඇති කිරිම පිලිබදව මෙ ෆැසිස්ට්වාදින් ලිබරල්වාදයට හා සමාජවාද්යට හා භෞතිකවාදයට දෝෂාරෝපණය ඉල්ල කලා.. ඒ වාගෙම මෙකි ෆැසිස්ට්වාදින් සාම්ප්‍රදායික හා ගතානුගතික වටිනාකම් වලට ආපසු ගමන් කිරිමට පක්ෂග්‍රහි වු අතර ඒ සදහ නව දේශපාලන ක්‍රමයක් තුලින් එයට ලගා විමට ඔහුන් යොජනා කරා..

තවද මෙ ෆැසිස්ට්වාදින් ජාතියක, සංස්කෘතික හා අධ්‍යාත්මික නව පිබිදිමක් ඇති වු විටක සමෘද්ධිය ස්වාභාවිකවම ඒ එක්ක ඒ පසුපස පැමිනෙන බව දැඩි ලෙස කැපි පෙනෙන ලෙස විශ්වාස කල අතර එහි ප්‍රතිඵලයක් ලෙස ආර්ථීකය වැඩි වැදගත්කමක් නැති දෙයක් විදියටත් , පැසිස්ට්වාදීන් සැලකූ අතර ඔවුන්ට පැහැදිලි,නිශ්චිත ආර්ථික දර්ශනයක් ද තිබුනෙ නැත. ..ඒ වාගෙම ෆැසිස්ට්වාදි පක්ශ වල විවිධ සාමාජිකයන් ඔහුන් සහාය දක්වන ආර්ථික ප්‍රතිපත්ති පිලිබදව නිරතුරුව ජාතිවාදි ප්‍රකාශ කල හැකි වුන අතරම බලයේ සිටියදි ඔහුන් වඩාත් සුදුසු යැයි ඔහුන් විශ්වාස කල ආර්ථික වැඩසටහන් තොරා ගනු ලැබිනි. බොහො කාලයක් ෆැසිස්ට්වාදි පාලනයක් මගින් කාලයෙන් කාලයට ඔහුන්ගේ ආර්ථික ප්‍රතිපත්ති වල ප්‍රබල වෙනස්කම කරන ලදි.. (ඉතාලියේ බෙනිටො මුසොලනි මෙයට හොදම උදාහරණයක් )

තවද මොහුනට ඔහුන්ගෙ ආර්ථික තිරණ හැඩගස්සවන දේශපාලන ද‍ර්ශන ගනණාවක් ඇත.. පලමුවැන්න විදියට සමාජවාදයට හා ලිබරල් ධනවාදයට එරහි මුලික ෆැසිස්ට්වාදි විරොධතාවයයි.. ආර්ථික විද්‍යා විශය තුල ඔහුනගෙ අදහස් ක්‍රියාත්මක කිරිම ''තුන්වන මාර්ගයක් '' නිරූපණය කරන බවට පැසිස්ට්වාදීන් තර්ක කල අතර, ඔවුන් සංස්ථාගතවීමට හා පංති සහයෝගීතාවයට පක්ෂපාතී වුනත් විශමතාවයන් හා වෙනස් සමාජ පන්ති පැවතිම වාසිදායක් විය හැකි යැයි විශ්වාස කල අතර.. (මෙය මුලිකවම සමාජවාදයට පටහැනි ) නමුත් මෙම පන්ති අතර සම්බන්ධතාවලට මැදිහත් විමෙ කාර්යට රජය දායක විය යුතු බවට ෆැසිස්ට්වාදින් තර්ක කරන ලදි.. (මෙය ලිබරල් ධනවාදින්ගෙ දර්ශනයට පටහැනි විය )

නමුත් මෙකි ෆැසිස්ට්වාදින් විසින් නිදහස් වෙලදපොල ධනවාදි හො කොමියුනිස්ට්වාදි නොවන යතාර්තවාදි ආර්ථික විකල්පයක් සපයන ලදි.. එනම් ෆැසිස්ට්වාදි ආර්ථිකවල ආවෙණික ලක්ශනය වුයෙ එම ආර්ථික පාලනය කල හැකිවිමයි. එනම් රජය විසින් ප්‍රබලව සෘජු බලපෑමක් සිදු කරන්න ලබන අතර සහ සම්පත් ,නිශ්පාදිත බෙදාහැරිම ඵලදායීව කලමනකරණය කල ආර්ථිකයක් වීමයි.

සමහර කර්මාන්ත ජනසතු කිරිමට අමතරව, පැසිස්ට් ආර්ථිකය තුල පෞද්ගලික දේපල හා පෞද්ගලික මූලාරම්භ මත පදනම් වූ නමුත් රජයට කරන සේවය මත මේවාගෙ පැවත්ම සහ ස්වරුපය අවිනිශ්චිතවිය.

මානව සම්බන්ධතා සමාජවාදි දෘශ්ටි කොනය සහිත වුවත් මොහුනගෙ අරමුන වුයෙ ප්‍රබලයාට අනුබලදිමත් හා දුබලයා ඉවත් කිරිමය. ආර්ථීක භාවිතය අතින් මෙහි අදහස වුයේ වෘතිය සමිති සහ වැඩකරන පන්තියෙ වෙනත් ආයතන විනාශ කරමින් සාර්තක ව්‍යාපාරිකයන්ගෙ උනන්දුව වැඩි කිරිමය. සංස්ථාපිත බලය ආරක්ෂා කිරීම පැසිස්ට්වාදයේ අවශ්‍යම කොටසක් බව ලෝරන්ස් බ්රිට් යෝජනා කරයි.

‘පෞද්ගලික අංශයට වගකියන බදු ගෙවන්නන්, පැසිස්ට්වාදය මගින් ඇති කරයි’ යනුවෙන් ඉතිහාසඥ ගටෙනෝ සල්වෙමිනි, 1936 දි තර්ක කරන ලදී. මන්ද, රජය පෞද්ගලික ව්‍යවසායහි අත්වැරදිම්වලට ගෙවනු ලබන අතර, ලාභය පෞද්ගලික අංශ හා පුද්ගලයන් ලබන අතර ද , පාඩු පොදු හා සමාජමය වෙ.

තවද මෙකි ෆැසිස්ට්වාදින් දැඩි හමුදාමය පාලනයක් පවත්වාගෙන ගිය අතර එකි හේතුව නිසා නිරතුරුව යුධ වියදම් කැපී පෙනෙන ලෙස වැඩි කල අතර එමගින් ඔහුනගේ ආර්ථික සංවර්ධනය සදහා ප්‍රධානතම හේතුව ලෙස ශක්තිමත් හමුදාවක් ආධාරයෙන් ,ශක්තිමත් ආර්ථිකයක් ඇති කිරිම ඔහුන් බලාපොරොත්තු විය.

තවද පෞද්ගලික ලාභ සෙවිම ෆැසිස්ට්වාදි රජයන් විසින් ධෛර්යමත් කල අතරම විශාල ව්‍යාපාර වලට ප්‍රතිලාභ පිරිනැමිමට කටයුතු කලන ලදි. අනෙක් අතට සියලුම ආර්ථික ක්‍රියාකාරකම් ජාතියෙ යහපතට කල යුතු යැයි නියමයන් ද පණවන ලදි. බොහො සිදුවිම් වලදි විදේශ වෙලදාම සම්පුර්ණයෙන්ම තහනම් කිරිම හො අධෛර්යමත් කිරිම මෙයින් අදහස් කල අතර,අනවශ්‍ය ලෙස ජාත්‍යන්තර වෙලදමෙ නිරත විම මගින් සිය ජාතික ආර්ථිකය ,ජාත්‍යන්තර ප්‍රාග්ධනය මත යැපෙන තත්වයකට පත්වන බව ෆැසිස්ට්වාදින් විශ්වාස කලහ. තවද මෙකි කරුණ නිසාවෙන් ජාත්‍යන්තරයට සම්බාධක පැනවිමට කටයුතු කලහ.

අවසාන වශයෙන් සමෘද්ධිය(autarky) ලෙස හැඳින්වූ ආර්ථීක ස්වයං පෝෂණය, බොහෝ පැසිස්ට් රජයන්ගේ මුලිකම අරමුණක් ද විය.

(මෙ ඉතාම  සරලව පැහැදිලි කිරිමක්.. ☺ තව විස්තරාත්මක ලිපියක් බලාපොරොත්තුවන්න )

Comments

Popular posts from this blog

ගොත් උපසංස්කෘතිය පිලිබදව හැදින්විමක්

ගොත් යනු උමතුව,මරණය,රාත්‍රියෙ අන්ධකාරය,යක්ශයින්, සුර දුතයන් ආදි දෙවල් වලින් සැදුණු මධ්‍යතන යුගයෙ ගොතික් සම්ප්‍රදය ඉදිරියට ගෙන ගිය අපුරු වු උප සංකෘතියක් ලෙස නම් කල හැකිය.නමුත් ගොත් උපසංකෘතිය  ඇති වි දශක තුනක් පමන පසුව වර්තමානයෙ ලොකයෙ ගොත් තරුණ කණ්ඩායම් පෙර මෙන් සුලභ නැත.එසෙ විමට  හෙතුව විලාසිතවක් ලෙස පමණක් ගොත් කරණයට ලක් වු පිරිස් තරුණ විය ඉක්මවු පසුව ගොත් විලාසිතාවෙන් ඉවත් විමයි. රොක් සංගිතය  හා මත්ද්‍රව්‍ය,''හිපි'' සහ ඊට පසු ආ ''පන්ක්'' තරමට නොවුවද ගොත් දිවියට බැදි පවති.බාහිර පෙනුම සුවිශෙස වුයෙ අදුරු සහ මරණය නිරුපනය වෙන වර්ණ වලින් ඔහුන්ගෙ පෙනුම සකසා ගැනිමට භාවිත විමයි.කලු හො ඊට අනුයුක්ත වර්ණයෙන් සැරසි රිදි පැහැති ආයිත්තම් පලදින මොහුන් බොහොවිට මුහුණෙ විවිධ තැන් සිදුරු කර ලෝහමය ආභරණ එල්ලිම සිදු කරයි.සාමාන්‍ය ගොත් විලාසිතා ලෙස කලු හො සුදු පැහැ හිස කෙස්,කලු හො රතු පැහැ තොල් ,කලු හො රතු හො සුදු පැහැති ඇදුම් දැක්විය හැකිය.නමුත් එකි තත්වය සයිබර් ගොත් වැනි ගොත් ප්‍රභෙද වලට වලංගු නොවෙයි.මෙම විලාසිතා බොහොමයක් පන්ක්,වික්ටොරියන් ,එලිසබෙත් විලාසිතා වලින් ල...

ඉලෙක්ට්‍රා සංකීර්ණය

දුව සහ මව අතර මනෝලිංගික ගැටුම සඳහා යොදන මනෝවිශ්ලේෂණවාදී පදයක් ලෙස ඉලෙක්ට්‍රා සංකීර්ණය නම් කල හැකිය.එය බිඳී එන්නේ ග්‍රීක ජාතික  සොෆොක්ලීස්ගේ ඉලෙක්ට්‍රා නාට්‍යයයේ එන චරිතයක් වන ඉලෙක්ට්‍රා වෙතිනි. එම නාට්‍යට අනුව අගමෙම්නොන් රජු ට්‍රොජන්  යුද්ධය ජය ගෙන, සිය රටට ජයග්‍රාහීව පැමිණි විට ඔහුගේම භාර්යාව වන ක්‌ලයිටමෙනස්‌ට්‍රා අතින් මරණය පත් වෙයි. මෙයින් කෝපයට පත් වු ඉලෙක්ට්‍රා තම පියා වූ ඇගමෙම්නන්ව ඝාතනය කිරීම නිසා ඇයගේ මව වන ක්ලිටෙමෙස්ට්‍රා සහ සුළු පියා වන එජිස්තස්ට එරෙහිව යමින් තම සොහොයුරා වන ඔරෙස්ටීස් සමග මව ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කරයි. තමන්ගේ ස්ව ලිංගික අනන්‍යතාවයක් ගොඩනැගිමේදි දැරියකගේ තීරණාත්මක මනෝලිංගික අත්දැකීම වනුයේ ඉලෙක්ට්‍රා සංකීර්ණය යි.එනම් පියාගේ ස්වාමිත්වය සඳහා දුව හා මව අතර ඇති තරගය යි. එය ලිංගරූප අවධියේ දී (අවුරුදු 3–6), දරුවන් තම ශරීර පිළිබඳව, අනෙක් ළමයින්ගේ ශරීර පිළිබඳව, සහ දෙමව්පියන්ගේ ශරීර පිළිබඳව අවබෝධය ලබාගන්නා කාලයේ දී සිදුවේ. එහිදී ඔවුන් තම ශාරීරික කුතුහලය පිනවීමට නිරුවත් වෙමින් තම ජනනේන්ද්‍රියන් විපරම් කරයි; එයින් ගැහැණු හා පිරිමි අතර, "ගැහැණු ළමයා" සහ ...

විවාහය සහ විවාහය තුල ස්ත්‍රී දුෂණයක් විය හැකිද

විවාහය සහ විවාහය තුල ස්ත්‍රී දුෂණයක් විය හැකිද ? මිනිසාගෙ ලිංගික ජිවිත‍ය පාලනය කිරිම,එය විධිමත් කිරිම, ස්ථාපනය කිරිම උදෙසා මානව සමාජයේ විවාහය නම් සංකල්පය නිර්මාණය විය.සමාජ, සංස්කෘතික,ආගමික හා ආර්ථික පදනම් මත විවාහයන් සිදු වේ.විවාහය යන්න නිර්වචනය කිරිම පහසු කාර්යයක් නොවෙ. එයට හේතුව වන්නෙ එය ඉතා සංකිර්ණ මිනිස් සබඳතාවක් වන බැවින් එයට නිශ්චිත තනි නිර්වචනයක් සැපයිම ප්‍රායෝගිකව අපහසුය.නමුත් ලොකය පුරා විවිධ පුද්ගලයන් විවාහය යන්න නිර්වචනය කර ඇති අතර ඉන් කිහිපයක් මේසේ දැක්විය හැක. "එක් ස්ත්‍රියක් එක් පුරුෂයෙක් හො පුරුෂයන් එක් අයකුට වඩා වැඩි ගණනක් සමග ලිංගික සම්බන්ධතා ගොඩනැගිම තුලින් සමාජය පිලිගත් දරුවන් ලබාගැනිම විවාහය වේ. " -  කැතලින් ගොෆ් " පුරුෂයන් එක් අයකු හෝ වැඩි ගණනාවක් , ස්ත්‍රින් එක් අයකු හෝ වැඩි ගණනාවක් පවතින සමාජය අනුමත් කරන ආකාරයේ ලිංගික සම්බන්ධතා පවත්වා එයින් නෛතික හිමිකම්ක් සහිත දරුවන් බිහිකිරීම විවාහයයි" -  E.A. Westermarch/ History of Human marriage (1901) ඉහත් නිර්වචනයන් සැලකිමේදි විවාහය යන්න තුල මුලික කරුණක් ලෙස ලිංගික සම්බන්ධතාවය හදුනාගත හැකිය....