Skip to main content

La llorona මිත්‍යා පුරාවෘත්තය




La Llorona  කියන්නෙ මෙක්සිකානු  මිත්‍යා පුරාවෘත්තයකි.මෙක්සිකානු භාශාවෙන් La Llorona යන්න වැලපෙන කාන්තාව ලෙස අරුත් දෙන්නකි.මෙ මිත්‍යා පුරාවෘත්තයට මේසෙය

මෙක්සිකෝවේ ඉතා දුෂ්කර ගමක මාරියා නම් රූමත් තරුණියක් වාසය කලා.ඇයගේ රූමත් බව කොතරම්ද කිවහොත් ඇය දුටු ඔනිම අයකු ඇය කෙරෙහි ආදරයෙන් බැදෙන්නට විය.අවට කිසිම ගමක ඇය තරම් රූමත් ස්ත්‍රීයක් නොවිය.නමුත් ඇය දුප්පත් පවුලකින් පැවත එන අහිංසක කාන්තාවක් විය.කාලය කෙමෙන් ගෙවි යද්දි එක්තරා දවසක් ධනවත් වංශවත් පවුලක තරුණයෙක් මාරියා විසු ගමට පැමිනියේය. එහිදි ඔහු මාරියාව දැක ඇයගේ සුන්දරත්වය ට ඇලුම් කරන්නට විය. මාරියාගෙ සිතහි මෙම වංශවත් තරුණයා කෙරෙහි ආදරයක් ඇති විය.ඉතින් මේ නිසාම වංශවත් තරුණයා තව දුරටත් නොපැකිලිව මාරියා හට තමා සමග විවාව විමට යෝජනාවක් ඉදිරිපත් කලා.මාරියාද ඉතා ඉක්මනින් එම යෝජනාව පිලිගත් අතර ඔහුන් විවාහ විය.

නමුත් මාරියාගේ දුප්පත් දෙමාපියන් මේ විවාහය ගැන සැකයෙන් පසුවිය. වංශවත් තරුණයා ගේ පවුලද මේ විවාහය බලාපොරොත්තු නොවු විවාහයක් බැවින් කලකිරිමෙන් පසුවිය. කේසෙ නමුත් මාරියා හා වංශවත් තරුණයා විවාහ වි මාරියාගෙ ගම අසල නිවහනක් තනාගෙන සතුටින් වාසය කලා.. මේ අතර මාරියා නිවුන් දරුවන් දෙදෙනෙක් බිහි කලා.එක් ලමයෙක් ගැහැණු ද අනිකා පිරිමි ලමයෙක්ද විය.


වංශවත් තරුණයා නිතරම රට පුරා සංචාරය කරමින් කාලය ගත කල අතර ඉද හිට ගෙදර පැමිනියද මාරියා සමග කතා නොකර දරුවන් සුරතල් කරමින් කාලය ගෙවිය.මාරියා තුල තරුණයාගෙ මේ වෙනස පිලිබදව සැකයෙන් පසු වු නමුත් ඇය කිසිවක් නොකියා ඇයට ආදරය කලාය.කාලය කෙමින් ගෙවි ගියේ.


එක් දවසක් වංශවත් තරුණයා සංචාරය කිරිමට  ගොස් නැවත් ගෙදර පැමිණියේ නැත.දින,සති,මාස,අවුරුදු ගානන් පසු වුවද ඔහු පැමිණියේ නැත.මාරියා දරුවන් දෙදෙනා සමග තනි විය.නමුත් එක්තරා අහඹු දවසක මාරියාගෙ ගම්මානයට ගම් කිහිපයක් එහායින්  මාරියාට ඔහුගේ ආදරණිය තරුණයාව දැක ගන්න ලැබෙන්නව...නමුත් ඔහු සිටියේ තනිව නොවෙයි.තවත් සුරූපී ලාබල තරුණියක් සමගය.මාරියා කලබල විය. ඇය අසිහියෙන් යුතුව තම දරුවන් දෙදෙනා  මෙක්සිකන් ගගට තල්ලු කලාය.ඇය පියවි සිහියට එනවිට පමා වැඩි විය.දරුවන් දෙදෙනා ගගේ පාවෙමින් තිබෙන බව දුටු මාරියා හඩමින් ඇයද ගගට පැන සියදිවි නසාගත්තාය.


නමුත් ඇයගේ ආත්මය තවමත් ගග අසබඩ අඩමින් ඇයගේ දරුවන් සොයමින් සැරිසරන බව මෙක්සිකානුවන් විස්වාස කරයි.බොහො මෙක්සිකානු සහ ගෝතමාලා දෙමාපියන් තම දරුවන් රෑ ගමන් කිරිම වැලක්විමට මේම කතාව අදද පවසයි..රෑ තනිව ගමන් කරන දරුවන් කෙරෙහි මාරියාගේ ආත්මය නැතිනම් La llorona හෙවත් වැලපෙන කාන්තාවක් අවදානය යොමු වන අතර ඇය එම තනිවන දරුවන් සලකන්නෙ ඇයගේ දරුවන් ලෙසය. යම් පිරිස් පවසන පරිදි ඇය එම දරුවන්ගෙන් සමාව ඉල්ලමින් වැලපෙන අතර අවසානයේ ඇය ඔහුන්වද ගගට තල්ලු කරමින් ඇයගේ තුරුලට ගනි.

ඉතින් මේ මිත්‍යා පුරාවෘත්තය පදනම් කරගනිමින් චිත්‍රපට කිහිපයක් නිර්මාණය වි ඇති අතර ඒ තරින් 2003 දි තිරගත් වුන Mama ඉතා ජනප්‍රිය වුවකි.ඊලග අවුරුද්දේ එනම් 2019 ද The Curse of La llorona නමින් චිත්‍රපටයක් නිකුත්විමට නියමිතය.මෙම මිත්‍යා පුරාවෘත්තය පදනම් කරගෙන නිර්මාණ කල චිත්‍රපට මේසෙය.

                     The Cry (2007 film)

                            Mama (2013)


                   La Llorona (1960 film)


       The Curse of the Crying Woman (1961)


              The Curse of La Llorona (2019)


Comments

Popular posts from this blog

ඉලෙක්ට්‍රා සංකීර්ණය

දුව සහ මව අතර මනෝලිංගික ගැටුම සඳහා යොදන මනෝවිශ්ලේෂණවාදී පදයක් ලෙස ඉලෙක්ට්‍රා සංකීර්ණය නම් කල හැකිය.එය බිඳී එන්නේ ග්‍රීක ජාතික  සොෆොක්ලීස්ගේ ඉලෙක්ට්‍රා නාට්‍යයයේ එන චරිතයක් වන ඉලෙක්ට්‍රා වෙතිනි. එම නාට්‍යට අනුව අගමෙම්නොන් රජු ට්‍රොජන්  යුද්ධය ජය ගෙන, සිය රටට ජයග්‍රාහීව පැමිණි විට ඔහුගේම භාර්යාව වන ක්‌ලයිටමෙනස්‌ට්‍රා අතින් මරණය පත් වෙයි. මෙයින් කෝපයට පත් වු ඉලෙක්ට්‍රා තම පියා වූ ඇගමෙම්නන්ව ඝාතනය කිරීම නිසා ඇයගේ මව වන ක්ලිටෙමෙස්ට්‍රා සහ සුළු පියා වන එජිස්තස්ට එරෙහිව යමින් තම සොහොයුරා වන ඔරෙස්ටීස් සමග මව ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කරයි. තමන්ගේ ස්ව ලිංගික අනන්‍යතාවයක් ගොඩනැගිමේදි දැරියකගේ තීරණාත්මක මනෝලිංගික අත්දැකීම වනුයේ ඉලෙක්ට්‍රා සංකීර්ණය යි.එනම් පියාගේ ස්වාමිත්වය සඳහා දුව හා මව අතර ඇති තරගය යි. එය ලිංගරූප අවධියේ දී (අවුරුදු 3–6), දරුවන් තම ශරීර පිළිබඳව, අනෙක් ළමයින්ගේ ශරීර පිළිබඳව, සහ දෙමව්පියන්ගේ ශරීර පිළිබඳව අවබෝධය ලබාගන්නා කාලයේ දී සිදුවේ. එහිදී ඔවුන් තම ශාරීරික කුතුහලය පිනවීමට නිරුවත් වෙමින් තම ජනනේන්ද්‍රියන් විපරම් කරයි; එයින් ගැහැණු හා පිරිමි අතර, "ගැහැණු ළමයා" සහ "…

බාමියන් බුදු පිලිම විනාශ කිරිමට උදව් කරන්න වුන ඔහු කියන්න කතාව

2001 දී මොහොමඩ් ඔමාර් නම් තලේබාන් නායකයාගෙ අණ මත බාමියන් බුදු පිලිම විනාස කිරිමට සෙයිඩ් මිර්සා හොසෙයින්ට සිදු විය. වසර 15 පසු බිබිසි හමුවේ එම  අමිහිරි සිදු විම ඔහු මෙසෙ පවසා ඇත.

" මම කවදාවත් හිතුවෙ නෑ ඔවුන්ට ඒක  විනාශ කරන්න ඕනිවෙයි  කියලා. බාමියන් බුදු පිලිම තුනක් තිබුනා.මෙහෙ මිනිසුන්ට එය ගොඩාක් වටිනවා ..සංචාරකයන් මෙහෙ එන්නෙ ඒක බලන්න. බාමියන් පිළිම අපේ අභිමානවත් සම්පතක්. මම සාමාන්‍ය ගොවියෙක් වෙලා හිටියෙ. මම ජිවත්වෙලා හිටියෙ මෙහෙ තියෙන්න ලෙන් වල.  බාමියන්ව  අල්ලගන්න ඔහුන් එන්නවා කියලා ආරංචියක් ආවා.ඔවුන් ඇවිත් මාව හිරකාරයෙක් කරගත්තා. ඔවුන්ට තවත්  සියයක් විතර හිරකාරයො හිටියා.
ඔවුන් කරපු පලමු දේ බර අවි වලින් බුදුන් ඉදිරිපිට ප්‍රහාර එල්ල කිරීමයි. ඔවුන් උත්සාහ කරා යුධ ටැංකි සහ රොකට් වලින්. නමුත් ඔවුන්ට එය විනාශ  කරන්න බැරි වුනා. ඉන්පසුව ඔවුන් පුපුරණ ද්‍රව්‍ය අරගෙන ආවා.
අපි පුපුරණ ද්‍රව්‍ය ඉවත්කරගෙන ,පිලිම වලට සවි කරන්න අරගෙන ගියා. අපිට පුලුවන් කමක් තිබුන් නෑ කියන්න අපි බුදුන් පුපුරවන්නෙ නෑ කියලා. එහෙම කලා නම් ඔවුන් අපිව මරා දානවා. තලේබාන් සටන්කාමීන් තුවක්කු එක්ක හිටගෙන ලෑස්ති වෙලා හිට…