Skip to main content

Posts

ආදරණිය ගෝර්කි සහොදරයාට ,

අද වැනි දිනක  රුසියාවෙ වොල්ගා ගග අසල ඇති නිෂ්නි නොව්ගොරොද්  ප්‍රදේශය උපන් ඇලෙක්සි මැක්සිමොවිච් පෙෂ්කොව් හෙවත් මැක්සිම් ගෝර්කි වෙත, ආදරණිය ගෝර්කි, වොල්ගා ගග තාම නුබෙ ගැන කතා කියනවා ඒත් එවා අහන් ඉන්න උන් අද නෑ..ඔව් අද නෑ අනිකාට ගරුකරන ,අනිකා ගැන හිතන මිනිස් සමාජ වෙනුවෙන් නුබ ගොඩාක් දේවල් නුබේ ලස්සන අකුරෙන් ලිව්ව දේවල්...මැකිලා ගිහින්දෝ සැකයි මට. නුබ මතකයක් වේලා යන්න ගියා උතෝපියාවත් බිද වැටුනා... නුබ ලිව්ව...සිහින දැක්ක දේ වෙනුවෙන් තම අපේ උන් කොටසක් සටන් කරන්නවා ගෝර්කි සහොදරයා , නුබත් වන්දි පට්ටම ගන්න පාලකයන් ගැන ලිව්ව නම් අද උබ අමතක නෑ ලොකේ හැමොටම පීඩිතයන් වෙනුවෙන් උබ දැක්ක,පිලිගත්ත ,සත්‍ය නුබ ලිවා ඒ සත්‍ය ඇස් පනා පිට අදත් වෙන්නවා.. ගෝර්කි සහොදරයා නුබේ පොත් ,නුබ ගැන අපේ කාලේ උන් දන්නේ නෑ නමුත් නුබ අමරණිය කරපු අම්මාව අපි මැයි දිනයට  විකුණ විකුණ කන්නවා ... මට මතක් වුනේ නුබ වරක් කිව්වා මෙහෙම "...මිනිසා එකිනෙකාට ගරු කරන දවස එළඹෙයි..එදාට සෑම මිනිසෙකුම තරු මෙන් දිලිසෙන බව මම දනිමි..සිය නිදහස පෙරටු කොට,විවෘත හදවත් ඇතිව,කෝපයෙන් තොරව,පිරිසිදු හද...
ප්ලේටො ගේ ලෙන් උපමාව ගුහාවක නැතහොත් ලෙනක් උපමා කරමින් සත්‍යය අවබොදය ගැන විස්තර කිරිමට ප්ලේටො යොදගත් එක් උපමාවක් ලෙස ලෙන් උපමාවා හැදින්විය හැක. ඒ උපමාවට අනුව දිලිදු පිරිසක් ගුහාවක සිරගත කරනු ලැබුවන්ට සමාන වෙති.මේ සිරකරුවන් බිත්තියට මුහුනලා දම්වැල් වලින්,යදම් වලින් බැද ඇත.එම නිස ඔහුන්ට දැකින්නට ලැබෙන්නේ ගුහාවෙ එක් පැත්තක් පමනි.තමන් හො තමන් සමග සිටින අන් අයවද දැකිමට නොහැකිය.ඔහුන්ට පෙන්නෙන එකම දෙය වන්නෙ බිත්තිය වැටෙන්න සෙවනැල්ල පමනි.ඔහුන් පිටුපසින් ගින්නකි.ඔහුන් සහ බිත්තිය අතර කිසිවක් නොමැත.එම නිස පෙනෙන්නේ ගින්නෙ ආලොකය නිසා බිත්තියට වැටෙන ඔහුන්ගේම හා ඔහුන්ට පිටුපසින් ඇති දෑ වල සෙවනැල්ලක් පමනි.සෙවනැලි ඇත්ත/තථ්‍ය වු දෙයක් ලෙස ඔහුන් එම නිසා සලකයි.එවාට හෙතු වු වස්තුන් පිලිබද්ව ඔහුන්ට හැගිමක් නැත. එනම් සෙවනැලි ඇති වු ගින්න පිලිබදව ඔහුනට කිසිදු හැගිමක් නැත. මෙම සිරකරුවන් අතරින් එක් සිරකරුවෙක් දම්වැල් වලින් මිදි ගුහාවෙන් එලියටපැමිනෙන අතර එහිදි ඔහු ඇත්ත දකියි.එසෙම තම මෙතෙක් කාලයක් රැවටි සිටි බව අවබොද කරගනි. ඔහු අන් අය ගැන සිත අයෙක් නම්, ආරක්ශකයෙක් විමට සුදුසු අයෙක් නම්,එවැනි දාර්ශනික...

හුදකලා සිතුවිලි

කදූලු කැට ගලා හැලෙයි ජිවිතය කාලය නම් මෘදු වූ රළු වූ පෝලෝ තලය මත වේගයෙන් දුවයි ඉද හිද හමනා සුලං දෙනෙත් වසා දමයි සුසුමන් දෙතොල් ස්පර්ශ කර හැගුමන් චිත්‍රරූපණය කරවි කදුලූ කැට ගලා හැලෙයි දෙනෙත් පියන් විවර වී ඈත අහසේ සැරිසරවි ඒත් පුංචි සිත අපුරු දේ කියමින් අපුරු දේ සිතමින් මා හා සිනාසෙවි කාලය හරහා දිව ගිය ජිවිතයට ආපසු හැරි තනි වුන මතකයන් තුල නැවත රැගුම් පාන්නෙ කෙලෙසදැයි සිතමින්,ඒ බොලද හිත තාම හින දකිනවා ඒ තුලම මැරි මැරි උපදිනවා
දැකලා තියෙන්වද පුලුන් වාගේ වාලාකුලු, ඔව් ලස්සනට නිල් අහසේ හැම තැනම විසිරුනු සුදු පාට පුලුන් වාගේ  වලාකුලු කාලයක් මම ඒ සුදු පාට පුලුන් වාගේ  වලාකුලු අල්ලන හින දැක්කා .. හරිම ආසවෙන්.....හැමදාම ඉතින් මට වලාකුලු අල්ලන පුලුවන් උනා ගැව්න්න නොගැවෙන්න අල්ලන ඔන්න මෙන්න තිබ්බේ මම වැටුනා... මට ගොඩක් දුක හිතුනා...ඇස් රතුවෙන්න කන් කඩුලු වෙලෙන්න දුන්නා දැන් මම අඩන්නෙ නෑ... මගේ ඇතුලේ ඉන්න මගේ විරයා මන් හොයාගත්තා මමම... ඉතින් මම අයේ වලාකුලු අල්ලන්න එපාද මම අයේ වැටෙවි කියලා නිකන් ඉන්න්ද විරයා තම මට එක කියකන් ඉන්නවද

මම දුටුවා දිව්‍යලෝකය, මම දුටුවා අපාය,

අහසේ වලාකුලු අතරින් සෙව්වෙමි .... දිව්‍යලෝකයක් මහ පොලවේ ගැඹුරුම තැනින් සෙව්වෙමි අපායක් ජිවිත කලේම හෙව්වා ,හමුනොවිය... නමුත් අවසනයේ...ඔව් අන්තිම අන්තිම මොහොතේ මගේ ඇස් පියවෙන්න මොහොතකට පෙර මම දුටුවා දිව්‍යලෝකය.................... මම දුටුවා අපාය........................ දෙවියන් වහන්සේ හරි ...ශාස්තුවරුන් හරි ... මම මරණය සිපගෙන ,විනිවිද ගොස් දිව්‍යලෝකයට ,අපායට යාවි ආපසු .......මා ... කියලා මට විශ්වසය  ඇති වුනා .. මොකද මම මෙච්චර කල් හෙව්වට මට අමතක වුනා .. හොයන්න මහ පොලව මත ඔව් මම දැන් දන්නවා අපායෙ දොරටුව,දිව්‍යලෝකයේ දොරටුව තියෙන්නෙ , මහ පොලව ගැබුරෙ නෙවේයි ...එයට උඩින් කියලා අහසේ වලාකුලු වලට පහලින් කියලා ඇස් අරින්න විතරයි ඔනි...එක දකින්න,විදින්න..

මගේ හිතාදර පොදු වස්තුවට ලියමි,

මාගේ හිතාදර  පොදු වස්තුව වෙත ලියමි..... සිහින් දෙතොලින් නුබ කරනා කොලම් ඉග සොලවා නලවමින් ඔබ යනන අයුරු ... ඇසි පිය නොසලා අපි බලා සිටින්නෙමු ... සමහරු නුබ ගැන සිහින මැව්වා මට මතකයි....නුබ ගැන කවි කියවුනා... සිතුවම් නුබෙ නමින්,රුපයෙන් ඇදුනා .. ප්‍රියදරි අද නුබ ... පොදු භාණ්ඩයකි ..අසිමිත ආසවන්.. අසිමිත සැපමකින්  නුබ සපයනවා.. නුබ දන්නවද දන්නෙ නෑ සැපයුම් වැඩි උනාම ඉල්ලුම අඩු වෙන්නව... නුබ දන්නවද දන්නෙ නෑ නුබෙ සියුමලි නිරුවත වසා ඇති සිනිදු සළු ඇත් වෙන්න තුරු සදාචරය ගැන කියන ගොඩක් උන් බලා ඉන්න වග .. නුබ දන්නවද දන්නෙ නෑ නුබ උන් එක්ක ඇති ලෙන්ගතුකම මැජික් කරන ඉන්න වග .. හ්ම්ම් ඔව් නුබට  ඉන්නවා කියන ගොඩක් උන් නුබ දන්නවද දන්නෙ නෑ නුබට සැබවට ආදරේ නොවන වග ... නුබ දන්නවද දන්නෙ නෑ කපුටන් වගේ නුබ  ගැන උන් සොයනවා ... බය වෙන්න එපා .. කපුටන් නුබෙ වටිනාකම රන් කාසි වලින් වෙන්දෙසි කරන්න අහවී ..අහවි සිනාසෙන්න නුබ..ඔව් නුබටම....සමාජයටම ... හිරු දැක පලා යන ඩැකියුලා ...සේ වෙස් මුනුනු  උන්ගෙ ගැලවෙදි සිනාසෙන්න තව හයියෙන්ම .. සදාචරය නම් කැඩපතින් ඔහුන්ට පෙන්ව...

ඇගේ පැතුම

දේවදුතයාගේ, සුභරං‍‍චි‍ය සමගින්......... ‍ඇයගෙ දෙවයෙ.... වේදනවන්  හා විදවිම දෑරිමට සිදුවන බව දෑන ‍දැනත්... ‍ඇගේ කුසින් බිහි වු ..... දෙවියන්ගේ පුත්‍රයා ‍ඇගේ සාදාධරණිය පුත්‍රයා .... නිවස අත‍හැර යන බව දැන ‍දැනත්..... ඔහු පසු පසින් යන මිනිසුන් ඔහුව ප්‍රතික්ශේප කරන අයුරු.................. ඔහුව පාවාදෙන ඔවුගේ මිතුරන්............ ‍ඇය කදූලු අතරින් නොව හදවතින්ම‍ දැක‍ දැකත් ‍ඇය කිවේ ඔබේ පෑතුම ඉටුවේවී....